ඉෂාරා සමරසිංහ යනු නිවේදන ක්ෂේත්‍රය තුළ නිතර හමුවන චරිතයක්. ස්වර්ණවාහිනිය තුළ Live @ 8 තුළින් නිතර ඔබට මුණගැසෙන ඇය පිළිබඳ දැන ගැනීම සඳහා "සාරවිට" සමග එකතු වූ මොහොතකි මේ.
නිවේදනයෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තුව?
දැනට නම් එහෙම තමයි. එහෙම තීරණය කරන්නත් අමාරුයිනේ.
කොයි කාලේදීද නිවේදනයට අවතීර්ණ වුණේ?
2011 වර්ෂයේදී දැයට කිරුළ තුළින්.
ඒ පිළිබඳව ආවර්ජනයක් කළොත්?
දැයට කිරුළ තිබුණානේ. එහිදි මම තේරුණා සිරස රූපවාහිනි ආයතනයේ නිව්ස් ෆර්ස්ට් එකට. ඊට පස්සේ ඒකේ කියන්න හම්බුණා Live @ 55. ඊට පස්සේ තමයි ස්වර්ණවාහිනි සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණේ.
ස්වර්ණවාහිනි සඳහා දායක වෙලා කොච්චර කාලයක් වෙනවාද?
දැනට අවුරුදු 4කට වැඩියි.
කොහොමද නිවේදනයේ ඇති අත්දැකීම?
අත්දැකීම් ගොඩක් තියෙනවා. මගේ වයසේ ඉන්න වෙනත් ළමයෙකුට වඩා සෑහෙන අත්දැකීම් ගොන්නක් මට තියෙනවා.
නිවේදනය ක්ෂ්ත්‍රයට පිළිබඳ අද නවකයන් බොහෝ දෙනා ඇල්මක් දක්වනවා. ඒ අයට ඔබ මොනවද කියන්න තියෙන්නේ?
ප්‍රවෘත්ති නිවේදනයේ පිළිබඳ කියන්න හැකියාවක් තමයි මට තියෙන්නේ. ගොඩක් අය හිතන් ඉන්නවා ප්‍රවෘත්ති නිවේදනය කියන එක හරි ලේසියි කියලා. මොකද කොළයක් බලන් කියන්න තියෙන නිසා. ගොඩක් ආසයි ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න. නමුත් ඒ අය දන්නේ නැහැ ඒඅයට ඒ පිළිබඳව හැකියාවක් තියෙනවාද කියලවත්. මම කියන්නේ ඒ පිළිබඳව හැකියාවක් තියෙනවානම් විතරක් නිවේදිකාවක් වෙන්න සිහින දකින්න කියලා. එහෙම නැත්නම් ඒ කාලය වෙනත් දෙයකට යොදවන එක හොඳයි කියලා හිතනවා.
නිවේදිකාවක සහ ප්‍රවෘත්ති නිවේදිකාවක වන එකේ වෙනසක් තියෙනවාද?
නිවේදිකාවක් වුණායින් පස්සේ වැඩසටහන් නිවේදනය කරද්දී ඕන තරම් වරදිනවා. වරද්ද වරද්ද හරි කතා කරන්න පුළුවන්. ප්‍රවෘත්ති නිවේදිකාවක වුණාම කවදාකවත්ම වරද්දන්න බැහැ. ඒ අයට ලොකු වගකීමක් තියෙනවා. එක ඉලක්කමක්, එක අකුරක්වත් වරද්දන්නෙ නැතිව ප්‍රේක්ෂකයාගේ විශ්වාසය රැඳෙන විදිහට ඉදිරිපත් කරන්න ඕනේ.
නිවේදිකාවක වෙන එක කුඩා කාලයේ ඉඳන්ම තිබ්බ හීනයක්ද?
නැහැ නැහැ. එහෙම හීනයක් තිබුණේ නැහැ. ගොඩක් කට්ටියට වගේ මටත් වුණේ අහඹු සිදුවීමක්.
ඒ අහඹු සිදුවීම දැන් හොඳ දෙයක්ද?
ඔව්, මම හිතනවා ඒක හොඳ දෙයක් කියලා. ඒත් ජීවිතයේ ඉස්සරහට යන්න ගොඩක් දේවල් තියෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - ඉෂාරා සමරසිංහගේ ෆෙස්බුක් ගිණුම
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
Live @ 8 තුළින් ඔබට මුණගැසෙන ඉෂාරා සමරසිංහ
කසුන් මදුස0ක Sunday, 03 May 2020 02:40 PM
සිත් ඇදගන්නාසුළු නිවේදිකාවක් ඇය. සුභ පතනවා ඇයට !