( තිළිණි ද සිල්වා )
විදෙස් ආයෝජන ඉහළ නංවා ගැනීම සහ අපනයන ප්‍රවර්ධනය ඉලක්ක කරගෙන ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය හා එක්ව "ආර්ථික රාජ්‍යතාන්ත්‍රික පාඨමාලාව" ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන්හි දූත මණ්ඩල ප්‍රධානීන් සහ වාණිජ දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා වන මෙම පාඨමාලව ආරම්භ කිරීමේ ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අද (07) අත්සන් කෙරිණ.
වැඩබලන විදේශ කටයුතු ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා සහ හාවර්ඩ් විශ්ව විද්‍යාල මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සංවර්ධනය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මැතිව් ඇන්ඩෘස් යන මහත්වරු ඊට අත්සන් කළහ.
හාවඩ් විශ්ව විද්‍යාලය මෙවැනි අවස්ථාවක් ලෝකයේ වෙනත් රටකට ලබාදෙන පළමු අවස්ථාව මෙයයි.

(ඡායාරූප-විදේශ කටයුතු අමාත්‍යාංශය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳා ! 225 දෙනාට නම් ඕකෙන් වැඩක් නැහැ. ඒගොල්ලන්ට ආයෝජන ඕනා කොමිස් ගාණ අනුව.
මෙයාලට පෙරපාසල් අධ්‍යාපනයෙන් පටන් ගන්න ඕනෑ.