(බන්දුල ඉලේපෙරුම)
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එළැඹෙන සතියේ 21 හා 22 දිනයන්හිදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ විවාදය පැවැත්වීමට එහිදී තීරණය කෙරිණි.
ඒ අනුව 21 හා 22 දිනයන්හි පෙරවරු 10 සිට පස්වරු 7.30 දක්වා එම විවාදය පැවැත්වෙනු ඇත.
මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින 4හි දීම රැස්වීමට තීරණය කර ඇතැයි කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිච්චි පුතාටයි මුලින් සලකන්න තිබ්බේ... එයා කුරුණෑගල රැස්වීම්වල "තාත්තට දැන් ඇවිදින්න අමාරු නිසා මම ආවා" කියලා ඉස්තරම් කතාවක් කරලා ඉහළින්ම දිනුමත් අරගෙන දුන්නනේ...
ශ්‍රී ලංකාව යහමගට ගන්න නම් 20 සම්මත විය යුතුමයි.
නටන්න බැරි එකාට පොළව ඇදයි. වැඩබැරි එකාට අඩුපාඩු ගොඩයි. හැබැයි ව්‍යවස්ථාව වෙනස් කරන්නේ හොරකම් කරන්න බාධා ඉවත් කරන්න. ජනතාවගේ මානව හිමිකම් කඩකළාම නඩුදාන්න බැරිවෙන්න, නොහැකියාවට එරෙහි නැගිටීම මර්දනයට...
මෙහේ මිනිස්සුන්ට කොරෝනා මිනිස්සු මැරෙන්න වැටිලා හරියට කන්න බොන්න නැහැ. ළමයින්ව පාසලට යවන්න බැහැ. රටේ සල්ලි නැහැ. හිඟාකන රටක් වෙලා. මෙයාලට හදිසියක් තියෙන්නේ 20 සම්මත කරගන්න. අනේ අපිත් ඡන්දෙ දුන්නනේ මේ අයට...
රට කොරෝනා මාරයා ගිලගනිමින් පවතිනවා. මේ රටේ තමන් බුද්ධිමත් යැයි සිතා සිටින දේශපාලකයන් 20 ගැන වාද කරන්න සැරසෙනවා. මෙහෙමත් රටක්.. අමන රැළක්..
ජේ.ආර්. විසින් 13 වැනි සංශෝධනය ගෙනෙන විට ඊට විරුද්ධව කලුකොඩි එසවූවා වගේ ජනතා මර්ධනයට, මුදල් හොරකමට, නීතිය පාගාදැමීමට ගෙන එන 20වැනි ව්‍යවස්ථාවට එරෙහිව සැවොම කලුකොඩි ඔසවනු. සාමකාමී විරෝධය සඳහා ජාති, ආගම්, දේශපාලන භේදවලින් තොරව පෙළ ගැසෙමු.
ඔච්චර දිගට පාර්ලිමේන්තුව රැස්වෙන කොට, දියවන්නාවේ සැපට පීනන කබර දේශපාලුවන්ට ‘‘අතිකාල දීමනා‘‘ සඳහා රුපියල් කෝටි කීයක් විතර යාවිද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි කමෙන්ට් එකක් දැම්මොත් නරකද? ඒවගේම ඒකේ ඉන්න සේවකයින්ටත් අතිකාල ගෙවන්න මහාභාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළාද? මේ ඔක්කොම අනවශ්‍ය වියදම්.. මේ කෙහෙල්මල් 20 ගෙනාපු නිසා නොවේද?
වීරයාණෙනි, රටට හෙණ වැදුණත් කමක් නැත. ඉදිරියට තැබූ පය නැත ආපසු ගන්නේ.
මේ රට ජනතා අපේක්ෂාවන් කරා යන රටක් නෙවෙයි නායකයන්ගේ ඕන එපාකම් පිරිමහගන්න පාලනයක් වෙලා.