පරිගණකයක්, ජංගම දුරකථනයක් ඇති ඕනෑම අයෙකුට මගනොහැරුණු ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත වූ "Angry Bird" ක්‍රීඩාව සිනමාපටයක් බවට පත් වන වග 2014 වර්ෂයේ ඔක්තෝම්බර් මසදී අනාවරණය වූවා. දැන් එය සියැසින් දැකගැනීමට පුල පුලා බලා සිටි අයට එයට කාලය එළැඹී තිබෙනවා. එනම් "Angry Bird" ක්‍රීඩාව පාදක කර ගනිමින් නිර්මාණය වූ "The Angry Birds Movie" සිනමාපටය පසුගිය මැයි 5 සහ 13 දිනයන්හි පැරීසියේ සහ ෆින්ලන්තයේදී තිරගත වීම ආරම්භ වූ අතර, පසුගියදා (20 දින) සිට ඇමරිකාවේදී තිරගත වීම ආරම්භ වීමට නියමිතයි. ක්ලේ කේටිස් සහ ෆර්ගල් රෙයිලි අධ්‍යක්ෂක යුවළගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන මෙහි නිෂ්පාදන කර්තව්‍යයෙන් "ජෝන් කොහෙන්" සහ "කැතරින් වින්ඩර්" දායක වන අතර, තිර රචනය ඇමරිකානු තිර රචක "ජෝන් විටී" විසිනි. රේවියෝ එන්ටර්ටේන්ට්මන්ට් සමාගමේ නිර්මාණ කටයුත්තක් වන මෙය සෝනි පික්චර්ස් ඉමේජ් වර්ක්ස් සමාගම විසින් ත්‍රිමාණ සජීවීකරණ කටයුතු සිදුකර ඇත. මෙහි හඬ නළු නිළියන් ලෙස "ජේසන් සුදෙයිකිස්, ජෝෂ් ගැඩ්, ඩැනී මැක්බ්‍රයිඩ්, මායා රුඩොල්ප්, කේට් මැක්කිනොන්, සීන් පෙන්, ටෝනි හේල්, කීගන් මයිකල් කී, බිල් හේඩර් සහ පීටර් ඩින්ක්ලේජ්" දායක වෙයි.
ිනිත්තු 97ක කාල පරාසයක් ඔස්සේ දිවෙන මෙම සිනමාපටය ඉංග්‍රීසි බසින් නිර්මාණය වී ඇති අතර, මෙහි නිර්මාණ කටයුතු උදෙසා ඇ.ඩො මිලියන 73ක් පමණ වැයකොට ඇති බව වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
780
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
'The Angry Birds' දැන් EAP මණ්ඩලයේ