IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


2015 ජනාධිපතිවරණ දැන්වීම්වලින් කෝටි 20ක් පාඩුයි

(දසුන් රාජපක්ෂ)

2015 ජනාධිපතිවරණයට අදාළව දැන්වීම්වලට මුදල් අය කිරීමේ ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බැවින් රූපවාහිනී සංස්ථාවට රුපියල් කෝටි 20ක පාඩුවක් සිදුවී ඇති බව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අද (29) දැනුම් දුන්හ.

මෙම පාඩුව පිළිබඳ අනාවරණය වී ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ දැන්වීම්වලට අදාළ විගණන වාර්තාව මගින් බව එම නීතිඥවරු දන්වා සිටියහ. 

එම විගණන වාර්තාව 2016 ජුනි 17 වැනි දින සිදු කර ඇති බව ද එම නීතිඥවරු දැනුම් දුන්හ. රූපවාහිනී සංස්ථාවේ අලෙවි අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ සනත් ප්‍රියන්ත දළුවත්ත මහතා මෙම කොමිසමට කර ඇති පැමිණිල්ලක් යළි කැඳවූ අවස්ථාවේදී එම නීතිඥවරු මෙම කරුණු කොමිසම හමුවේ දැනුම් දී සිටියහ.

එම පැමිණිල්ල මගින් රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති රවී ජයවර්ධන මහතා වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබෙන අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පැමිණිලිකරුගෙන් අද හරස් ප්‍රශ්න විමසීමට ලක් කළහ.

එහිදී මෙම තොරතුරු අනාවරණය විය. මෙම කොමිසම උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.



අදහස් (9)

2015 ජනාධිපතිවරණ දැන්වීම්වලින් කෝටි 20ක් පාඩුයි

Kamal Koyrala Tuesday, 29 September 2020 10:46 AM

සියල්ල අයකරගත යුතුයි. ඒ වගේම ලංගමට අයවිය යුතු බස්රථ ගාස්තුවත්...

:       3       20

Nandalal DE SILVA - France Tuesday, 29 September 2020 11:08 AM

ඔය ඔක්කොම විගණන වාර්තා ආදිය වසර 5කට පස්සෙද එළියට ආවේ..? ඕවා ගැන කතා කරලා, ඒ වියදම් සියල්ල ඒ කාලේදී අයකරගන්න කවුරුවත් හිතුවේ නැද්ද?

:       1       8

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 29 September 2020 11:31 AM

කොහොමද සුදු ඇඳගෙන පොලොන්නරුවේ හිටං පැමිණ කරලා තිබෙන වැඩ. කියලා වැඩක් නෑ ...

:       10       5

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 29 September 2020 11:48 AM

කොහොමද සුදු ඇඳගෙන සිටින කළු හදවත් ඇති අයගේ වැඩවල තිබෙන අපූරුව..?

:       9       4

amila Tuesday, 29 September 2020 11:53 AM

මේ මනුස්සයා අවුරුදු 4ක් තුළ රටට, මිනිස්සුන්ට කරපු විනාසේ පිටු 500ක පොතකින්වත් විස්තර කරන්න අමාරුයි. පොතේ නම වෙන්න ඕනේ ‘‘පොළවෙන් මතුවූ කෙනා රට කෑ හැටි‘‘ ලෙසිනි.

:       7       4

Prabha Tuesday, 29 September 2020 12:48 PM

සත 5ක් වටින්නේ නැති මිනිහෙක්ට වියදම් කරපු සල්ලියක්..

:       9       7

දොලේවත්තTuesday, 29 September 2020 01:43 PM

2015 ජනාධිපතිවරණය පවත්වන කාලයේ දී තිබුණේ රාජපක්ෂ ආණ්ඩුවයි.. එබැවින් මුදල් වියදම් කළේ මෛත්‍රීට නොවනවග වටහා ගන්න.

:       1       17

ROSHANWednesday, 30 September 2020 03:53 AM

2015 හිටියේ රජතුමා කියලා අමතක වෙලා සමහරු අදහස් දක්වලා තියෙන්නේ,.

:       1       7

rana Wednesday, 30 September 2020 03:16 AM

දැන් සිදුවී තිබෙන සෑම දේම දේශපාලන පළිගැනීම්, සොරකම් වෙලා නැහැ. අම්මෝ මේ වගේ අවංක ජාතියක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1521 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1347 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 485 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site