IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


18ට වැඩි හැමෝටම බදු ගොනුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාම දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය වුවද සියලු දෙනාම බදු ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නොවන බව අමාත්‍ය සියඹලාපිටිය මහතා තවදුරටත් පැවසුවේය.එසේම මෙය ලබන වසරේ මග හැරිය හැක්කේ කාටද යන්න පැහැදිලි කිරීමක්ද සිදු කළේය.

අනාගතයේදී සුබ සාධන ගෙවීම් මෙම බදු ලිපිගොනු අංකය මත පදනම් වන බවද සියඹලාපිටිය මහතා පැවසුවේය.

වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරීවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු කාණ්ඩ 14කට අයත් වෘත්තිකයන් ඊයේ (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇත.

දේශීය අදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ඇතිව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලදි.

ගැසට් නිවේදනය අනුව ඕනෑම අර්ථසාධක අරමුදලට මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව ලබා දෙයි නම් එම සේවකයන් දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්.
  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්.
  • ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්.
  • ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන්.
  • ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්.
  • ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයන්.
  • ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයන්.
  • ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයන්.
  • මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයන් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර).
  • 2018 අප්‍රේල් 01 දින හෝ ඊට පසු ශ්‍රී ලංකාවේ ඕනෑම නිශ්චල දේපලක් ඔප්පු පැවරීම මගින් මිලදී ගෙන ඇති හෝ උරුමය මගින් අත්පත් කරගත් පුද්ගලයන්.
  • ඕනෑම අර්ථසාධක අරමුදලට මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව ලබා දෙයි නම් එම සේවකයන්.
  • පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගත් ඕනෑම පුද්ගලයෙක්.
  • ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම  අයෙකු

ගැසට් නිවේදනය අනුව දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. ගැසට් නිවේදනයට අනුව, 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වන හෝ ඊට වැඩි පුද්ගලයන් සහ 2024 ජනවාරි 01 වැනිදා හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයන් ඉහත සඳහන් කළ කිසිඳු කාණ්ඩයකට අයත් නොවූවත් 2024 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේශීය අදායම් දෙපාර්තමේන්තුව ලියාපදිංචි වීම අනිවාර්ය වනු ඇත.



අදහස් (30)

18ට වැඩි හැමෝටම බදු ගොනුවක්

prasanna Friday, 02 June 2023 12:53 PM

රෝයල් මෝඩයින්... බලන්න 18-20 කොල්ලෝ කන්නේ බොන්නේ කොහොමද කියලා... තව අරගලයක් නිර්මාණය කරන්න යන්නේ...

:       41       81

Bamunuarachchi Wednesday, 07 June 2023 08:13 PM

අවුරුදු 18-20 අය බොහෝ දෙනෙක් තාම කන්නේ බොන්නේ ලගින්නේ අම්මා තාත්තා ගාව. ඒ වුණාට ආණ්ඩුබලය අතට ගන්නයි ලැහැස්තිය... මොනවද ඒ ගැන කියන්නේ...? 18 ඉහළට ඡන්දෙ දෙන්න ලියාපදිංචි වෙන්න හොඳයි.. බදු ගොනුවක්‌ අරගන්න බයයි. බදු ගොනුවක්‌ අරගත්තු නිසාම බදුගෙවිය යුතු නැති්‍බව දන්නේ නැද්ද? කාටවත් රෝයල් මෝඩයෝ කියන්නේ පට්ට පල් මෝඩයෙක්.

:       0       1

pradeep Friday, 02 June 2023 01:31 PM

හොර දේශපාලුවන්ට සහ ඔවුන්ගේ හෙංචයියන්ට හිත්සේ හොරාකෑමට බදු ගෙවමුද? ගෙවන බදුමුදලට නියම වටිනාකමක් ගැනීමට නම් මේ හොර පාලකයින් එළවා දැමිය යුතුයි..

:       16       93

සම්පත් Friday, 02 June 2023 05:30 PM

එක් අතකින් මෙහෙම කළාම සුදුසුකම් නැතුව සමෘධි ගැනීම, අධ්‍යාපන ආධාර ගැනීම සමහර කාලවලදී රුපියල් 5000/= (අනාගතයේ 10000/=) ගැනීම වගේ දේවල් කරන්න බැරිවේවි... මෙහිදී ගොනුවක් ආරම්භ කළත් සෑම දෙනාටම බදු ගෙවීමක් නොවෙන්න පුළුවන්... ඒත් සමහරක් දේශපාලුවන් ඔවුන්ගේ හෙංචයියන් සඳහා අතයට ගේම් ගසා උපකාර කළොත් තල්මසුන් බේරී චූටි කූණිස්සෝ බද්දට අහුවෙන්නත් පුළුවන්... කොහොම වුණත් සෑම්ගේ අදහසත් නිවැරදියි කියන්න පුළුවන්...!

:       12       24

ThushanSaturday, 03 June 2023 06:17 PM

ආයේ දෙකක් නෑ... මේ නම් මේ හොර දේශපාලන නඩේ නඩත්තු කරන්න හදන ගේමක්... නැතිනම් මොන රටකද මේ වගේ වගේ 18ට වැඩි හැමෝටම ටැක්ස් ෆයිල් ඕපන් කරන්න කියන්නේ...

:       1       1

Samitha S. Aluthgamage Friday, 02 June 2023 01:42 PM

ප්‍රථමයෙන්ම, රටේ සම්පත් හා මුදල් හොරා කෑ දේශපාලකයින් නීතිය හමුවට පමුණුවා, එම මුදල් හා දේපළ නැවත භාණ්ඩාගාරය වෙත ලබා ගැනීමට කටයුතු කළ යුතුයි නේද කියලා මතක් කරන්න කැමැතියි. විපක්ෂයේ දේශපාලන පක්ෂ කුමක් කොට හෝ බලය අල්ලා ගැනීමට කටයුතු කරනවා වෙනුවට සැවොම සමගිව මේ ගැන ක්‍රියාකොට රටෙන් හොරාගත් මුදල් හා සම්පත් ලබා ගැනීමට කටයුතු කළයුතුයි. ඒත්, මේ රටේ ඉන්නේ, කටින් බතල හිටුවන අය බව පෙනේ...

:       5       88

රාජේශ් ඛන්නාSaturday, 03 June 2023 05:53 PM

දේශපාලුවෝ මහ පරිමාණ ගැහිලි ගහන්නේ, නීතිඥ උපදෙස් පවා ලබාගෙනයි. එබැවින් අධිකරණ ක්‍රියාවලියක් මගින් එවැනි අයථා ඉපැයීම් ආපසු අයකර ගැනීමට කටයුතු කිරීමෙන් ඵලක් නොවේ. ඒ සඳහා වැයවන රජයේ මුදල් සහ වටිනා කාලයත් මේ රට වැටී තිබෙන තත්වයෙන් මුදා ගැනීමට යෙදවීම වඩාත් උචිතයි. නැවත මහජන මුදල් ගසා කෑමකට ඉඩ නොලැබෙන ක්‍රම සහ විධි ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ. ආදායම් බදු නීතිරීති පසුගිය වසර 50ක් දක්වාවත් ආපසු කාලයකටත් බලපාන පරිදි ශක්තිමත්ව නවීකරණය කිරීමෙන් මෙම හොරුන් බඩුත් සමග අල්ලා ගත හැකිවනු ඇතැයි ඉඟියක් පලකිරීම වටී. මේ සඳහා ලංකාව සමග ගනුදෙනු කරන විදේශ බැංකුවල අවුරුදු 50ක් කාලයක ගනුදෙනු ද විමර්ශනයකට ලක්විය යුතුයි. මේ ඒ සඳහා කාලය නොවේ...

:       0       1

Aravinda Monarawila Friday, 02 June 2023 01:47 PM

මහබැංකු හොරුන්... කුඩු, කසිප්පු විකුණන අය... හොරෙන් ගස් සහ පස් කපන අය, කප්පන් කාරයින් එහෙම බදු ගෙවන්න ඕනෑ නැතිව ඇති...

:       9       72

aravinda Monarawila Friday, 02 June 2023 01:49 PM

මේ පින් ජනපතිට හිතුණු හිතුණු විදිහට බදු ගහන්න බඩුමිල වැඩි කරන්න සහ රටේ සම්පත් විකුණන්න කවුද අවසර දුන්නේ..?

:       16       64

seneFriday, 02 June 2023 03:09 PM

පොහොට්ටුවෝ සහ ජනතාව පන්නපු යුඇන්පියෝ...

:       14       32

චතුර Friday, 02 June 2023 02:25 PM

අපිට මතකයි රිගේනින ්ශීු ලංකා, ඒ වගේ යහ පාලන කාලෙත් ඔය විදිහට ම 18 ට වැඩි හැමෝම ටම බදු ලිපි ගොනුවක් විවෘත කරන්න ගියා. මතකද? ඒ කාලේ තමා ඩොක්ටර් පාදෙනියා එහෙම ආවේ. ඊට පස්සේ බලය ගන්නම ඒවා හොද නැ කියලා බලය ගත්තා. දැන් .. ? මඩු වලිගයක් නැ ලග පාත ...

:       11       25

මංජල Friday, 02 June 2023 02:35 PM

දේශපාලකයො මෙකට අයිති නැද්ද මිස්ටර් කුල්

:       8       42

Darshanad Friday, 02 June 2023 03:05 PM

පාර්ලිමේන්තුවේ නිකන් ඉදන් මහජනතාවගෙන් හම්බකරන් කන උන්ට කිසිම බද්දක් නැහැ.

:       7       35

SAM Friday, 02 June 2023 03:17 PM

මම මේ කොමෙන්ට් එක දාන කොට, මෙහි තිබුනේ පළමුවෙනි කොමෙන්ට් පහ පමණයි. ඒවායේ පලකල අදහස් අනුව, අපේ රටේ බහුතරයක් තවමත් ඉන්නේ ළිං මැඩි මානසිකත්වයටත් පහලින් කියලා තේරෙනවා. ටැක්ස් ෆයිල් එකකින් කෙරෙන්නේ කෙනෙකුගේ ආදායම පිලිබඳ ඇස්තමේන්තුවක් බලධාරීන් විසින් ලබා ගැනීමයි. ආදායමක් තියනවාද? බදු ගෙවිය යුතු තරම් ආදායමක් තියනවාද? ආදායමක් නැද්ද? රජයේ සහනාධාර ලැබීමට සුදුසුද? යන ප්‍රශ්න සියල්ලටම මෙයින් පිළිතුරු ලැබෙනවා.

:       28       45

සත්‍ය ගවේෂී.Friday, 02 June 2023 04:06 PM

ඒ කමෙන්ට් වල තියෙන දේ හරිහැටි තේරුම් ගන්න බැරි කෙනෙකු කියනවා ළිං මැඩි මානසිකත්වයක් ගැන. ළිං මැඩියා කව්ද කියා පේනවා. අනේ පව්. අද ඉපදුණා වගේ අදහස්...

:       23       36

චන්දිම Friday, 02 June 2023 11:10 PM

මහත්තයෝ එහෙනම් අර මැන්දිස් ස්පෙෂල් කාරයාගේ බිලියන ගානක බදු ටිකත් අය කර ගන්න කියන්න. මොකද මිනිහා ගෙවන්න තියෙන බදු වලින් නිදහස් කලේ ඔය අද ටැක්ස් ෆයිල් දාන ටයි කොට් ලොක්කමනේ.

:       0       0

ගමේ එකාලා Friday, 02 June 2023 03:17 PM

මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ? රටම හොරාකාලා විනාශ කරපු කාලකන්නි දූෂිත දේසපාලුවන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති ?

:       9       37

සාලිය​ Friday, 02 June 2023 03:20 PM

මොලේ කලඳක් වත් තිබෙනවා නම් ලක්ශෙට බදු ගහනවා ද​? මුන් මිනිස්සු ද​? ලමයි ට උගන්නලා, බිල් වලට​, බේත් වලට​, මග වියදමට ගියාම කන්න තියා ලෙව කන්න වත් ඉතුරුද​? උසාවි යන්න හිරේ යන්න මිනිස්සුන්ට වෙන්නේ..ගෙවා ගන්න බැරිව​.

:       8       45

Nimal Friday, 02 June 2023 03:37 PM

එතකොට උඹල ‌හොරා කාපු සල්ලි හොයාගන්න විදිහක් නැද්ද?

:       5       43

Lakshan Friday, 02 June 2023 04:35 PM

රීරි මාංශ ඔක්කොම උරාගන්න හදන්නේ.

:       9       33

de silva Friday, 02 June 2023 06:06 PM

බදු ලිපිගොනු කෝටියක් විවෘත කළත් වැඩක් නැහැ... ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉන්නේ හොරු නම්...

:       3       33

පැරකුම්Saturday, 03 June 2023 12:21 PM

De Silva ඔබ ඉතාමත් නිවැරදියි. පලමුව ඔය දෙපාර්තමේන්තුව ශුද්ධ කල යුතුයි.

:       0       0

සදුන් Friday, 02 June 2023 06:31 PM

පරක්කුවෙලා හරිගත් ඉතාම හොඳ දෙයක්. හැමෝම ආදායම් රජයට වාර්තා කළ යුතුයි. ඒක අනිවාර්යයි. ගොඩක් රටවල්වල එහෙමයි. මේකේ වාසි තමයි, (1) ආදායම් වැඩි අයට බදු (2) ආදායම් ඉතා අඩු අය තෝරාගෙන සහනාධාර දෙන්න පුළුවන් (3) හැමෝගේම ආදායම වාර්ෂිකව වාර්තාකරණ නිසා, අසාමාන්‍ය අදායම් වැඩිවීම්, අක්‍රමිකතා හඳුනාගන්න පුළුවන් (3) අදායම්/ වියදම් cross-check කරන්න පුළුවන් නීති ගේන්න ඕනේ... වාර්තාගත නැති අදායම් හංගන්න බැරි වෙන්න. මේවා හැදෙන්න ටික කාලයක් යාවි. මේ පියවරවල් නැතිව ආර්ථිකය ගොඩ නගන්න බැහැ...

:       18       28

Walter H. White Friday, 02 June 2023 07:27 PM

මේ අදහසට විරුද්ධ වන්නන් ගැන මට පුදුමයි... ඒ තරම් බුද්ධිය අඩුයිද ලංකාවේ මිනිසුන්ගේ? 1920 කාලයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටියා අල් කැපොන් කියලා පාතාලයෙක්, පාතාල රජෙක්, මේ මිනිහා කොයිතරම් දූෂිත ක්‍රියා කලත් නීතියෙන් ගැලවුණා..., අන්තිමට මොහු හිරේ ගියේ බදු වංචාවක් නිසා, අවුරුදු 10කට හිරේ ගියායින් ඔහුගේ බල බිඳුණා. ලංකාවෙත් දූෂිත නිලධාරීන් දේශපාලනඥයින් දේපල ගන්නේ අනුන්ගේ නමට, මේ දේවල් නවත්වන්න නම් සියලුම දෙනා බදු ලේඛනයක ලියාපදිංචි විය යුතුයි. එවිට ආදායම් සඟවන්න බැහැ. දේපළ ගැන නියමිත වාර්තාවක් දිය යුතුයි, මේ දේ හරියට කළොත් මේකම ඇති මේ රට හරි පාරට ගන්න.. මගේ අදහස නම් මේ දෙයට විරුද්ධ වන්නන් ජාතිද්‍රෝහීන්...

:       21       35

NuwanFriday, 02 June 2023 08:45 PM

විරුද්ධ වෙන්නේ මේ හොඳ ප්‍රතිලාභ නොදන්නා නිසා නොවේ... හොර දේශපාලකයෝ මේකෙනුත් ගැලවිලා ඉන්න ක්‍රමවල් හදාගනියි... වංචාකාර නිලධාරින් අල්ලාගෙන.. නමුත් දුප්පත් මිනිහාගේ බදුමුදල් 100%ක් නිවැරැදිව කපයි. ඔවුන් ඒකෙන් නඩත්තු වෙයි අපූරුවට...

:       1       0

Samitha S. Aluthgamage Friday, 02 June 2023 09:26 PM

ඔබතුමා කියනා දේ එක්පැත්තකින් ඇත්ත.ඒත්,මේවා කරන්න කලින් දේශපාලකයන් හොරා කෑ දේ නැවත පවරා ගැනීමට කටයුතු කළ යුතුයි නේද ? මේ රටේ මිනිසුන් බහුතරය එකාමෙන් පෙළගැසී හොඳ දේශපාලනඥයන් ද සමගින් එක්ව ජාත්‍යන්තරයේද සහාය ගෙන හොරුන්ගේ පිටරට හා මෙරට වත්කම් සොයාගෙන ඒවා මහා භාණ්ඩාගාරයට ලබාගත යුතුයි. ඉන් අනතුරුව මේවැනි දේ ගැන සිතිය යුතුයි.අපේ රටේ රටේ ජනතාවගේ බදු සල්ලි කොල්ල කෑ අය ගැන මීට වඩා කැක්කුමක් අපට තිබිය යුතුයි නේද ?

:       0       0

senaSaturday, 03 June 2023 10:38 AM

ලංකාවේ ආදායම හංගන්න බැහැ කියලා ඔබ හිතනවද ?එහෙම නම් කුඩු කාරයෝ බැංකු කඩපු උන් ආණ්ඩුවේ ඉන්න කොමිස් කාක්කෝ ඔක්කොම කොටුවෙයි නේද?

:       1       0

chandima Friday, 02 June 2023 09:18 PM

අරුන්ට බුරියානි කන්න ගෙවපියව් බදු

:       1       0

ddd Friday, 02 June 2023 09:19 PM

මෙවර චන්දයෙන් සොරකම් නොකරන පිරිසක් පත්කරගමු .මෙයා කරපු දේකුත් නැහැ ,කරන දේකුත් නැහැ .නීත්‍යානුකුල ජනපති කෙනෙක් නොවී

:       1       0

චන්දිම ෆොන්සේකා Friday, 02 June 2023 11:07 PM

ටැක්ස් ෆයිල් ඕපන් කරපල්ලා. ඊළඟට ඕව සිස්ටම් එකට එන්ටර් කරන්න කියලා කොටි ගණන් වියදම් කරලා කොම්පියුටර් ගෙනාපල්ලා. ඊළඟට කට්ටිය පුහුණු කරන්න කියලා පන්දම් කාරයෝ ටික රැන් පිටින් රට රටවලට යවපල්ලා. ටික කාලයක් කොටලා කොටලා අන්තිමේදී අර ආදායම් බදු එන්ටර් කළා වගේ කරලා කොම්පුටර් කැඩිලා සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ කියාලා අයෙත් ලිපි ගොනු කඩදහි පෑන් පැන්සල් වලින්ම වැඩ පටන් ගනිල්ලා. කොටි ගණන් සල්ලි දාපල්ලා වතුරේ. අනේ අපි නොදන්නවාද උඹලගේ ටැක්ස් ෆයිල් කෙරුවාව. අනේ නිකම් හිටපල්ලා.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 12 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 309 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 413 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 952 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 876 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 711 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site