(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවකු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සම්බන්ධයෙන් “හදුනාගැනීමේ පෙරට්ටුවක්” පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම පෙරට්ටුව අවලංගු කිරීමට නියෝග කළේය.
මෙහි පැමිණිල්ලට වඩා රැදවුම් නියෝග මත රදවා සිටින නිතීඥ හිජාස් හිස්බුල්ලා යන අයට අගතියක් වන බවට පෙනී යන බැවින් පෙරට්ටුව අවලංගු කර පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලබන බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශ කරමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක මරු. ඒ මනුස්සයා රටේ අන්තවාදය පතුරුවන්න කරලා තියෙන දේවල් හැටියට ඒ මනුස්සයාගෙන් රටට වෙච්ච අගතිය ගැන සලකන්න මම හිතන්නේ සාමාන්‍ය දැනුම චුට්ටක් විතර ඕනෑ...
ඉස්සෙල්ලාම දඬුවම් කරන්න ඕනේ... හතර වටෙන්ම තොරතුරු ලැබිලා තිබෙන කොට මේ ප්‍රහාරය වළක්වාගන්න ක්‍රියාකරන්නේ නැතිව සිංගප්පූරුවේ සවාරි ගහන්න ගියා සිරිසේනට...