කිසිම බුද්ධි තොරතුරක් ලැබී නෑ රටේ ජාතික ආරක්ෂාව සහ ජාතිවාද කෝලාහල සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශයකින් කිසිම තොරතුරක් ලැබී නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය. 24 August 2023
තවත් පිපිරීමක්: සභාව දැනුවත් කරන්න ජාති ආගම් ඝට්ටනයක් හරහා සිදුවන තවත් පිපිරීමක් ගැන සඳහන් විදේශ බුද්ධි අංශ වාර්තාවක් සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කර ඇති හෙයින් ඒ ගැන වහා තොරතුරු සොයා බලා මේ සභාව දැනුවත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ඉල්ලීමක් කළේය. 24 August 2023
කතරගමදී කාන්තාවක් පැහැරගෙන ගිහින් ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් ගමන් ගත් කාන්තාවක් පෙරියගම මාර්ගයේ ගල් වල අසලදී අද ( 24)දහවල් කාලයේවැගන් ආර් වර්ගයේ වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් ඇති බව කතරගම පොලිසිය පවසයි. 24 August 2023
ශාන්ත අන්තෝනි බාලිකාවේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් රිමාන්ඩ් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට කූඨ ලේඛන සකසා සිසුවියන් 29 දෙනෙකු ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටි එම විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු සැප්තැම්බර් මස 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය . 24 August 2023
පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරුට බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක් තුළ අද (24) පෙම්වතා විසින් සිය පෙම්වතිය ඝාතනය කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය කියයි. 24 August 2023
දුම්රිය විදුලි සේවකයන්ගේ වර්ජනයෙන් මගීහු අතරමං දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් අද (24) දිනයේත් වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීම නිසා පස්වරුවේ දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය. 24 August 2023
තවත් ප්‍රතිජිවක ඖෂධ ඛාණ්ඩ තුනක් ඉවතට ශ්වසන රෝග ඇතුළු බැක්ටීරියා ආසාදන සදහා භාවිතා කරන ‘කෝ ඇමොක්සික් ලෙව්’ නැමති ප්‍රතිජිවක ඖෂධයේ තවත් ඛාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. 24 August 2023
විදුලිය බිඳ වැටුණේ ජල විදුලිය නැති වීමෙන් හම්බන්තොට, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රිකක්වල ප්‍රදේශ රැසකට ඊයේ (23) රාත්‍රී විදුලිය බිඳ වැටටීම හේතුව සමනලවැව සහ ලක්ෂපාන යන ජලාශවලින් ජනනය කරන විදුලිය ප්‍රමාණය අවමවීම බවත් දකුණ පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ විදුලි ඉල්ලුම සම්පූර්ණය කිරීමට වෙනත් ජලාශවලින් විදුලිය ගෙඒමේදී සම්ප්‍රේෂණ බිඳවැටුණු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 24 August 2023
සක්විති දෙවන වාරිකයත් අධිකරණයේ තැන්පත් කරයි සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් කෝටි 16 1/2කට ආසන්න මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට අධිකරණයෙන් කළ නියෝගයට අනුව රුපියල් ලක්ෂ 50ක දෙවැනි වාරිකය විත්තිකාර යුවළ අධිකරණයේ අද තැන්පත් කළේය. 24 August 2023
හොරු ගැන හොයන්න හොරුන්ට කියනවා හොරු ගැන හොයන්න හොරුන්ට කියන බව ’’ශ්‍රී ලංකා ක්‍රිකට්’’ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අමතමින් සමගි ජන ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 August 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ රිජ්වේ ළමා රෝහලට යති රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුවදුක් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල නායකයන් වන දිමුත් කරුණාරත්න සහ දසුන් ශානක ඇතුළු සාමාජිකයෝ අද (24) එම රෝහලේ සංචාරය කළහ. 24 August 2023
පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයට හිරිහැර එපා ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් කරන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණ සභාවේ ගරුත්වයට නොගැලපෙන බව කථානායක නිවේදන ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 24 August 2023
කතානායකගෙන් පණිවුඩයක් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ නිලධාරීන්ට සහ සෙසු නිලධාරීන්ට තර්ජනය කිරීමෙන් පදනම් විරහිත චෝදනා නැගීමෙන් සහ දෝෂාරෝපණ කිරීමෙන් වළකින ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලු මන්ත්‍රීවරුන්ගෙන් අද (24 )ඉල්ලීමක් කළේය. 24 August 2023
මහ කන්නය තෙක් රට හාල් ඕන නෑ පවතින සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 24 August 2023
ගම්පහ ගුරුවරු උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වෙති ගම්පහ ඝෝතමි සහ සිද්ධාර්ථ විදුහල්වල පිහිටි සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂණ මධ්‍යස්ථානවල ගුරුවරු උත්තරපත්‍ර පරීක්ෂවෙන් ඉවත්ව මේ වන විට ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිතරව සිටිති. 24 August 2023
පොලීසියට තග දැමූ විශ්‍රාමික සෙබළාට වැඩ වරදී පැමිණිල්ලක් විභාගයකට ගිය තෙල්දෙණිය පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පිහියකින් පහර දී සහ අතක් සපා කා තුවාල කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි. 24 August 2023
ක්‍රිකට් විධායක කමිටුවේ වියදම් පාර්ලිමේන්තුවේ දී එළියට ඕස්ට්‍රේලියාවේ පැවති 2022 වසරේ 20/20 ක්‍රිකට් තරඟය නැරඹීම සඳහා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන් 14 දෙනෙක් රුපියල් හය කෝටි හැත්තෑ හය ලක්ෂ අනූ තුන් දහස් හයසිය හැත්තෑ නවයක මුදලක් වියදම්කර තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (24) පැවසීය. 24 August 2023
මැණික් රට යවා ඩොලර් බිලියන දෙකක් හොයන්න යයි මැණික් අපනයනය කිරීමෙන් 2025 වසර වන විට ඇමරිකා ඩොලර් බිලියන දෙකක වාර්ෂික ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහා ප්‍රධාන විධායක නිලධාරී විරාජ් ද සිල්වා මහතා පැවසීය. 24 August 2023
මේ අවුරුද්දේ තැපැල් කාර්යාල දාහතරක් කඩා දිවයින පුරා තැපැල් කාර්යාල 14 ක් මේ වසරේදී සොරුන් විසින් කඩා දේපළ සොරකම් කරනු ලැබ ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 August 2023
ඉන්දීය මහ කොමසාරිස්-පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය අතර සාකච්ඡාවක් ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ මහතා, ඉන්දියා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් සහ විවිධ දේශපාලන පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. 24 August 2023
’’චන්ද්‍රයාන්’’ ජයට ජනපති මෝදිට සුබ පතයි චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ගොඩබෑමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු රජය වෙත සිය සුබපැතුම් පිරිනැමීය. 24 August 2023
හොර වීසාවලින් රට යන්න හැදූ කරණවෑමියා කොටු කූඨ ලෙස සකස් කළ ව්‍යාජ කැනඩා වීසා බලපත්‍රයක් උපයෝගී කර ගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හරහා කැනඩාවට පළා යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 24 August 2023
මන්නාරමේ වෙඩි තැබීමක්: දෙදෙනෙක් මරුට මන්නාරම, අඩම්පන් මුල්ලිකන්ඩායි මංසන්ධිය අසලදී කිසියම් අයකු සිදුකළ වෙඩි තැබීමකින් යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි අඩම්පන් පොලිසිය කියයි. 24 August 2023
උකස් හා ණය පොලියට සීමාවක් මුදල් මණ්ඩලය පැවැත්වූ රැස්වීමේදී උකස් ණය පහසුකම සඳහා අය කළ හැකි උපරිම වාර්ෂික පොලිය සියයට 18 කට සීමා කිරීමටත් ණය පත් සඳහා අය කළ හැකි උපරිම වාර්ෂික පොලිය සියයට 28 කට සීමා කිරීමටත් තීරණය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 24 August 2023
ගාල්ලෙදී කන්ටේනරයක් ගිනි ගනියි කොළඹ සිට ගාල්ලට භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටි කන්ටේනර් රථයක් ගාල්ල කලේගාන ප්‍රදේශයේදි අද (24) අලුයම ගිනි ගෙන ඇත.ගින්නෙන් කන්ටේනර් රථයේ තිබු භාන්ඩ සියල්ලම විනාශවි ඇති අතර ගින්න සැළවමිත් සමග ගාල්ල ගිනි නිවිම් ඒකකය ගොස් ගින්න මැඩ පවත්වන ලදී. 24 August 2023
රදම් කරත්තය විදුලි රැහැනේ වැදී 2ක් මරුට පස්සර නමුණුකුල කන්දේහේන කතරගම දේවාලයේ රදම් පෙරහැරේ දෙවියන් රැගෙන ගිය ටැක්ටර් රථයේ සවිකර තිබු රදම අධි බලැති විදුලි රුහැනක පැටලී විදුලි සැර වැදී එහි ගමන් කළ තරුණයින් දෙදෙනෙකු අද 24 උදේ මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා සිටියදි රෝහල් ගත කළ බව පොලිසිය කියයි, 24 August 2023
බැංකු පොලියට ස්ථීර තැනක් මුදල් මණ්ඩලය ඊයේ(23) පැවැත්වූ රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාත පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 24 August 2023
සුසිල් පෙත්සම්කරුවන්ට දෙහි කපයි මාස හයක අතුරු තහනම් නියෝගය නිසා පාසල්වලට විදුහල්පතිවරුන් බඳවා ගැනීමට නොහැකිවී ඇති බවත් මෙයින් අසාධාරණයට පත් වන්නේ දරුවන්ට යැයි මේ පෙත්සම් දාන අයට තේරෙන්නේ නැද්දැයි තමා ප්‍රශ්න කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය. 24 August 2023
‘වැග්නර්’ ලොක්කා ගුවන් අනතුරකින් මරුට රුසියානු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් ගමන් කළ ඔහුගේ පෞද්ගලික ජෙට් යානය මොස්කව් අගනුවරට උතුරින් කඩා වැටුණි. සිදුවුණු එම අනතුරින් යානයේ සිටි ප්‍රිගෝෂින් ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 24 August 2023
ඉන්දියාව සඳට යැවූ ‘වික්‍රම්’ ‘ප්‍රාග්යාන්’ මෙහෙයුම් අරඹයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට යැවූ ‘වික්‍රම්’ ලෑන්ඩර් යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සඳ ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ. 24 August 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026