
අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවකට අත්සන් කිරීමට පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් අද දහවල් සිදු විය.
වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් අතුළත් වීම සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම නිසා එලෙස විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කළේය.
එම විශ්වාසභංග යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පළමුව අත්සන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් යන්න එන්න මන් නැහැ. මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ. බලයට එන්න පේන මානයක ක්‍රමයක් නැහැ. එදා වේල ටුවර්ස් තත්වයට වැටිලා ඉන්නේ...
එක රැයෙන් ලංකාවේම ප්‍රශ්න ඉවරයි මේ හරිම ප්රගතිශීලී, පූර්වගාමී, ඵලදායක වැඩෙන්...
විශ්වාස භංගත් එයි. පාර්ලිමේන්තුවේදී කට්ටිය කච කච ගායි. ඡන්ද විමසයි. ආණ්ඩුව දිනයි. අපේ කෝටි ගණනක් වියදම් වෙයි. ඔක්කෝම එතැනින් ඉවරයි. වෙන දේ ඕකයි...
බනින්න එපා පව් අසරණ වෙලා ඉන්නෙ. කරන්න දෙයකුත් තියෙන්න එපැයි මේ සෙට් එකටත්. අපේ පුංචි මාමව අඩියක් ගහල ඩාන්ස් එකක් දාන වෙලාවට අැදල ගත්ත වගේ. මයිලකටවත් නටන්න බැහැ හැබයි මිනිහ ෆුල් ට්‍රයි එක දෙනව කැපිච්ච පනුව වගේ. මෙයාලත් එහෙම තමා.
කරකියා ගන්න දෙයක් නැතිව, දවසින් දවස හේදිලා යන විපක්ශයේ අනාතයින්ට කරන්න පුලුවන් ඔය වගේ ඔලමොට්ටල වැඩක් තමයි.