කොළඹ මන්දිරවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත් මේ අනුව ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බවත් මහජන ආරක්ෂක හිටපු ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය. 28 July 2022
ලක්ෂ 15ක් කොල්ල කා ඇළට පැන පීනද්දී අල්ලයි මීගමුව - කොළඹ බස් රථයක මගි කාන්තාවක් සතුව තිබූ රුපියල් ලක්ෂ 15 කොල්ල කා වත්තල නගරයේ ඇළකට පැන පලායමින් සිටි සැකකරුවෙක් මුදල් ද සමග වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 28 July 2022
මැතිසබයේ තනතුරු හතරකට අලුත් මුහුණු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු දෙදෙනෙක් සහ සහකාර සංවිධායකවරු දෙදෙනෙක්ද පත් කරනු ලැබ සිටිති. 28 July 2022
ව්‍යාපාරවල වාහනවලටත් කිව්.ආර්. කේත ලබාගැනීමේ අවස්ථාව ව්‍යාපාර සතු වාහන අදාල ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකයේ අංකය ඇතුළත් කර ජාතික ඉන්ධන බලපත්‍රය හරහා කිව්. ආර්. කේතය ලබා ගැනීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 28 July 2022
උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට මාතර ගල්බොක්ක ප්‍රදේශයේ නිවසක් තුළ විදේශ මුදල් තොගයක් නීති විරෝධී ලෙස ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි . 28 July 2022
වස්කඩුවේ ලීමෝලක් ගින්න වස්කඩුවේ ලී මෝලක මධ්‍යම රාත්‍රියේ හටගත් ගින්නකින් විදෙස් රටවලට ආපනයනයට සූදානම් කරන පැලට් ලෑලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි. 28 July 2022
ධානිශ් අලී රිමාන්ඩ් විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ධානිශ් අලී නැමැත්තා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) නියෝග කළේය . 28 July 2022
ප්‍රදේශ රැසකට සවස තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 July 2022
රත්මලානේ වෙඩි තැබීමකින් දෙදරු පියා මරුට රත්මලාන සිල්වා මාවතේ නිවසකට ඊයේ රාත්‍රියේ ටී 56 ගිනි අවියක් රැගෙන කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් දෙදරු පියකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 28 July 2022
වඳුරු උණ ආසාදිතයෝ 18,000 ක් ලොව සමස්ත වඳුරු උණ ආසාදිතයන් ගණන මේ වනවිට 18,000 පසු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ යුරෝපා රටවලින් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. 28 July 2022
පිලිපීනය භූමි කම්පාවකින් කැලැඹේ රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් උතුරු දිග පිලිපීනයේ ලුසොන් දූපත කැලැඹිණි. 28 July 2022
වෙඩි වැදුණු පස් පොඩ්ඩා මිය යයි ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටි අපරාධ කිහිපයකට සම්බන්ධ බව කියන සමන් රෝහිත පෙරේරා නොහොත් ’’ පස් පොඩ්ඩා ’’ නමැත්තා මීට සුලු මොහොතකට පෙර මියගිය බව පොලිසිය කියයි 27 July 2022
කොවිඩ් මරණ තවත් 4 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කළේය. 27 July 2022
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් දෙකක් මරුට අම්බලන්ගොඩ ගලගොඩ ජනපදයේ මලගෙදරකට ආ දෙදෙනකු ඒ් කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් එක් අයකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කල බව අම්බලන්ගොඩ පොලීසිය පැවසීය. 27 July 2022
ලබන නව වැනිදා ඇවිත් අරගලය අවසන් කරන්න මුළු රටම එකතු කරගෙන ලබන නව වෙනිදා කොළඹට පැමිණ මේ අරගලය අවසානය කරා ගෙන ගොස් දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරගන්න කියලා අරගලයේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 27 July 2022
ජනපති මහ ගෙදරට යයි අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වන රටේ ක්‍රමය වෙනස් කිරීම තමාගේ ද පිළිගැනීම යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. 27 July 2022
හදිසි නීතිය සම්මත වෙයි ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණු හදිසි නීතිය පැනවීමේ ගැසට් නිවේදනය වැඩි ඡන්ද 57 කින් පාර්ලිමේන්තුවේදී අද (27) පස්වරුවේ සම්මතවිය. 27 July 2022
ආබාධිතයන්ට පහර දුන්නැයි කීම බොරු ගාලුමුවදොර අරගලකරුවන්ට පසුගිය 22 වැනිදා පහර දුන් අවස්ථාවේදී ආබාධ සහිත පුද්ගලයන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි වන සාවද්‍ය ප්‍රචාරයන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් එය පදනම් විරහිත ප්‍රකාශයක් බවත් ‘අයිතීන් උදෙසා අපි’ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 27 July 2022
පා පැදියක් පමණක් ඇති පුද්ගලයකුගේ නිවෙසින් ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීම සඳහා වැලිගොඩක සඟවා තිබූ ඩීසල් තොගයක් බේරුවල අබේපිටිය චාමර උයන ප්‍රදේශයේ නිවෙසකින් සොයා ගත් බව කියයි. 27 July 2022
“ජයසාගර” අධිකාරියට පත් කරයි නාවික හමුදා විසින් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ප්‍රධාන කර තිබු “ජයසාගර” නෞකාව වෙරළ ආරකෂා නෞකා “ජයසාගර” නමින් පසුගියදා අධිකාරියට පත් කර වෙරළ ආරක්ෂ නෞකා සමුහය වෙත එක් වු බව නාවික හමුදාව කියයි. 27 July 2022
ජනපති නිවෙසට ගිනි තැබූ අය හඳුනාගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 03 පස්වන පටුමගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපවලට පහර දී ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හදුනාගන ඇති ප්‍රධාන ක්‍රියාකාරීන් 14 දෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව මහජන සහය පතයි. 27 July 2022
කොළඹ කොටුවේ අදත් විරෝධතා ගාලුමුවදොර අරගලයට පහරදීමට විරෝධය දක්වමින් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (27) පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. 27 July 2022
බරණ මැරුවේ කවුද නාමල් උයන රක්ෂිතයේ සහ කලාවැව රක්ෂිතයේ වසර 50 කට අධික කාලයක් සැරිසැරූ ’’බරණ’’ නම් ඇත් රජුගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි නාමල් උයන බාරකාර වනවාසී රාහුල හිමියෝ පැවසූහ. 27 July 2022
ඇමරිකා තානාපතිනිය ජනපති හමුවෙයි ඇමරිකා එක්සත් ජනපදතානාපතිනී ජුලී චන්ග් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (27)සිදු විය. 27 July 2022
රංජන්ට ළඟදීම නිදහස රංජන රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 27 July 2022
මහඔය පොහොර වංචාවක් ගැන විමර්ශනක් අම්පාර මහඔය ප්‍රදේශයේ සිදුව ඇති යුරියා පොහොර වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දුන්නේය. 27 July 2022
ලක්ෂ 200 මෝටර් රථය ගිනි රකුසාට බිලි වත්තල සිට කතරගම පැමිණෙමින් සුඛෝපභෝගී මෝටර් රථයක් තම්මැන්නාව මැණික් වල සීමාව හංදීයේදී හදිසියේ ගිණිගෙන විනාශවී ඇතැයි කතරගම පොලීසිය කියයි. 27 July 2022
වී මෙට්‍රික්ටොන් ලක්ෂයක් ගන්න මණ්ඩලය තීරණය කරයි යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 27 July 2022
මෙි අරගල කරුවන් නොවේ අරාජිකකරුවන් දැන් ඉන්නේ අරගල කරුවන් නොව අරාජික කරුවන් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 27 July 2022
පොහොට්ටු පුංචි මන්ත්‍රිනියට කුණු බිත්තර ප්‍රහාරයක් අනුරාධපුර මහ නගරසභා සේවකයන් පිරිසකගේ කුණු බිත්තර ප්‍රහාරයකට ලක් වූ පොහොට්ටු මන්ත්‍රී සුරංගි රේණුකා සමරතුංග මහත්මිය පොලිසිය මැදිහත්ව බේරාගෙන ගොස් ඇත. 27 July 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025