(සුරංග රාජනායක)
සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරමින් සිටි සිසුවකු ගෙලවැල ලාගෙන මිය ගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි.
එම සරසවියේ දෙවන වසරේ සිසුවකු වන චංක චරිත් දිල්ෂාන් දයාරත්න සිසුවා මෙසේ මියගොස් ඇති අතර මෙම මරණයට විශ්ව විද්‍යාලය තුළ සිදු කළ අමානුෂික නවක වදය දරා ගැනීමට නොහැකිව සිදු කරගත් සියදිවි හානි කරගැනීමක් බවට මව්පියෝ චෝදානා කරති.
ඒ ගැන වහා පරීක්ෂණයක් සිදු කර වරදකරුවන්ට දඬුවම් කරන ලෙස ඉල්ලා එම සිසුවාගේ පියා වන රුවන් දයාරත්න ගම්පොළ පුස්සැල්ලාව පොලිසිය වෙත අද පැමිණිලක් ඉදිරිපත් කළේය.
ගම්පොළ අටබාගේ ඉහළගම පදිංචි 23 හැවිරිදි මෙම සිසුවා විශ්ව විද්‍යාලයේ සිට හදිසියේම නිවසට පැමිණ කාටත් හොර රහසේ නිවස පිටුපසදී 29 දින සවස ගෙලවැලාගෙන මියගොස් තිබුණි.
දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක එකම විශ්ව විද්‍යාල සිසුවා මෙසේ මිය යාමට ප්‍රථම දැඩි කම්පනයට පත් මව්පියන් හා ඥාතීන් ශෝක වී සිටිති.
මියගිය චංක චරිත් දිල්ෂාන් දයාරත්න විශ්වවිද්‍යාලයේ මුහුණ දුන් නවක වාද සිද්ධියේ අමානුෂිකත්වය සිය පුංචි අම්මා වන හර්ෂණී තරංගා හට මිය යාමට පෙර පැවැසූ බව පුංචි අම්මා කියයි.
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සරසවි නවක වදයට තවත් සිසුවෙක් මරුට?
සෙනෙවිරත්න Thursday, 01 May 2025 05:12 PM
මට පුදුම දෙවැනි වසරේ ළමයෙක් වෙලත් තවමත් රැග් එක කන්න තරම් බොලඳ මොකද කියලා? බොහෝ විට වෙන්නේ දෙවන වසරේ අය තමයි ඕක ලීඩ් කරන්නේ. ළමයාට වෙන අවුලක් තිබුණාද බලන්න...!
nimalFriday, 02 May 2025 03:13 AM
සරසවි නවක වදයට සහ ලිංගික හිංසනයට එරෙහිව මවුවරුන් එකමිටට නැගිටිය යුතුවේ
KabeerFriday, 02 May 2025 10:03 AM
කැම්පස් ජීවිතේ තියෙන කුරිරුකම් දන්නවා නම් මේ වගේ දේවල් ගැන කතා කරන්න යන්නේ නෑ. මේ තරුණයා එයාගේ සේවා කාලය පුරාම මේ වගේ සිදුවීම් රැසකට මුහුණ දීලා තියෙනවා. එක් එක් පුද්ගලයාගේ ඉවසීමේ මට්ටම බොහෝ හේතු මත රඳා පවතිනවා. නමුත් මේ ජ්‍යෙෂ්ඨයන් කියලා හඳුන්වන අය මිනිස්සු නෙවෙයි. ඒගොල්ලෝ කිසිම හැඟීමක් නැති වන සතුන්. මේ තිරිසනුන් බොහෝ දෙනෙක් ඈත පිටිසර ප්‍රදේශවලින් ඇවිත් ශිෂ්ට සමාජයට කලින් නිරාවරණය වෙලා නැහැ. ඒ නිසා තමයි මේ නවක වාදය විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ ක්‍රියාත්මක වෙන්නේ.
mahesh Thursday, 01 May 2025 05:22 PM
දෙවන වසරේ නම් නවකයෙක් වෙන්නේ කොහොමද? වෙන මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න ඇති...
සුනිල් Thursday, 01 May 2025 05:44 PM
දැන් ජෙප්පෝ දෙවැනි වසරේ අයටත් නවක වදේ දෙනවා වගේ...
මැක්ස් Thursday, 01 May 2025 05:54 PM
මේ අමානුෂික නවක වද කාරයින්ට මේ ආණ්ඩුව යටතේ නම් දඬුවම් හිමි නොවනු ඇත. නවක වදයේ අප්පොච්චිලා දැන් රටේ රජ කරන හෙයිනි...
වත්සි Thursday, 01 May 2025 05:57 PM
සෙනෙවිරත්න වැනි ජවිපෙ හෝදන්නන් මෙම අමානුෂික ක්‍රියාව තනුක කිරීමට උත්සාහ දරන්නේ එතුමන්ලාගේ දේශපාලන ස්වාමිවරුන් රටේ වත්මන් පාලකයන්ව සිටින නිසාද?
අරුණි Thursday, 01 May 2025 05:58 PM
මාලිමා ආන්ඩුවේදී මේවා කවදාවත්ම වෙන්නේ නෑ කියලා නේද සහෝදරවරු කිව්වේ? මේ ආන්ඩුවේ ඇති එකම වෙනස රටේ දුප්පත්කම වැඩිවෙන්න සලස්වපු එකම විතරද?
Rama Thursday, 01 May 2025 06:00 PM
ඒ ළමයාට දොස් කියන අය කියවන්න ඉන්ටර්නෙට් එකේ ඔය ගැන කියලා තියෙන දේවල්. ළමයාව දිගටම ඉහළ වසරවල අයත් රැග් කරලා. කොට කලිසමක් ඇන්දා කියලා කාමරෙන් එළියට අරන් අනික් ඔක්කොම ඉස්සරහ වද දීලා තියෙනවා. ඕවා කියලා තියෙන්නේ ඒ කැම්පස් එකේ වෙනත් ළමයි. අපේ අගමැතිනිය කියලා තිබුණා වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් හදනවා කියලා. එයාලාගේම පක්ෂවලින් ඉදිරියට ගෙනියන ඔය නවක වදය දැන්වත් නවත්වන්න කොන්දක් තියෙනවා නම්. අනික් ආණ්ඩු ඕවා නවත්වන්න හැදුවාම ඒවාට විරුද්ධ වුණෙත් ජේවීපී ඇතුළු පිරිස. ඒ නිසා ඔයාලාම මේ අපරාධ නවත්වන්න.
ගුණරත්න Thursday, 01 May 2025 06:10 PM
ආණ්ඩුවේ වගකීම තමයි මේ පිස්සු බල්ලන් බැඳ තැබීම, ඒත් ආණ්ඩුවට ඒ ගැන තැකීමක් නැහැ... මොකද මොවුන්ම තමයි පස්සේ ආණ්ඩුවේ ප්‍රධානීන් වෙන්නෙත්, කාලෙකට ඉහතදී කම්පියුටරෙකින් ගහලා සිසුවෙක් මරාපු එකා ප්‍රධානම මාලිමා පාක්ෂිකයෙක් කියලා අපට අහන්න ලැබුණා...
pakeer Thursday, 01 May 2025 06:43 PM
මේක නිදහස් රටක්... ඕනම කෙනෙක්ට තමන්ට කැමැති අදහස් දරන්න පුළුවන් වෙන්න ඕනේ. කාටවත් පුළුවන් කමක් නැහැ කාගෙවත් චින්තනය වෙනස් කරන්න. නවක වදය කියන්නේ කාලකණ්ණි වැඩක්. ඒක හැර ඒකෙ වෙන කිසි දෙයක් නෑ.
Tikiri Bandara Thursday, 01 May 2025 07:10 PM
වතු කම්කරුවො වගේ මිනිස්සු කොට කලිසම අදින නිසාද මන්දා අවුරුදු විස්සට වැඩි තරුණයොත් කිසි ලැජ්ජාවක් නැතුව කොට කලිසම හා ටීසර්ට් ඇදගෙන ගමන් බිමන් යනවා හරිම කැතයි. අතීතයේ පොලිස් නිළධාරි කොට කලිසම ඇද්දා .එය අශෝභනයි කියල සිරිමාවෝ මැතිණිය එම නිළධාරින්ට දිග කලිසම අදින්න නියම කලා .මෙම සිසුවා ළදරුවෙක් වගේ කොට කලිසම ඇදගෙන විශ්ව විද්‍යාලයට ගියානම් ඒක හරියි කියන්න බැහැ උගත් බුද්ධිමතෙක් වරදක් කලොත් නූගතෙක් කම්කරුවෙක් කලාට වඩා බරපතලයි කියන්න වෙනවා නිදහස් රටක් නිසානේ නිදහසේ මැරිල තියෙන්නෙ
සෙනෙවිරත්න Thursday, 01 May 2025 07:47 PM
දැනටමත් ප්‍රශ්නය විසඳලා හේතුව හොයාගෙන වගේ..., ඉන්ටනෙට් එකට ප්‍රශ්න දාලාද ඒකත් හොයන්න. අද කාලේ බොහෝ ළමයින්ට කියාගන්න බැරි ප්‍රශ්න තියෙනවා... ඒකට හේතුව ළමා කාලයක් නැතිකම, මොනවා වුණත් ඇත්ත හෙළිවෙයි...
රට වැසියා Thursday, 01 May 2025 07:50 PM
මෙතැන ජවිපෙට මඩ ගහන්න කලින් ඔය තමුන්ගේම දරුවෝ බව අමතක වෙලාද? සරසවියට ඇවිත් වසරයි දෙකයි... තමන්ගේ දෙමාපියන්ගෙන් ළඟ වසර විස්සක්.., සරසවියට ආපු සේරම ජවිපෙ කියලා ලේබල් අලවන සරසවියක නවක වදයක් ගැන නොදන්නා අය තමයි මෙතැන කියවන්නේ...
kamal Thursday, 01 May 2025 07:54 PM
අධ්‍යාපන ඇමති නිහඩව සිටින්නේ මේ සිද්ධිය අනුමත කරන නිසා විය යුතුයි.
Dasun Thursday, 01 May 2025 10:11 PM
සැක කරුවන් වහා අත්අඩංගුවට ගෙන දින 90ක් රැදවූ නියෝගය ලබා ගන්න. සාක්ෂි ඇත්නම් මහ අධිකරණයේ අධී චෝදනා ගොනු කරන්න.
Gavin Thursday, 01 May 2025 11:07 PM
මමද විශ්වවිද්‍යාලයේ එද්දී ජෙප්පංගේ, පෙරට්ටංගේ වැඩ හොඳින් දැනගෙන සිටියෙමි. මන්ද මානසිකත්වය, කුහක කම, පලිගැනීම, ඊර්ෂ්‍යාව ඔවුන් මෙහෙයවන සාධකය . ඔවුන් මේ සියල්ල අපේ ලංකික හදවත් තුලට දැනටමත් මුසුකොට හමාරය.
රනේ Friday, 02 May 2025 06:03 AM
විශ්වවිද්‍යාල ක්ලීන් කරමු!
Wije Friday, 02 May 2025 06:31 AM
නවක වධය විඳපු මිනිස්සු අවුරුදු ගානක් හිතින් විඳවනවා ඒ සිදුවීම්. නරින්ට කුකුල්ලු භාර දුන්නා වගේ කැම්පස් ඇතුලේ ළමයින්ට වධ දුන් වධකයන්ට ආණ්ඩුව දුන්නම ඒවා වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑනෙ. ඒකට නම් ආණ්ඩුවට බැනල වැඩක් නෑ. ඡන්දෙ දුන්න පුනක්කු බයියන්ට තමයි අල්ලගෙන නෙලන්න තියෙන්නෙ. 68 ලක්ශේ මෝඩ හැත්ත.
Finn Friday, 02 May 2025 07:19 AM
හායි
වර්ණකුලසූරිය Friday, 02 May 2025 07:22 AM
මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශණයක් පවත්වා මෙම තත්වයට හේතුපාදක වු කරුණු සම්බන්ධයෙන් තහවුරුකරගෙන අදාල පාර්ශවයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය. අධ්‍යාපනය ලබා ගැනීම හැර සියළු කටයුතු නැවැත්විමට කටයුතු කල යුතු අතර සියළුම විශ්ව විද්‍යාල සදහා යුධ හමුදා/පොලිස් නිලධාරීන්ගේ උප පොලක් සිථාපිත කිරීමට හා ගැටලුකාරී තත්වයන් දැන්විමට රහස්‍ය ටෙලිග්‍රෑම් හුවමාරුවක් සකස් කල යුතුය. මෙය මගේ අදහසයි. මොකද මෙම තත්වය කවදාවත් නතර කිරීමට නොහැකි විම නිසා. විශ්ව විදයාල මැර කල්ලි නතර කරලිමට කටයුතු කල යුතුය.
janaka Friday, 02 May 2025 09:57 AM
ඔය නවක වැඩ දෙන අසහනකාරයෝ උපාධි අරගෙන රාජ්ය සේවයට බැඳෙනවා. ඊට පස්සේ ජනතාවටත් මුන් රැග් එක දෙනවා හැමදාම. ඕකුන්ව පුනරුත්තාපනය කරන්නේ නැතිව රටක් හැටියට අපිට ඉදිරියට යන්න බැහැ
Janahitha Friday, 02 May 2025 11:36 AM
ටිකිරි බණ්ඩාරගේ ටිකිරි මොලේ... ගිහින් වෛද්‍යවරයෙක් මුණගැසෙන්න.
Amda Friday, 02 May 2025 03:30 PM
දෙවන වසරේ ? එහෙම රැග් නෑනේ. මෙතැන බුලින් වෙලාද ඒ දරුවාගේ ඩිප්රෙෂන් වැඩිවෙලාද හොයලා බලන්න එපැයි...