(අංජුල මහික වීරරත්න)
පසුගිය කාලයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්පත් කර ගත් දියුණුවට වඩා ඉහළ දියුණුවක් ඉදිරි වසර කිහිපයේ දී අත්පත් කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ඉලක්කය වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජකාරියේ නිරත පිරිස් ඉදිරි සැලසුම් නිසි ඉලක්කයකින්, නිසි කාල රාමුවකට ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි කැපවීමකින් යුතුව රාජකාරියෙන් ඔබ්බට ගිය සේවාවක් ලබාදීමට අධිෂ්ඨාන කරගත යුතු බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන ශ්‍රවණාගාරයේ පැවති මහජන සෞඛ්‍ය පිළිබඳ අධ්‍යයන ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.
මහජන සෞඛ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිමකරන ලද මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පින් 46 දෙනෙකුට සහ මහජන සෞඛ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථක ව නිමකරන ලද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 141 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මෙහි දී සිදුවිය. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී මෙම ඩිප්ලෝමාධාරීන්ගේ අධ්‍යයන කටයුතු සිදු කෙරිණි.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
පෙර කාලෙට වඩා අනාගතයේ දී සෞඛ්‍යයට ලොකු දියුණුවක්