(රංජන් කස්තුරි)
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ඒ ඒ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නාම යෝජනා පත්‍ර බාරදීමේ දී නාම යෝජනා ලැයිස්තු දෙකක් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
පළමු නාම යෝජනා පත්‍රය සහ දෙවැනි නාම යෝජනා පත්‍රය වශයෙන් නාම යෝජනා පත්‍ර දෙකක් සකස් කළ යුතු අතර ඒ ඒ පළාත් පාලන ආයතනයේ සභික සංඛ්‍යාව පත්‍රයට ඇතුළත් විය යුතු නම් සංඛ්‍යාව මැතිවරණ කොමසම මගින් නියම කර තිබේ.
නාම යෝජනා පත්‍රයට අනිවාර්යෙන්ම සියයට 25ක කාන්තා නියෝජනයක් අනිවාර්ය කර තිබෙන අතර පළමු නාම යෝජනා පත්‍රයට සහ දෙවැනි නාම යෝජනා පත්‍රයට ඇතුළත් විය යුතු කාන්තා අපේක්ෂක සංඛ්‍යාවද මැතිවරණ කොමිසම මගින් නියම කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභා කියන්නේ දේශපාලනේ හෝඩිය වගේ, මෙතනින් පටන්ගන්න අය ඇමතිවරු බවටත් පසුකාලීනව පත්වෙනවා. එම නිසා හොරුන්ට, දුෂකයන්ට නාම යෝජනා නොදෙන්න වග බලාගන්න ඕන කරනවා. නාම යෝජනා දීමට අවම අධ්‍යාපන සුදුසුකමක් පෙන්වන්න වෙනවා. එය උපාධියක් දක්වා යනවා නම් ඉතාම හොඳ තත්වයක්. මොකද අනාගතයේදී රටට අවශ්‍ය කරන ප්‍රතිපත්ති තීන්දු තීරණ මේ අයට ගන්න වෙන නිසාත් අපට ඒවා පිළිපදින්න වෙන නිසාත් රටේ අනාගතය ඒ මත රැඳී තිබෙන නිසාත්.