මෙම වසරේ කෑන්ස් සිනමා උලෙළ ඇමරිකානු සුප්‍රකට සිනමා අධ්‍යක්ෂක "වුඩි ඇලන්" ගේ 49 වැනි සිනමා නිර්මාණය වන "Cafe Society" චිත්‍රපටයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි සංවිධායකයන් පසුගිය අඟහරුවාදා දිනයේදී ප්‍රකාශයට පත්කොට ඇත. කෑන්ස් සිනමා උලෙළ වුඩී ඇලන්ගේ සිනමා නිර්මාණයකින් ආරම්භ වන තෙවැනි අවස්ථාව මෙය වන අතර, මින් පෙර 2002 වර්ෂයේදී "Hollywood Ending" සිනමාපටයෙන් සහ 2011 වර්ෂයේදී "Midnight In Paris" සිනමාපටයෙන්ද ආරම්භ විය. එසේම කෑන්ස් සිනමා උලෙළේ තෙවතාවක් සිනමා උලෙළ ආරම්භ වූ ප්‍රථම සහ එකම අධ්‍යක්ෂකවරයා බවට ඇලන් ඉතිහාසයට එක්වීමද මෙහි සුවිශේෂත්වයකි. 69 වැනි වරට පැවැත්වීමට නියමිත මෙවර කෑන්ස් සිනමා උලෙළ මැයි 11-22 දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
අනුෂි දන්තනාරායන
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2016 කෑන්ස් සිනමා උලෙළේ ආරම්භය වුඩි ඇලන්ගේ 'Cafe Society' චිත්‍රපටයෙන්