පවිත්‍රා එනකල් වැඩබලන්න චන්න ජයසුමන සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යළි සේවයට වාර්තා කරන තෙක් එම ධූරයේ වැඩබැලීම සඳහා මහාචාර්ය චන්න ජයසුමන මහතා පත්කරනු ලැබ ඇත. 16 February 2021
බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙදෙනකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි 18 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියම කළේය 16 February 2021
එම්. එස්. දෝනි සිනමාපටයේ රගපෑ සන්දීප් නහාර් දිවි නසා ගනී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අද්වීතීය නායකයා වන මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ ‘එම් එස් දෝනි - ‘දි අන්ටෝල්ඩ් ස්ටෝරි’ (නොකියූ කතාව) සඳහා රංගනයෙන් දායක වූ ප්‍රකට ඉන්දියානු රංගන ශිල්පී සන්දීප් නහාර් මහතා දිවි නසාගෙන තිබේ. මුම්බායි පොලිසිය එම දිවි නසාගැනීම තහවුරු කර ඇත. 16 February 2021
කුසල් - භානුක - ධනුෂ්ක යෝග්‍යතා කඩුල්ල පනිති ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා පසුගිය සතියේ පැවැති කිලෝ මීටර් දෙකක් දිවීමේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්වූ ක්‍රීඩකයින් වෙනුවෙන් අද (16 වැනිදා) පැවැති දෙවැනි පරීක්ෂණයේදී ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ ඉන් සමත් වූහ. 16 February 2021
කලවානේ රාජ්‍ය බැංකුවක් වසාදමයි කලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවකයකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම බැංකු ශාඛාව වසාදැමීමට බැංකු කළමනාකාරීත්වය අද (16) තීරණය කර ඇත. 16 February 2021
අහංගම පාසලක් වසාදමයි අහංගම ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක ගුරුවරියකට කොරෝනා ආසාදනයවීම නිසා එම විදුහල තාවකාලිකව වසා තැබීමට අහංගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. පී. ගයාන් අසංක මහතා පියවර ගෙන තිබේ. 16 February 2021
දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ් මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් වසන්ත ආරියරත්න මහතා අද (16) නියෝග කළේය. 16 February 2021
’මිදිගම චින්තක’ගේ ගෝලයෙක් අත්අඩංගුවට දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ’මිදිගම චින්තක’ නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු ත්‍රිරෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ රාත්‍රී ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි 16 February 2021
ජන ජීවිතයට ඇති බාධා ඇති සැටියෙන් වටහා ගනිමු ලාදුරු රෝගය වැළඳුණ වනගත රිළවකු සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේදී සොයාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරන බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මෙම රෝගය වැළඳුණ සත්වයකු මෙරටින් සොයා ගැනුණේ පළමු වතාවට බවත් ප්‍රදේශයේ බිම වැටී සිටි රිළවකු ගම් වැසියකු දැක වනජීවී නිලධාරීන්ට බාර දී ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 16 February 2021
සීගිරිය - පිදුරංගල පේනමානයේ අවුඩංගාවේත් පරිසරය වනසති සීගිරි පව්වත් පිදුරංගල පව්වත් පෙනෙන මානයේ සීගිරිය අවුඩංගාව ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා සංවිධානාත්මක කණ්ඩායමක් මේ දිනවල වන සතුන් ගහනව සිටින මහ කැලෑව කපා ගස් කොළන් කපා බිම දමා හෙළිපෙහෙළි කර විනාශ කරමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. 16 February 2021
ගුරුවරියකට කොරෝනා නිසා හැටන් පාසලක් වසාදමයි හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පාසලක ගුරුවරියකට කොවිඩ්-19 වයිරසය අසාදනය වී ඇති බවට තහවුරු වු නිසා එම පාසල විෂබීජහරණය කරන තෙක් අද(16) දින සිට තාවකාලිකව වසා දැමු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවැසූහ. 16 February 2021
මුහුදේදී තමන් එලූ දැලේ පැටලී ධීවරයෙක් මරුට කල්පිටිය දූපත් ආශ්රිත දියඹ මුහුදේ ලයිලා නම් දැල් විශේෂයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකු, තමන් විසින් එලන ලද දැලට පැටලී ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇතැයි,කල්පිටිය පොලිසිය පවසයි. 16 February 2021
සිසුවාගෙන් ගුරුවරියට කොරොනා වැළඳී පන්තිය වසාදමයි උස්සාපිටියේ පාසලක සිසුවකුට කොවිඩ්- 19 වයිරසය ආසාදනය වීම නිසා ඔහු ඉගෙනුම ලැබු පංතියේ පංතිභාර ගුරුතුමියටද වයිරසය ආසාදනය වී ඇතැයි අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා අද(16) පැවසීය. 16 February 2021
කොරෝනා මරණ 400 පනී කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකු අද (15 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 15 February 2021
කොරෝනා මර්දන එන්නත් මිලදී ගැනීමට නීතීපති අනුමැතිය ඉන්දියාවේ සීරම් ලිමිටඩ් ආයතනයෙන් කෝව්ඩ් 19 හෙවත් කෙරෝනා මර්දන එන්නත් රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාවට මිලදී ගැනීම සඳහා වන ගිවිසුමට නීතීපතිවරයා අනුමැතිය ලබා දී ඇත. 15 February 2021
අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී කොරෝනා සෑදී මියයයි කොවිඩ්-19 ආසාධිතව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා අද (15) මිය ගිය බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය. 15 February 2021
ඉන්දියාව අධිවේගී මිසයිල තාක්ෂණය අත්හදා බලයි ඉන්දියාව අධිවේගී මිසයිල තාක්ෂණය සාර්ථකව අත්හදා බලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 15 February 2021
දරුවන්ට වස පොවා මවත් වස බොයි දඹුල්ල යාපාගම ප්‍රදේශයේ වයස අවුරුදු එකක සහ වයස අවුරුදු තුනක දරුවන් දෙදෙනාට වස පොවා මව ද වස බීමේ සිද්ධියක් අද (15) වාර්තා වී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 15 February 2021
පාසල්වල අතිරේක ක්‍රියාකාරකම් නවත්වන්න නියෝග අධ්‍යාපන කටයුතු හැර පාසල්වල පවත්වන සෙසු ක්‍රියාකාරකම්, වැඩසටහන්, උත්සව යනාදීය තාවකාලිකව කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබාදී තිබේ. 15 February 2021
නයිවල ඇඟලුම් කම්හලක සේවකයන්-ආශ්‍රිතයන් 21කට කොරෝනා නයිවල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ඇතුළු ඔවුන්ගේ ආශ්‍රිතයන් 21දෙනෙකු කොවිඩ්- 19 ආසාධිතයන් බව අද (15) හඳුනා ගත් බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 15 February 2021
සුවය ලැබූවන් 69,000 පනී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව සිටි 715ක් සුවය ලබා අද(15) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 15 February 2021
පෞද්ගලික බස් හිමියන්ට නව ණය යෝජනා ක්‍රමයක් කොවිඩ් - 19 වසංගතය හමුවේ අභියෝගයට මුහුණ දුන් පොදු ප්‍රවාහන සේවාව නැවත නංවාලීම සඳහා පෞද්ගලික බස්රථ හිමියන් වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 15 February 2021
මත්පෙති 5ට වසර 5ක් හිරේ මත් පෙති 05ක් ළඟ තබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වසර 05ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය. 15 February 2021
සා.පෙළ උපකාරක පන්ති පෙබ 23 තෙක් පමණයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය (2020) වෙනුවෙන් සිදුකරන උපකාරක පන්ති සහ සම්මන්ත්රණ පෙබරවාරි 23 දා මධ්‍යම රාත්‍රීයෙන් පසු තහනම් කරන බව අධ්‍යාපන කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය. 15 February 2021
45 දෙනකුගේ රෑ කෑමට 247,000 ක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වසර අවසාන විශේෂ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ රාත්‍රී ආහාර වේල සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් වැය කර ඇත. 15 February 2021
පුද්ගල ඝාතනයට ඔහුගේ මව - සහෝදරයා අත්අඩංගුවට සිය බාල පුතා සමඟ එක්ව වැඩිමහල් පුතුගේ පසුපස හඹාගොස් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ මව සහ පුතුන් දෙදෙනකු විශාල මන්නා පිහියක් සමඟ අද (15) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි . 15 February 2021
සමගි ජනබලවේගය සඳහා තවත් ආසන සංවිධායකවරුන් 35ක් සමගි ජන බලවේගය සඳහා තවත් සංවිධායකවරුන් 35 දෙනෙකු ඉදිරි සති කිහිපය තුළ කඩිනමින් පත් කරන බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය. 15 February 2021
ඌව ආණ්ඩුකාරවරයාගේ දියණිය බ්‍රිතාන්‍ය මැතිවරණයට තරග වදී ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. ඒම්. මුසම්මිල් මහතාගේ දියණිය වන ෂස්නා මුසම්මිල් මහත්මිය බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් කවුන්සිලය සඳහා කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් මාර්තු 6 වැනිදා පැවැත්වෙන මැතිවරණයට අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්ව සිටීන්නීය. 15 February 2021
නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් ඉල්ලා 12 දෙනෙක් උසාවි යති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළග නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා හිටපු ටෙස්ට් ක්‍රීඩකයින් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන මාර්තු 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ එහි විධායක කමිටුවට නොතීසි නිකුත් කළේය. 15 February 2021
20ට සහාය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට කිසිදු සමාවක් නැහැ ඒකාධිපති ව්‍යවස්ථාවක් වෙනුවෙන් තුනෙන් දෙකක බලයක් ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ජනතාවගෙන් දැන් සමාව ඉල්ලා පලක් නොවන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කොළඹදී අද(15) පැවසීය. 15 February 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026