IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


'Melody of Love' හි ප්‍රධාන චරිතයට හඬකවන සචිත්‍ර යශ්මින්ද වීරසිංහ

2016-04-05-ent-56

මේ වනවිට කලා නිර්මාණ කිහිපයක් හරහා සිය හැකියාවන් විදහා දක්වන ඔහු වැඩි වශයෙන් දායකත්වය ලබාදෙන්නේ හඬ කැවීම් සඳහාය. අප්‍රේල් 09 වැනිදා සිට දෙරණ නාළිකාවේ විකාශය වන 'Melody of Love' හි ප්‍රධාන චරිතයට සිය හඬින්ම දායක වන ඔහු සචිත්‍ර යශ්මින්දය.

 

2016-04-05-ent-58කලා කටයුතුවලට යොමුවීම ගැන කතා කළොත්?

මම කුඩා කාලෙ ඉඳන්ම කලා කටයුතුවලට ලොකු ඇල්මක් දක්වපු කෙනෙක්. මගේ ලොකු අම්මා ගීතා කාන්ති ජයකොඩි. මට හඬ කැවීම්වලට දායක වෙන්න අදහසක් තිබ්බෙ නැහැ. මට අවශ්‍ය වෙලා තිබ්බෙ රංගන ශිල්පියෙක් වෙන්න. ලොකු අම්මා මාව අතුල රන්සිරිලාල් සර් යටතේ සහ වජිරා කුමාරි යටතේ හඬ කැවීම්වල යොමු කළා. පසුව දෙරණ නාළිකාවේ ...චරිතයට දායක වුණා. "මෙලඩි ඔෆ් ලව්" කතා මාලාවේ ප්‍රධාන චරිතය වන හියෝන්ගේ චරිතයට හඬ දායකත්වය ලබාදෙන්නත් මට හැකියාව ලැබුණා. රූපවාහිනියේ ඉදිරියේදී විකාශය වීමට නියමිත කාටුන් චිත්‍රපටයක "රහාන්" කියන චරිතයටත් දායක වෙනවා.

 

මේ වනවිට?

දනුෂ්ක රත්නායකගේ "මවුනයාගය" නාට්‍යයේ කෝසලගේ චරිතයට දායක වෙනවා. නාලක විතානගේ "සිහින නෝට්ටු" සහ "පුනර්ජායී" නාට්‍යයවල චරිතවලට දායක වුණා. මේ වනවිට පරිගණක මෘදුකාංග තාක්ෂණ උපාධිය හදාරනවා. මම කලාවෙන්ම යැපෙන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. විනෝදාංශයක් ලෙස තමයි මම කලාවට දායක වෙන්නේ. කිංස්ලි ලෝන්ස්ගේ "බෙනීටාගේ" තාත්තා වේදිකා නාට්‍යයට දායක වෙලා ඉන්නවා.

 

ඉදිරි වැඩ කටයුතු?

සිවගුරුනාදන් මහතාගේ නාට්‍යයක ප්‍රධාන චරිතය ලැබී තිබෙනවා. එයට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනුජ ප්‍රියබානු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන 'The Epic' ලoකාවේ ප්‍රථම superhero type tv series එකේ ප්‍රධාන චරිතය මට ලැබී තියෙනවා. එහි වැඩ කටයුතුත් ළඟදීම ආරම්භ කරනවා.

ගීතා කාන්ති ජයකොඩි මහත්මිය, අතුල රන්සිරිලාල්, වජිරා අක්කා, අමාලි අක්කා, තුසිත අයියා, පුශ්පිත අයියා, දෙරණ නාළිකාවේ චරිත අයියා, තේමීය අයියා වගේම ටනාකා තාරකීවත් මේ මොහොතේ මතක් කර සිටිනවා.

 

2016-04-05-ent-57
2016-04-05-ent-59
2016-04-05-ent-60
2016-04-05-ent-61
2016-04-05-ent-62
2016-04-05-ent-63

 



අදහස් (0)

'Melody of Love' හි ප්‍රධාන චරිතයට හඬකවන සචිත්‍ර යශ්මින්ද වීරසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site