( තිලකරත්න දිසානායක)
ගම්පහ ශ්‍රී බෝධි පාර සණස නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශනයක් පැවැත්වූ නාවික හමුදා තූර්ය වාදක නැවියන් දෙදෙනෙකුද කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත එම නිවාස සංකීර්ණයෙහි පදිංචි කරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද ( 25) සවස පියවර ගනු ලැබීය.
ඉකුත් 22 වෙනි දින වැලිසර නාවික කඳවුරෙහි තූර්ය වාදක කණ්ඩායම් නැවියන් විසින් මෙම නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශන පවත්වා ඇති අවස්ථාවේ එම නැවියන් කිහිප දෙනෙකු නිවාස සංකීර්ණය අසල ගැවසීම මත එම අය සමග ළගින් ඇසුරු කළ අය සිටීදැයි දැනගැනීම පිණිස ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් නිවාස සංකීර්ණය වෙත පැමිණ මෙලෙස තොරතුරු ලබා ගැනීම සිදු කළ අතර කවුරුන් හෝ සිටීනම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන ලෙස එහි පදිංචි කරුවන්හට දැනුම්දීම සිදු කළහ.
මෙම නිවාස සංකීර්ණයෙහි පදිංචි පවුල් 21 ක් සිටිති.
නැවියන් ළගින් ඇසුරු කළ අය ඉදිරිපත් වුවහොත් ස්වයං නිරෝධානය සදහා යොමු කළ හැකි බවද මෙහිදී සෞඛ්‍ය නිලධාරීන් විසින් ඔව්හු දැනුවත් කළහ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි නිලධාරීන් විසින් අද සවස නිවාස සංකීර්ණය අසල ප්‍රදේශය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඒ අසල පිහිටි වෙළඳසලකටද තූර්ය වාදක කණ්ඩායමේ නැවියන් පැමිණ ඇති බවත් අනාවරණය විය.


COMMENTS
මිට පස්සේ තට්ටු නිවාස සංකීර්ණ ඉදිරිපිට සංගීත දැම්මොත් ..කෝවිඩ් පැත්තක තියලා ගහලා එලවනවා...!!! උඩ ඉඳලා බෝතල් එවනවා. මියුසික් කාරයෝ ජරාව බෝකරන්න පටන් ගත්තම අපිට මොකද වෙන්නේ...?අපිට බැහැ නිරෝධායනය වෙන්න.
රණවිරුවන්ට අප සදා ණයයි.
ජාඇල සුදුවැල්ලේ කුඩ්ඩන් අල්ලන්න ගිහින් වෙච්ච අපරදෙට මේ නාවික හමුදා සෙබළුන් වගේම රටේ අනිත් පළාත්වල මිනිසුන්ටත් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ. මීට පස්සේ කුඩ්ඩන්ට වෙඩි තියලා දමන්න කියනවට වඩා දෙයක් මේ වෙච්ච විනාශයෙන් අපට ඉගෙන ගන්න නැහැ. මේවා බෙදන අය සහ පාවිච්චි කරන්නන් දෙකොටසම කඳවුරු වලට(හමුදා නොවෙයි) දමල මියයනතෙක්ම හෝ සම්පුර්ණයෙන්ම අත් හරින තෙක් බලෙන් වැඩ අරගන්නවා හැර මේ කුඩු ව්‍යසනය නවත්වන්න ක්‍රමයක් නැහැ. හිරගෙවල් මේ අයට අනික් අපරාකරුවන් මුණගස්වන අපරාධ ඉස්කෝල. මේවට දේශපාලනය සම්බන්ධ බව කව්රුත් නොදන්නවා නොවෙයිනේ. කහවත්තේ ඝාතන වල වුනත් කුඩු බෙදපු ඇමති හෙන්චයියෙක් ගැන කියවුනානේ.
අමරෙ @ දහනායක... ඕගොල්ලො නම් මහ දරුණු මිනිස්සු. උඩ ඉඳන් බෝතල් එවනවා කියාපු එකෙන්ම ඒක තහවුරුයි.