හෙරොයින් ග්‍රෑම් 5ක් කොත්තුවෙන් එළියට හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5කට අසන්න ප්‍රමාණයක් කොත්තු රොටියක සඟවා කලුතර බන්ධනාගායේ රැඳවියන් දෙදෙනකුට ලබා දීමට උත්සහ කළ පුද්ගලයන් දෙදෙනකු අද (12) අත් අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය. 12 March 2018
සොත්ති උපාලිගේ දුවෙක් කුඩු සමඟ අල්ලයි ඝාතනයට ලක්වූ පාතාල නායක සොත්ති උපාලි ගේ වැඩිමහල් දියණිය හෙරොයින් මත්කුඩු පැකට් පහක් සමඟ බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ නිවසකදී අත් අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 12 March 2018
ෆේස්බුක් තහනමට එරෙහිව පැමිණිලි ගලයි ෆේස් බුක්,වයිබර්,වට්ස්අප් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීමට එරෙහිව සංවිධාන සහ පුද්ගලයෝ රැසක් මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරනු ලැබ සිටිති. 12 March 2018
ගාල්ලට ආසන 2000ක සම්මන්ත්රණ ශාලාවක් ගාල්ල නගරය සඳහා ආසන 2000 කින් යුත් සම්මන්ත්රණ ශාලාවක් ඉදිකිරීමට යෝජනා වී ඇතැයි වාර්තාවේ. 12 March 2018
තොරතුරු පනත සක්‍රීයව පවත්වාගෙන යන්න තොරතුරු ඉල්ලීම වැඩි කළ යුතුයි තොරතුරු දැනගැනීමේ පනත සක්‍රීයව පවත්වාගෙන යෑමට නම් තොරතුරු ඉල්ලීම වැඩි කළ යුතු යැයි සංවර්ධන සන්නිවේදන විශේෂඥ නාලක ගුණවර්ධන මහතා කොළඹ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේදී අද (12) ප්‍රකාශ කළේය. 12 March 2018
බිත්තර ආනයනය තහනම් කරයි බිත්තර ආනයනය කිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය. 12 March 2018
කත්මන්ඩු ගුවන්තොටුපොලට බැස්සවීමට ගිය යානයක් කඩාවැටීමෙන් 40 ක් මරුට නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට ගිය මගී ගුවන් යානයක හටගත් දෝෂයක් නිසා ධාවන පථයෙන් පිටතට යානය කඩාවැටීමෙන් පසුව එහි ගමන්ගත් මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු අතුරින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. 12 March 2018
ෆේස් බුක් තහනම ඉවත් කරන්න රජයෙන් කොන්දේසි ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය ලබාදෙන කොන්දේසි ඉටුකිරිමට ෆේස් බුක් ආයතනය කටයුතු කළහොත් එම තහනම ඉවත් කිරිමට පියවර ගන්නා බව විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය. 12 March 2018
ගුවන් යානා කොටස් කිහිපයක් අළුබෝමුල්ලෙන් පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ තිබී ගුවන් යානා කොටස් කිහිපයක් පොලිසිය සොයා ගෙන ඇත. 12 March 2018
වෛද්‍ය සභා නීතීවේදියා නැතිව සයිටම් නඩුව කල්යයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් දුන් අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයකට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම් වැඩිදුර විභාගය ලබන 27 , 29 සහ අප්‍රේල් 2 යන දින දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය. 12 March 2018
කෝටි 35ක හෙරොයින් පුත්තලමේදී විනාශ කරයි පුත්තලම මහාධිකරණයේ විභාග වූ නඩු විභාගයකට අදාල හෙරෙයාන් මත් කුඩු කිලෝ 35ක් කේරල ගංජා ගංජා කිලෝ 02 ක් ඇතුළු නඩු භාණ්ඩ තොගයක් පුත්තලම මහධිකරණ භූමියේදී අද දහවල් විනාශ කරන ලදී. 12 March 2018
ජනපතිගේ අගමැතිගේ ෆේස්බුක් වැඩ - ගම්මන්පිල ආණ්ඩුව වෛරී ප්‍රකාශ පාලනයට මුවාවී සමාජ මාධ්‍ය ජාල තහනම් කර ඇත්තේ ආණ්ඩු විරෝධය මර්දනය කිරීමට යැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 12 March 2018
අධිකරණ සංවිධාන කෙටුම්පතට එරෙහිව පෙත්සමක් අධිකරණ සංවිධානය පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් , එබැවින් පනත් කෙටුම්පත් විශේෂ බහුතර සංඛ්‍යාවකින් හා ජනමත විචාරණයකින් සම්මත කරන්නැයි ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (11) ශේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කළේය. 12 March 2018
මුහුදු නොයන්නැයි ධීවරයන්ගෙන් ඉල්ලයි අද (12) සහ හෙට (13) මුහුදු යන්න නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි. 12 March 2018
සමාජ ජාලා මගින් අසත්‍ය ප්‍රචාර යැවු සිසුවා යළි රිමාන්ඩ් හදිස්සි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී ජාතීන් අතර සංහිඳියාව බිඳදැමීමේ අරමුණින් සමාජ ජාල මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළේ යැයි කියන පාසැල් සිසුවා ලබන 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (12) නියෝග කළේය. 12 March 2018
අනධ්‍යයන සේවක වර්ජනයෙන් සරසවි අකර්මන්‍ය වෙයි විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වී ඇතැයි රාජ්‍ය විශ්ව විද්‍යාල වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. 12 March 2018
ස්ථානමාරු අවලංගු කරන්නැයි වහලය මතට නගිති උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රියදුරන් සිව් දෙනෙකු වෙනත් දෙපාර්තමේන්තුවකට ස්ථාන මාරු කිරිමට විරෝධය පළ කරමින් ඉන් රියදුරන් දෙදෙනෙකු අද (12) පෙරවරුවේ සිට අනුරාධපුර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයයේ වහලය මතට නැග විරෝධතාවයක නිරතව සිටිති. 12 March 2018
පාසල් යමින් සිටි සිසුවාට අලියා පහර දෙයි පාසල් යමින් සිටි හල්දුම්මුල්ල නිකපොත අක්කරසීය ප්‍රදේශයේ අටහැවිරිදි පාසල් සිසුවෙකු අද(12) උදෑසනදී වනඅලි ප්‍රහාරයකට ලක්වී කොස්ලන්ද දිසා රෝහලට ඇතුළු කර තිබේ. 12 March 2018
ආපනශාලාවට පෙට්‍රල් බෝම්බ ගැසු හතක් සැකපිට ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. 12 March 2018
චීන ජනපතිට හිතේ හැටියට බලේ ඉන්න අවස්ථාව ජනාධිපතිවරයකුට ධුරය දැරීමට හැකි කාල සීමාව වෙනස් කරමින් ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට ඕනෑ තරම් කාලයක් බලයේ සිටීමට චීන කොමියුනිස්ට් පක්ෂය අද, ඉරිදා (11) අවස්ථාව සැකසීය. 11 March 2018
ගිනි තැබූ කඩය දවසින් හදයි ආණමඩුව නගරයේ තිබූ ආපන ශලාවකට (11) අද අලුයම කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කිරිමට කම්පා වූ නගරයේ ව්‍යාපරික සංගමය හා ජනතාව එක්ව දිනක් ගතවීමටත් මත්තෙන් අදාල ස්ථානය තිබූ තත්වයට ගෙන ඒමට කටයුතු කර තිබුණි. 11 March 2018
බ්‍රිතාන්‍ය තරුණිය අපයෝජනය කළ ලක් තරුණයා හිරේ බි්රතාන්ය තරුණියක බියවද්දවා අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ලාංකික සිසුවෙකුට වසර 12 ක සිරදඬුවමක් නියම කිරීමට බි්රතාන්යයේ මැන්චෙස්ටර් අධිකරණය තීන්දු කර ඇතැයි එරට පළවන මැන්චෙස්ටර් ඊවිනින්ග් නිව්ස් වෙබ් අඩවිය අද (11)වාර්තා කර ඇත. 11 March 2018
මාකඳුරේ මධුෂ්ගේ ගොලයෝ දෙන්නෙක් මාතරදී කොටුවෙති මාකඳුරේ මධූෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රභල ගෝලයන් දෙදෙනෙකු අද (11) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 11 March 2018
සියලුම විලවුන් වර්ග ඔක්තෝම්බරයේ සිට නියාමනය කෙරෙයි ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලුම විලවුන් වර්ග නියාමනය 2017.10.10 දින සිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ආරම්භ කර ඇති බවත් එම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම නොකළ යුතු බව එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා අවධාරණය කර සිටියි. 11 March 2018
දෙමළ ඩයස්පෝරාව මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැන ගතු කියයි යුද්ධය අවසන් වී වසර නවයක් ගත වුවද දෙමළ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිඳු විසඳුමක් ලබා දී නැතැයි දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතවරියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයේදී ප්‍රකාශ කර තිබේ. එමෙන්ම යුද්ධය පැවති කාලයේ දී හා ඉන් පසුව අතුරුදන්වූවන්ගේ රහස් වාර්තාව මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බවද ඇය සදහන් කර ඇත. 11 March 2018
ෆේස්බුක් තහනම ඉවත්කිරීම ජාතිවාදී ප්‍රකාශ නැත්නම් පමණී රටතුළ ජාතීවාදී ආගම්වාදී සහ අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම නැවතී ඇතිබවට ආරක්ෂක අංශ රජයට වාර්තාකළ පසුව සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවත්කීරීම සම්බන්ධයෙන් සලකා බලන බවද ජනාධිපති ලේකම් ප්‍රනාන්දු මහතා සදහන්කළේය. 11 March 2018
භාෂණයේ නිදහසට මුවාවී තක්කඩි වැඩ කරලා - ඇමති දුමින්ද ඇතැම් වෙබ් අඩවිකරුවන් තම නම ඈඳා බොරු පුවත් නිර්මාණය කර පසුව මාසිකව වෙළෙඳ දැන්වීම් ඉල්ලමින් සමාදාන වීමේ සදාචාර විරෝධී මාධ්‍ය භාවිතයක නියැලෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි. 11 March 2018
නීතිය හා සාමය ඇමැති හෙට පොලිස් ප්‍රධානීන් හමුවෙයි මහනුවර දිස්ත්‍රික්කයේ පවතින වර්තමාන තත්ත්වය හා රටේ අනෙකුත් පළාත්වල නීතිය හා සාමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පොලීසියේ ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (12) පැවැත්වීමට නියමිතය. 11 March 2018
පියාගේ ඝාතකයින්ට සමාව දුන් බව රාහුල් ගාන්ධි කියයි සිය පියාගේ ඝාතකයන්ට නැගෙණිය විසින් සම්පූර්ණයෙන්ම සමාව දී ඇතැයි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි සිංගප්පූරුවේදී පවසා ඇත. 11 March 2018
මහනුවර සංචාරයේ යෙදෙනවා නම් ප්‍රවේශමෙන්- අරාබියෙන් නිවේදනයක් මහනුවර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ඇතිවූ ගැටුම් හේතුවෙන් ලංකාවේ සංචාරය කිරීමේදී දැඩි අවධානයෙන් සිටින්නැයි එක්සත් අරාබි එමීර් රාජ්යේ සිය වැසියන් වෙත සංචාරක උපදේශන නිකුත් කරනු ලැබ ඇතැයි එරට පළවන ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය අද (11) වාර්තා කර ඇත. 11 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026