(ඩයනා උදයංගනී)
මෙම සතියේදී දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව හෙට (4) දින සිට සිකුරාදා (8) දක්වා කාලය දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස නම් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ Zoom තාක්ෂණය ඔස්සේ අද (3) දින පැවැත්වූ සාකච්ඡාවේ දී මෙම තීරණය ගෙන ඇත.
පසුගිය දෙසතියේ දී පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු හා සිසුන්ගේ පැමිණිමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන බෙදාහැරීම පිළිබද දැනුම්දීම් ද සැලකිල්ලට ගෙන මෙම සතිය තුළ දිවයින පුරා සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මෙම සතිය තුළ දී අහිමි වන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේ දී ආවරණය කිරීමට කටයුතු කරන බව ද එහි සඳහන් වේ.
COMMENTS
කාගේ වැඩක්ද දන්නේ නැහැ?
ඔය ඉස්කෝල ටික වහලම දාන්න..
අධ්‍යාපනය අත්‍යාවශ්‍ය නොවන රටකට අනාගතයක් තිබේද? උත්තර පත්‍ර බලන්න දෙන්නෙත් නැහැ...
කාටත් අමතකයි දැන්..මතක් කිරීමක් මේ..ගුරු වැටුප් ඉල්ලා මාසකීයක් නම් පාසල් වසා තිබුනද.. ඒ අයම අද පාසල් වසා දැමීමට කෙනෙහිලි..