අනුරාධපුර රාජධානියේ පරිහානිය ගැන මහාවංශය වැනි වංශකතාවන්හි එන තොරතුරු නවීන පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් ද තහවුරු වී ඇතැයි එංගලන්තයේ ඩරම් සරසවියේ මාහාචාර්ය රොබින් කනින්හැම් කියයි.
කාල නිර්ණය පිළිබඳ නව තාක්ෂණික විද්‍යා උපකරණ යොදා ගනිමින් අනුරාධපුර රාජධානියේ පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්හි කාලනිර්ණ ප්‍රතිඵල ද පෙන්වාදෙමින් අනුරාධපුර රාජධානිය සම්බන්ධයෙන් ඔහු කොළඹ පුවත්පත් සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.
අනුරාධපුරයෙන් සොයා ගත් පස් ඇතුළු ඉපැරණි සාම්පල කාල නිර්ණය සඳහා ලොව නවීනතම පර්යේෂණ ක්‍රම වලට ලක් කළ බවත්, ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 11 වැනි සියවසේ දී අනුරාධපුර රාජධානියේ පිරිහීම ඇරැඹුණු බවත් ඔහු කියයි. =
එදා අනුරාධපුරයේ වැව් හා ජල මාර්ග රොන් මඩින් පිරී වාරි මාර්ග පද්ධතිය බිඳ වැටී ඇතැයි ද ක්‍රිස්තු පූර්ව නව වැනි සියවසේ සිට ඉතා හොඳන් පැවැති කර්මාන්ත හා කෘෂි කාර්මාන්ත 11 වැනි සියවසේ දී බිඳ වැටී ඇති බව පෙනේයැයි ද ඔහු සඳහන් කරයි.
මහාචාර්ය කනින්හැම් ශ්‍රී ලංකාවේ නගර වාරි කර්මාන්තය හා බුද්ධාගම පිළිබඳ 25 වසරක් පුරා ගවේෂණයක් කර ඇත. සිදුහත් කුමාරයාගේ උපත සිදුවූ නේපාලයේ ලුම්බිණියේ කැණීම් කටයුතුවල ප්‍රධානත්වය දරන්නේ ද කනින්හැම් මහතා විසිනි.
ලුම්බිණියේ කැණීම්වල දී බෝධියක් සේ සැලකෙන ශාඛයක මුලක පොසිලයක් ද සොයා ගත්තේය.
ඔහු ශ්‍රී ලංකාවේ අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් පනහක අර්ධ විශ්කම්භයක් ඇති පෙදෙසක් ගවේෂණයට ලක් කළේය.
භූ භෞතික හා භූ පුරාවිද්‍යාත්මක පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාවේ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම නව තාක්ෂණික උපකරණ භාවිතයෙන් අනුරාධපුර ප්‍රත්‍යන්තයේ විහාරාරාම, ගල්කණු ශිලා ලේඛණ ඇතුළු ඉපැරණි ස්ථාන 800ක් පමණ ඔහුගේ පරීක්ෂණයට ලක්වී ඇත.
අද අනුරාධපුරයේ නාගරීකරණයේ අඩු ඝනත්වයේ හේතුවලට සාධක එදා පැවැති තත්ත්වයේ බලපෑම යැයි ද ඔහු කියයි.
අනුරාධපුර රාජධානියේ ප්‍රත්‍යන්තයේ එදා යකඩ කර්මාන්තය සුළුවෙන් පැවැති බව ද ඔහු කියයි.
අනුරාධපුර නුවර කේන්ද්‍රකරගනිමින් විහාරාරාම පැවැති බවත්, ඒ වටා ගම් දනව් බිහි වී තිබුණු බවත්, එය කම්පුචියාවේ අංකෝර් වට් විහාරාරාම ප්‍රදේශය මෙන් පවතින්නට ඇති බවත් ඔහු පවසයි.
කැලණි සරසවියේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ඔහුගේ පර්යේෂණ හවුල්කරු විය.
අනුරාධපුරයේ මුල්ම වැව තැනූ කාලය සොය ගැනීම සඳහා වෑකණ්ඩිවලින් ගත් පස් කාල නිර්ණ පර්යේෂණයට ලක් කළ බවත්, ක්‍රිස්තු පූර්ව තුන් වැනි හා හතරවැනි සියවස් වන විට අපේ ආදිමයන්ට වැව් තාක්ෂණයේ මූලික දැනුම තිබූ බවත් ඔහු පවසයි.
මහාචාර්ය කනින්හැම්ගේ පර්යේෂණ වාර්තා බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා ආයතනය ප්‍රකාශයට පත් කර ඇත. එහි පිටපතක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ද භාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අතීතය ගැන දැනගැනීමට ලැබීම වාසනාවක් (නි)
ඒ කියන්නේ මේ සියල්ල පුජාභූමිද? (නි)
අපට ඇත්තේ පිරිසිදු ඉතිහාසයකි (නි)
මේ වගේ සොයාගැනීම් දිගින් දිගටම කරන්න හැකිවේවා! (නි)
මේ වගේම වර්තමාන රටේ පිරිහීමටත් හේතු හොයලා නිවැරදි කරන්න පුලුවන් නම් හොඳයි (නි)
රාජධානියකුත් බිඳවැටුණා කියන්නේ ඉතින්, සාමාන්‍ය අපේ ජීවිත ගැන මොන කතාද? (නි)
මම හිතන හැටියට, මේ රජදහනි අපි හිතනවට වැඩිය පුරාණයි.වෙහෙර විහාර,හා මාලිගා පමනයි.සාමාන්‍ය නිවෙස් තවම සොයාගෙන නැත්තේ ඇයි.වැව, දාගැබ හදන්න පාවිචි කල උපකරණ කට්ටල, සොයාගෙන නැත.කුතුහලෙන් මනසට නැගෙන ප්‍රශ්න. (අ)
ගිහාන්ගේ කතාව හරි. මමත් එයට එකඟයි. (ස)
ඔව් පිටිගල..ඔයා අහලා නැද්ද සමහර රජවරු මුළු රටම බුදු සසුනට පිදු බව?? (ස)
මේ මහාචාර්ය තුමා සේවය කරන එංගලන්තයේ විශ්ව විද්‍යාලයේ නම උච්චාරණය කරනුයේ ඩරම් ලෙසය. අද සවස කැලණිය සරසවියේ බෞධාලෝක මාවතේ පිහිටි පශ්චාත් උපාධි ආයතනයේදී කොනින්හැම් මහතා විසින් අනුරාධපුර රාජධානිය සහ එහි වටාපිටාව පිලිබදව කරන්නට යෙදුන පුරාවිද්‍යා ගවේෂණය ආශ්‍රයෙන් ඉතා වටිනා සාරගර්භ දේශනයක් පරිගණකයද උපයෝගී කරගනිමින් පත්වන්නට යෙදුනි.සැබවින්ම මෙය විරල අවස්ථාවකි. හෙට සවස 3.00 ට ඉන්දියාවේ මෑතකදී කළ කැනීම් ආශ්‍රයෙන් ද එතුමාගේ දේශනයක් එහිදීම පැවැත්වෙන බව සැලයි. උනන්දුවක් දක්වන්නේනම් කරුණාකර එය තහවුරු කරගන්න. (ස)
වසර 3000 දී ලංකාදීප වාර්තා කරයි. 21 වෙනි සියවස මුලදී කොළඹ රාජධානිය කඩාවැටීමට හේතු වූ කරුණු සහ හම්බන්තොට රාජධානිය පිහිටුවීමට හේතු වූ කරණු. 1. අධික කාර්මීකරණය (පස නිසරු වීම සහ බීමට ඇති ජලය පවා නුසුදුසු වීම.) 2. සමාජ සංහිදියාව කඩා වැටීම. (කොළඹ හා ඒ අවට ගණිකමඩම් පිහිටුවීම, කැසිනෝ පැමිණීම, පාතාලය රජ කිරීම, කුඩු ගංජා ඉතා සුලබව තිබීම,) 3. හම්බන්තොට රාජධානිය, රාජ්‍ය නායකත්වය බිහිවීම
යක්ෂ, නාග කට්ටිය ඉන්න රටනේ මේක.දැන් කරන දේවල් පේනවනේ.... (නි)
කොළඹ යනු රාජධානියක් නොවේ. කසල ගොඩක් පමණි. (නදී)
අතීතය පස් කඳු වලින් වසාලිය නොහැකියි කියන්නේ මෙන්න මේ නිසයි (නි)