IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


"1920 ලන්ඩන්" එළියට

අත්භූත කතාවක් පදනම් කරගෙන නිර්මාණය වී ඇති "1920 ලන්ඩන්" චිත්‍රපටය ටානු සුරේෂ්ගේ සිනමා අධ්‍යක්ෂණයකි. මැයි මස 06 වැනිදා තිරගත කිරීමට කටයුතු යොදා ඇති මෙම චිත්‍රපටය ඉහළ නිෂ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කළ චිත්‍රපටයක් බව සඳහන් වෙයි. චිත්‍රපටයේ නිෂ්පාදන බරපැන දරා ඇත්තේ "රොලයින්ස් එන්ටර්ට්‍රේට්මන්ට්" ආයතනයයි. ජනප්‍රිය බොලිවුඩ් නළු ෂර්මන් ජෝෂි මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, මීරා චොප්රා, විශාල් කර්වාල්, සාගර් සයිකියා සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති. අත්භූත චිත්‍රපට රැසක් නිර්මාණය කළ මහේෂ් භාට්ගේ තිර රචනාවකට අනුව මෙය නිර්මාණය වී ඇත. මෙය ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක අප්‍රේල් 21 වැනිදා ප්‍රදර්ශනය කර තිබුණද, චිත්‍රපටය බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ මැයි 06 වැනිදා බව සඳහන් වෙයි.



අදහස් (0)

"1920 ලන්ඩන්" එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site