චන්දන ප‍්‍රනාන්දු
ගිංඔයේ ලුණුවිල පාලම අසල රක්ෂිත භුමියක් හා ප‍්‍රාදේශීය සභාවට අයත් මාර්ගයක් අනවසර ලෙස අල්ලා ගැනීම සම්බන්ධයෙන් ගිංඔය සුරැකීමේ සංවිධානය හා ගම්වාසීන් විසින් වාරිමාර්ග නිළධාරින් හා ප‍්‍රාදේශීය සභා බලධාරින් මෙන්ම මෙම රක්ෂිතය අල්ලා ගෙන සිටින පිරිස දැනුවත් කිරිමට අද (7) උදෑසන එම ගිංඔය අසල කැදවු විරෝධතා රැස්වීම උණුසුම්කාරි තත්වයක් ඇති විය.
මෙම රැස්වීමට එම රක්ෂිතය අල්ලාගෙන සිටින පිරිස් නොපැමිණ ඔවුන් සිටින තැනට එන ලෙස පැවසීමත් සමඟ මෙම උණුසුම්කාරි තත්වය ඇති වු අතර ගිංඔය සුරැකීමේ සංවිධානයේ සභාපති අංගම්පිටියේ සුමංගල ස්වාමින් වහන්සේ හා සාමාජිකයන් එම පිරිස නොමැති වුවත් ජනතාවට අයත් මෙම රක්ෂිතයේ ඇති අනවසර ඉදිකිරිම් හා ගිංඔයට පිවිසිමට ඇති මාර්ගය අවහිර කර ඇති පිරිස්වලට ගැටළුව ඇති තැනට ඇවිත් මේ සඳහා විසඳුමක් සෙවීමට වුවමනාවක් නැතිනම් එයට එරෙහිව බළධාරින්ට පියවර ගන්නා ලෙසත් බල කර සිටියේය.
මෙහිදි අදහස් දැක්වු වෙන්නප්ප්පුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා පවසා සිටියේ මෙය නීතිවිරෝධි කටයුත්තක් බැවින් ගිංඔයට පිවිසෙන ප‍්‍රාදේශීය සභා මාර්ගය අවහිර කිරිම සම්බන්ධයෙන් අදාළ මාර්ගය අවහිර වන සේ ඉදිකර ඇති ඉදිකිරිම ඉවත් කිරිමට ඉදිරි සති 2 තුළ පියවර ගන්නා බවයි.
එමෙන්ම වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ගිංඔය මුහුදට වැටෙන සීමාව දක්වා ඇති ගිංඔය රක්ෂිතයට හානිවන ආකාරයෙන් කර ඇති සියලුම ඉදිකිරිම් සම්බන්ධයෙන් ක‍්‍රමාණුකූලව පියවර ගන්නා බවත් මින් ඉදිරියට කිසිදු හානිකර ඉදිකිරිමට අනුමැතිය නොදෙන බව පැවසීය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.