පසුගිය 26 වැනිදා රාත්‍රී 7.00 සිට වෝටර්ස් එජ් හීදී 10 වැනි වතාවටත් විශාල ජනතාවක් ඉදිරියේ පැවැත්වුණු ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ්ස් (SLIM Nielsen People’s Awards) උලෙළේදී ‘ස්ලිම් නිල්සන් වසරේ ජනතාවගේ නළුවා" (SLIM Nielsen People’s Awards People’s Actor of the year) සම්මානයත්, "ස්ලිම් නිල්සන් වසරේ තරුණ තරුණියන්ගේ ප්‍රියතම රංගන ශිල්පියා" (SLIM Nielsen People’s Awards Youth choice Actor of the year) යන සම්මාන ද්විත්වයම රන්ජන් රාමනායක මහතා විසින් ලබාගන්නා ලදී.
රංගන ශිල්පී රාමනායකයන් මෙම ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ්ස් සම්මාන ලැබූවේ, අඛණ්ඩව 10 වැනි වතාවට වීම විශේෂත්වයකි. දැනට නළුවෙකු නොකඩවා 10 වතාවක් එකම සම්මානයකින් පිදුම් ලැබීමේ වාර්තාවටද රන්ජන් රාමනායක මහතා මේ සමගින් හිමිකම් කියයි. "ස්ලිම් නිල්සන් වසරේ ජනතාවගේ නළුවා" (People’s Actor of the year) සම්මානය සඳහා නිර්දේශිත නම් ලෙස ජැක්සන් ඇන්තනී, ජීවන් කුමාරතුංග හා රන්ජන් රාමනායක යන නම් යෝජනා වී තිබිණි. ඒ තුළින් රන්ජන් රාමනායක මෙම සම්මානයේ හිමිකරුවා ලෙස තේරී පත්විය.
එමෙන්ම "ස්ලිම් නිල්සන් වසරේ තරුණ තරුණියන්ගේ රංගන ශිල්පියා" (Youth choice Actor of the year) සම්මානය සඳහා හේමාල් රණසිංහ, රොෂාන් රණවන හා රන්ජන් රාමනායක යන අය නිර්දේශ වී තිබුණු අතර, එම සම්මානය රන්ජන් රාමනායකට හිමි විය.
රන්ජන් රාමනායක මහතාගේ මාමා වූ විජය කුමාරණතුංග මහතාද මෙවැනිම අයුරින් අඛණ්ඩව 5 වතාවක් ජනප්‍රිය නළුවා සම්මානය ලබාගෙන තිබිණි. රන්ජන් රාමනායක මහතාගේ සිංහයා, මායා හා ඩොක්ටර් නවරියන් යන චිත්‍රපට ත්‍රිත්වය ද මෙම 2016 වසරේදී තිරගත වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2016 වසරේ ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ් හි සම්මාන ද්විත්වයම රන්ජන් රාමනායකට
දිනිති Monday, 28 March 2016 02:26 PM
රන්ජන් කොහොමත් දක්ෂයි. ජයවේවා.! (ර)