IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්

(යොහාන් භාසුර)

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි දීමනාව කපාහැරීමට වරාය අධිකාරියේ පරිපාලනය කටයුතු කිරීම නිසා එහි සේවකයෝ ඊයේ රාත්‍රී පැය 4 කට ආසන්න කාලයක් වැඩ වර්ජනයකට නිරත වූහ.

එම පර්යන්තවල සේවකයෝ ඊයේ රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වර්ජනයේ නිරත වූ බවත් ඒ හේතුවෙන් අවම වශයෙන් වරාය අධිකාරියට රුපියල් කෝටි 30 ක පමණ අලාභයක් සිදුවන්නට ඇති බවත් වරාය අධිකාරිය උසස් නිලධාරියෙක් පැවසීය.

වරාය අධිකාරී පරිපාලනය එම සේවකයන්ගේ නිවාඩු දින අතිකාල දීමනාව පැවති ක්‍රමයටම ලබාදෙන බවට නැවතත් ලිපියක් නිකුත් කිරීමෙන් පසු අද (10) අලුයම 12.30 ට පමණ සේවකයන් වැඩ වර්ජනය අතහැර දැමූ බවද එම නිලධාරියා කීය.

සේවකයන් මෙම වැඩවර්ධනය ආරම්භ කරන විට එම පර්යන්ත දෙකේ භාණ්ඩ නෞකා 6 ක් නැංගුරන් ලා තිබූ බවත් වර්ජනය හේතුවෙන් එම නෞකා හයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටි බවත් එම නිලධාරියා කීය.

 



අදහස් (0)

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 78 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 516 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 3497 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 1717 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 859 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 1017 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 893 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1412 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 363 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site