(රංජිත් රාජපක්ෂ)
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරය දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා වෙත පිරි නැමීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (17) දින තීරණය කර ඇත.
හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පදනම් කාර්යයාලයට එක් රැස් වු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් එම පක්ෂයේ මහ ලේකම් ධුරය ජිවන් තොණ්ඩමන් මහතාට ලබා දිමට එක් මතිකව තිරණය කර තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ මෙතෙක් මහ ලේකම් ධුරය දැරු අනුෂා සිවරාජ් මහත්මියට එම පක්ෂයේ උප සභාපති ධුරයක් පිරිනැමිමට දේශපාලන මණ්ඩලය ඒකමතිකව තිරණය කර ඇත.
ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයට මෙතෙක් කිසිවෙකුත් පත් කර නොමැත.
COMMENTS
වතුකරයේ පවත්වාගෙනයන කුමාර රාජ්‍යයෙහි පාලක පැලැන්තියේ තුන්වන පරම්පරාව දැන් සිය කාර්යය පටන්ගෙන ඇත. පවුලේ පරම්පරාවේ තුන්වන ලේ උරුමක්කාරයාවත්... මේ වතුකරයේ සිටින අන්ත අසරණ, ඒ වගේම අපේ රටේ ආර්ථිකය නගා සිටුවීමට කෙලින්ම සිය දායකත්වය දෙන, හැම රජයක් විසින්ම අමතක කරන ලද. නැතිනම් බොරුවෙන් රවටන ලද ඒ මිනිසුන් හට " යමක් " කරාවිද කියා බලාගෙන ඉමු.
මරුනේ, රාජපක්‍ෂ දරුවන්ට හැමෝම බනිනවා හැබැයි නාමල් අඩුගානේ තරුණ වයසේදී දිගටම දේශපාලනය කරලා ඡන්ද දිනලා එන කෙනෙක්.
වතු කම්කරු ජනතාවගේ සිහිනයනේ.. ඔවුන් කැමතිනම්, අපේ මොකෝ නේද?.. ඔන්න ඔහේ පත්වුණාවේ. නේද? ... මොකෝ අපි කිව්වාට වතුකම්කරුවන් අහන්නේ නැහැනේ..
තොණ්ඩමන්ලා පොහොසත් වතු කම්කරුවෝ... හැමදාම දුප්පත්...
අනේ මේ කිරි දරුවට තාම පොඩියිනේ.. දැන් හෙට, අනිද්දා ඡන්දෙන් පස්සේ කැබිනට් ඇමැති කෙනෙක්ගේ රාජකාරියත් කරන්න තියෙනවා. අපේ කිරි පුතාට පුළුවන් වෙයිද ඔක්කොම බදාගෙන කරන්න.