
(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේග ආණ්ඩුව කිසිවිටක පැළවෙන මුල්ගල් තියන්නේ නැති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ හම්බන්තොට බඳගිරිය කොලණිය උප තැපැල් කාර්යාල නව ගොඩනැගිල්ල රුපියල් මිලියන 4.23 ක පිරිවැයක් යටතේ ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමෙන් අනතුරුවයි.
වසර 60 කට වඩා පැරණි කඩාවැටුන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වෙනුවට මෙම නවීන පහසුකම් සහිත නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිවීමත් සමග ගොවිජනපද වලින් යුත් තම්මැන්නාව, දිවුලගමුව, පල්ලෙමළල, වැලිගත්ත වැනි අවට ගම්මාන රැසක ජනතාවට පහසුවෙන් නවීන සන්නිවේදන තැපැල් සේවාවන් සළසා ගත හැකි වන බව මෙහිදී අමාත්‍යවරයා කීය.
තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත මේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු දූෂිත දේසපාලුවෝ කෙරුවේ ගල තියලා .ගලේ බලෙන් ගසා කාපු එක. ආසියවේ ආස්චර්ය පෙන්වපු හැටි ගැනත් රටම දන්නවා.
අනිවාර්යෙන්ම. අපි මුල්ගල් තියන්නේ දෙවැනි තට්ටුවේ..
යා යා යා, අතින් වියදන් කරලා නැත්තන් පැලවත්තේ අරමුදලෙන් වියදන් කරලා තමා මේවා හදන්නේ. නැතිව දැන් උද්ඝෝෂණය කරලා ව්‍යාපෘති නවත්තන්න එකෙකුත් නැහැනේ...
අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙනවා විතරයි .