(ටී.කේ.ජී.කපිල )
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත් අඩංගුවට ගැනීම සදහා සහාය දුන් ඉන්දුනීසියානු පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිස ද , කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් රැගෙන ආ ගුවන් යානයෙන්ම ඊයේ (30) රාත්‍රී පැමිණ තිබූ අතර එහිදී ඔවුන් ගුවන් යානයෙන් බසිත්ම මල් මාළ දමා පිළි ගනිමින් සමරු තිළිණ පිරිනැමීමට ද පියවර ගෙන තිබුණි .
මෙම ඇගැයීම් සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල , පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය , පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ , පොලිස් විශේෂ කාර්යය බළකායේ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ .
මෙම ඇගැයීම් උත්සවය කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා සිදු කිරීමට පියවර ගෙන තිබුණි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අපරාධකරුවන් ඇල්ලූ ඉන්දුනිසියානු පොලීසියට උපහාර
රනේ Sunday, 31 August 2025 03:23 PM
අපේ මහත්වරු ගියේ මෙන්න මේ වැඩේට. නැතුව හොර තක්කඩි ගේනවට නෙමේ.
සෑම් Sunday, 31 August 2025 03:52 PM
අපරාධ කරුවන් අල්ලා ගැනීමට සහාය ලබාදුන් ඉන්දුනීසියානු පොලීසියට සමස්ත ශ්‍රී ලංකික ජනතාවගේ උත්තමාචාරය අපි පිරිනමමු. ඒ වගේම ජනාධිපතිතුමා ඇතුළු මහජන ආරක්ෂක ඇමති, පොලිස්පති, මෙහෙයුමට කෙලින්ම සම්බන්ධවුණු දක්ෂ පොලිස් නිලධාරීන් සියළු දෙනාටත් සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රණාමය මෙයින් පුද කරමු...