(ප්‍රින්ස් රත්නායක)
සිය ඉල්ලීම්වලට විසඳුම් නොලද හොත් එළඹෙන 14 වැනි දා සිට අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත් වන බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.
මාසික හිලව් දීමනාව එකඟ වූ පරිදි නොගෙවීම හේතුවෙන්විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය මගින් ගත් තීන්දු අනුව පෙබරවාරි 28 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට පිවිසි අතර අදට 09 දින 10ක් ගතවී ඇතත් මෙතෙක් කිසිදු පාර්ශ්වයක් ඒ සම්බන්ධව සාකච්ඡා මාර්ගයට හෝ පැමිණ නැති බව වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සම සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පැවසීය.
අද ( 09 ) වැනිදා විවෘත විශ්ව විද්‍යාලයේදී පැවති ඒකාබද්ධ බලමණ්ඩලය නියෝජිත හමුවකදී ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමර්ග ගැනීමට සිදුවන බවද ඔහු සදහන් කළේය.
COMMENTS
Reply To:
-
බොහෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සහිත විශ්ව විද්‍යාල වල මෙම නිෂ්ඵල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා දීමනා ලබා දීම. මහින්ද රාජපක්ෂ සහ වර්තමාන ආණ්ඩුව තුළ ඔවුන්ගේ වැටුප් හා දීමනා දැනටමත් ඉහළ ගොස් ඇත. දීමනා ගෙවීමට අවශ්‍ය නැත. ඒවා සියල්ලම විසන්ධි කරන්න. මමත් විශ්ව විද්‍යාලයක වැඩ කරනවා. මම මේ අසාධාරණ වෘත්තීය වර්ජනයට සහාය නොදෙමි. ඉතා ශෝකජනකයි. ඔවුන් බොහෝ දේශපාලකයින් වගේ.