(සිරංගිකා ලොකුකරවිට)
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සිදුකරන මානව හිමිකම් උල්ලංඝන සහ කඩකිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිලි බාරගැනීමේ ඒකකයක් ස්ථාපිත කර ඇත.
පැය විසිහතර පුරාම ක්‍රියාත්මක මෙම සේවාවට 1996 යන දුරකථන අංකය අමතා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව මානව හිමිකම් කොමිසම පවසයි.
පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කරන්නේ නම්, ඒකක බාර නිලධාරී, මැතිවරණ පැමිණිලි බාරගැනීමේ ඒකකය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අංක 14, ආර්.ඒ.ද මැල් මාවත, කොළඹ 4 යන ලිපිනයට ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.
එමෙන්ම 0112505574 යන ෆැක්ස් අංකයට හෝ [email protected] නම් විද්‍යුත් ලිපිනයට පැමිණිලි යොමු කිරීමටද හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිෂන් සභා, පරීක්ෂණ මණ්ඩල ආදිය සමාන වන්නේ දත් නැති සිංහයින්ටයි. දත් තිබුණාම වුණත් නීතියට ගරු නොකරන ආණ්ඩු තිබෙන තාක්කල් ඒ දත්වලින් වැඩක් ගන්නත් බෑ. කොටින්ම කියනවා නම් මේවා ඇල්ලුවට හපන්න බැරි ආයතන...
දැනට රටේ පවතින තත්වය හේතුවෙන් Curfew යොදා ඇත.. දින නියමයක් නොමැතිව. මේ වගේ වාතාවරණයක් තිබියදීත් ,අප හට රැකියාවට එන ලෙස බලපෑම් කර ඇත දැනට, වැඩි පිරිසකට කතාකර එලෙස දන්වා ඇත. මේ සදහා ඔබ පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මේ නිසා Covid -19 අපි වලක්වා ගන්නේ කෙසේද...? මාගේ තොරතුරු පිටට නොදෙයි කියා මා විස්වාස කරනවා..