තෙල් අහේනිය අස්සේ අධිබලැති යතුරු පැදි සවාරි ප්‍රබල දේශපාලඥයකු මැදිහත් වි කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් තිබු අධිබලැති එන්ජීන් ධාරිතාවයකින් සමන්විත යතුරු පැදි සවාරියට පුත්තලම දළුව මංසන්දියෙදී කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මිගට්ටු වත්තේ සුමිත්ත හිමියෝ ඇතුළු පිරිසක් දැඩි විරෝධයක් පෑහ. 17 March 2022
පාසල් සිසුන් රැගත් බසය පෙරළී 20ක් රෝහලට හම්බන්තොට කටුවන ජාතික පාසලේ සිසුන් රැගත් බස්රථයක් හදුගල හිගුරවත්ත පාලම අසලදී අනතුරකට පත්වී බරපතල තත්වයේ සිටි සිසු සිසුවියන් විසි දෙදෙනකු ලබා රෝහලගත කර ඇතැයි වලස්මුල්ල පොලිසිය පවසයි. 17 March 2022
ඉන්ධන අර්බුදය තේ කර්මාන්තයටත් වදී ඉන්ධන නොමැතිවීම හා විදුලි කප්පාදුව හේතුවෙන් තේ කර්මාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇතැයි තේ කර්මාන්තකරුවෝ පවසති. 17 March 2022
වැලි ජාවාරම්මු අම්බලන්තොට ගමක් වනසති වැලි ජාවාරම්කරුවන් විසින් කාලයක් තිස්සේ සිදු කරන ලද ගොඩ වැලි ජාවාරම හේතුවෙන් අම්බලන්තොට වලේවත්ත ගම්මානය ජනතාවට පදිංචිව සිටීමට නොහැකි තරමට විනාශ වී ගොස් ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි. 17 March 2022
පමා නොවී අයි.එම්.එෆ් ගියා නම් රට මේ තරමට කඩා වැටෙන්නේ නෑ ශ්‍රී ලංකාවට මෙතරම් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රමාද වූ නිසා බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 March 2022
අලුත් ආසාදිතයෝ 301 ක් කොවිඩ් ආසාදිතයින් තව 301 ක් අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 17 March 2022
හෙට පැය 5 ක් ලයිට් නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (18) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (17) පස්වරු පැවසීය. 17 March 2022
අලුත් කොරෝනා මරණ 3 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් තිදෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 17 March 2022
ආණ්ඩුවේ තියෙන වැරැදිවලට එක් කෙනෙකුට දොස් කියන්න බෑ ආණ්ඩුවේ පවතින වැරදි සම්බන්ධයෙන් එක්පුද්ගලයෙකු ඉලක්ක කර දොස් කිව නොහැකි බවත්, පිරිහීම ඇත්තේ සමස්ත ක්රියාවලියේම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 17 March 2022
රන් මාල කඩන සංවිධානාත්මක කල්ලියක 6ක් අත්අඩංගුවට යතුරු පැදිවලින් සංවිධානාත්මකව ගොස් මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල කඩ ගැනීමේ නිරත සැකකරුවන් තිදෙනකු ඇතුලු හය දෙනකු රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 17 March 2022
ඩොලර් බිලියනයක ණයට අත්සන් තැබීම අද ඉන්දියාවෙන් ලබාදෙන ඩොලර් බිලියනයක ණය මුදල සඳහා වන ගිවිසුමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (17) පස්වරුවේ අස්සන් තැබීමට නියමිත බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 March 2022
රුසියාවට එරෙහිව නියෝගයක් රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කර ඇති යුද ක්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව ජාත්‍යන්තර අධිකරණය ඊයේ නියෝග කළේය. 17 March 2022
පළමු නෞකාවේ ගෑස් ගොඩබෑම අරඹයි කොළඹ වරාය ආසන්න මුහුදේ පුරා දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකෙන් පළමු නෞකාවේ ගෑස් ගොඩබෑම අද (17) ආරම්භ කළ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 17 March 2022
කිරි නිෂ්පාදන-පලතුරු බද්ද තවත් ඉහළට ආයනයන සීමා කිරීම සඳහා රජය පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ ඇතුළු වූ කිරි ආශ්‍රීත නිෂ්පාදන සහ පලතුරු ආහාර 9ක බදු තව දුරටත් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. 17 March 2022
මොන ප්‍රශ්න ආවත් නුවරඑළිය ‘වසන්තය‘ පවත්වනවා රටේ මොන තරම් ප්‍රශ්න තිබුණද එළඹෙන අප්‍රේල් මස නුවරඑලිය වසන්ත උදානය අප්‍රේල් (01) දින සිට ආරම්භ කරන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායන මහතා පැවසිය. 17 March 2022
කෝටි 1000 ක ගෙවීම් ප්‍රමාදයෙන් රසායනාගාර පරීක්ෂණ සීමාවෙයි රසායනාගාර ප්‍රතික්‍රීයක ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සදහා රුපියල් බිලියන 10 ක (කෝටි 1000) පමණ ගෙවීම් ප්‍රමාදවීම නිසා රසායනාගාර පරීක්ෂණ සහ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රැසක් ක්රමාණුකූලව නතරවන තත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. 17 March 2022
කැස්බෑව ඉන්ධන පිරවුම්හලේ ගුටි කෙළියක් කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස් දුරදිග යාමෙන් ඇතිවූ තත්වය පාලනය කිරීමෙන් පසු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය කියයි. 17 March 2022
‘ඉන්ධන-ගෑස් ලබාදීමේදී සංචාරක ක්ෂේත්රයට ප්‍රමුඛතාව දෙන්න‘ ඉන්ධන හා ගෑස් ලබාදීමේදී සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ට ප්‍රමුඛතාව දෙන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අදාළ විෂයභාර ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 17 March 2022
’’ණය ගෙවනකල් ගෑස් දෙන්නෑ’’ කොළඹ වරාය ආසන්න මුහුදේ දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකට ඩොලර් මිලියන 8 ක මුදල ගෙවූවද ලිට්රෝ සමාගම ගෙවීමට ඇති ඩොලර් මිලියන 6 ක ණය මුදලක් පියවන තෙක් ගෑස් නිදහස් කළ නොහැකි බවට අදාල විදේශ ගෑස් සමාගම පැවසීමෙන් අර්බුදයක් නිර්මාණ වී ඇති බව වාර්තා වේ. 17 March 2022
සූර්ය පැනල ජාතික විදුබල පද්ධතියට එකතු නොකිරීම ගැන වාර්තාවක් ඉල්ලයි නිවාස සහ ආයතන රැසක සවිකර ඇති සූර්ය පැනලවලින් ජනනය වන විදුලිය ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම ප්‍රමාද වී ඇති බවත් එම විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එකතු නොකිරීම සහ ප්‍රමාද කිරීම පිළිබඳව කඩිනම් වාර්තාවක් දෙන ලෙස බලධාරීන්ට විදුලිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝග කළ බවත් එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 17 March 2022
බැසිල්-ඉන්දීය විදේශ ඇමැති අතර හමුවක් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා නව දිල්ලි නුවරට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා සමග ඊයේ (16 ) ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීය. 17 March 2022
ජනපතිගෙන් කබ්රාල්ට ලොකු සහතිකයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉවත් කරන ලෙස තමා දැනුම් දුන් බවට පළවී ඇති ඇතැම් මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 17 March 2022
‘කළු රෙදි වලින් මුහුණ වැසූ නිලධාරීන් පොලුවලින් පහර දුන්නා‘ ’’කළු පාට රෙදි කැබිලිවලින් මුහුණ වසාගත් නිල ඇඳුමෙන් සැරසී සිටිය යුද හමුදා නිලධාරීන් පොලු වලින් පහර දුන්නා ’’ යැයි පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේ දී සිදු කළ උද්ඝෝෂණයට යුද හමුදාව පහර දී වෙඩි තබා තිදෙනෙකු මියගොස් තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගයේදි සාක්ෂි දෙමින් ජයවර්ධන පෙරේරා නැමති සාක්ෂිකරු පැවසීය . 17 March 2022
පොලිතින් නිෂ්පාදන මිල සියයට 40 කින් ඉහළට පොලිතින් නිෂ්පදානවල මිල සියයට 40 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා පැවසීය. 17 March 2022
ඉසෙඩ් ඩී ඇළෙන් ගොඩ ආ අලි දෙදෙනා යකා නටති පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේදී අද (17 ) අලුයම ඉසෙඩ්.ඩී ප්‍රධාන ඇළට වැටී සිටි අලි දෙදෙනෙකු ගොඩට පැමිණීමත් සමඟ ඉන් එක් අලියෙකු අසළ තිබූ යතුරු පැදියට පහර දී විනාශ කර කාලිංගවිල රක්ෂිතයට පලා ගිය බව වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන් කළහ. 17 March 2022
‘රටේ අර්බුදය ගැන ජනාධිපතිවරයාටත් අවබෝධයක් නෑ‘ රටේ පවතින අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයාට කිසිදු දැනීමක් නොමැති බව ඔහු ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. 17 March 2022
දුම්රියෙන් වැටී විදේශිකයෙක් මරුට කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඊජිප්තු ජාතික සංචාරකයෙකු පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියෙන් වැටි බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව පට්ටපොල පොලිසියේ නිලධාරියෙකු පැවසිය. 17 March 2022
ශ්‍රී ලංකාව ගැන එංගලන්තයෙ සංචාරක උපදේශන වැරදි එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනයේ නවතම සංශෝධනවලදී නිවැරදි නොවන තැන් කිහිපයක් තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පෙන්වා දෙයි. 17 March 2022
පළාත් කිපයකට සවස් කාලයේ වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (17) සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 March 2022
දුම්රිය ධාවනය පුළුල් කරන්නැයි ස්ථානාපධිපතිවරු ඉල්ලති ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව පුද්ගලික ප්‍රවාහන ක්‍රම භාවිතයෙන් ඉවත් වී දුම්රිය භාවිතා කිරීමට පෙළඹීම පිළිබඳව අවධානය යොමු කර දුම්රිය ධාවන පුළුල් කරන ලෙස දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 17 March 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026