(මනෝප්‍රිය ගුණසේකර)
අප්‍රමාදීව වාහන ලියාපදිංචි කරදීම සහ පැවරීම් කටයුතු කරදීම වෙනුවෙන් මුල්‍ය ආයතන ඇතුළු මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවට පැමිණී ජනතාවගෙන් එක් දිනක් තුළ අල්ලස් වශයෙන් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් ඉල්ලා ලබාගත් බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනකු අල්ලස් කොමිසම අද අත්අඩංගුවට ගත්තේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුට අමතරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවෙ සහකාර කළමණාකාරවරු දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් කොමිසමට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරුවලට අනුව කාලයක් තිස්සේ කළ ආවේෂණ කටයුතු වලින් අනතුරුව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අද (23) පස්වරුවේ කළ හදිසි වැටලීමකදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
වාහන මිලදී ගැනීමේදී ‘ලීසින්’ පහසුකම් ලබාගැනීමට අවශ්‍ය වු විට වාහන ලියාපදිංචි කරදීම සහ පැවරීම් කටයුතු අප්‍රමාදීව කරදීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නිලධාරී්න් රාජකාරී කටයුතු කරගැනීම සඳහා එහි පැමිණෙන මහජනතාවගෙන් සහ මුල්‍ය ආයතනවලින් නිරන්තරයෙන් අල්ලස් ලබාගෙන පසුව ඒවා එහි සේවය කරන සියළු දෙනා අතර සමසේ බෙදා ගන්නා බවට අල්ලස් කොමිසමට ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව කාලයක් තිස්සේ ආවේෂණ කටයුතු කර ඇතැයි වාර්තාවේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
RMV ලොක්කෝ තුනක් දිනකට ලක්ෂ 40ක අල්ලස් අරන්
බයි සිතිවිලි Friday, 23 May 2025 08:00 PM
මේ NPP ආණ්ඩුවක් ඇවිල්ලා අපිට අපේ පුරුදු විදිහට වැඩ ටික කරගෙන ඉන්න නෑනේ...
Nalaka Friday, 23 May 2025 08:22 PM
පාස් පෝට් ඔෆිස් එකටත් ඔය වගේම ගේම් එක දෙන්න.