
තායිලන්ත අගනුවර සිට උබොන් රට්චතානි පළාත දක්වා ගමන් කරමින් තිබු දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 28කු මියගොස් තවත් 64 දෙනකු තුවාල ලබා ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල කරුවන් හත් දෙනකුගේ තත්වය බරපතල බවද සඳහන් වේ.
බැංකොක් අගනුවරට උතුරින් පිහිටි නකොන් රට්චසිමා පළාතේ අද ( 14) උදෑසන මෙම අනතුර සිදුවී ඇත.
අධිවේගී දුම්රිය මාර්ගයක් සඳහා ඉදිකිරීම් කටයුතු සිදුවන ස්ථානයක් යටින් දුම්රිය ගමන් කරමින් තිබියදී ඉහළින් ක්‍රියාත්මක වූ දොඹකරයක් කඩා වැටී දුම්රියේ ගැටීමෙන් එක් දුම්රිය මැදිරියක් පීලි පැනීම සහ තවත් මැදිරියක් ගිනි ගැනීම නිසාවෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
නිල වාර්තා වලට අනුව අනතුර සිදුවන අවස්ථාවේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 195 දෙනකු එහි සිට ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ එහි වැඩි වශයෙන් ගමන් කරමින් සිටියේ සිසුන් සහ සේවකන් බවත් ඔවුන් පාසල් සහ රැකියා සඳහා වෙනත් දිස්ත්‍රික්කවලට ගමන් කරමින් සිටි ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(හසිනි නවෝද්‍යා)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd