IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කැලණි සරසවියේ පුස්තකාලයට අනුබද්ධ කෞතුකාගාරයක් ස්ථාපිත කෙරේ

කැලණිය විශ්ව විද්‍යාලයට වසර 60ක් සැපිරීම නිමිත්තෙන් ප්‍රධාන පුස්තකාලයට අනුබද්ධව කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය තීරණය කර ඇත.

ඒ අනුව කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා කැලණිය විද්‍යාලංකාර පිරිවෙන, විද්‍යාලංකාර මණ්ඩපය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය හෝ කැලණිය විශ්වවිද්‍යාලයට හෝ අයත් තොරතුරු මූලාශ්‍ර කැලණිය විශ්වවිද්‍යාලය වෙත පිරිනමන්නැයි පාලනාධිකාරිය මහජනතාවෙන් ඉල්ලා සිටී.

පෞරාණික මෙන්ම කෞතුක වටිනාකමකින් යුතු තොරතුරු මූලාශ්‍ර හෝ භාණ්ඩ පරිත්‍යාග කිරීමට ප්‍රථමයෙන් එම මූලාශ්‍රවල ඡායාරූප [email protected] විද්‍යුත් ලිපිනයට එවැන්නයි ද කැලණිය විශ්වවිද්‍යාලය කියා සිටී.

තොරතුරු මූලාශ්‍ර හෝ භාණ්ඩ විශ්ව විද්‍යාලයට රැගෙන ඒමටත්, එහි පරිත්‍යාග කරන්නාගේ නම ප්‍රදර්ශනය කිරීමටත්, පරිත්‍යාගය අගය කිරීම සඳහා සහතිකයක් නිකුත් කිරීමට කැලණිය විශ්ව විද්‍යාලය කටයුතු යොදා ඇත.

011 2 903 218 සහ 071 482 3521 යන දුරකතන අංකවලින් වැඩි විස්තර ලබාගත හැකිය.

055

 



අදහස් (2)

කැලණි සරසවියේ පුස්තකාලයට අනුබද්ධ කෞතුකාගාරයක් ස්ථාපිත කෙරේ

රවින් Friday, 09 August 2019 02:32 AM

ඔව් ඔව්... මේ ළමයි හැමදාම විරෝධතා පවත්ව පවත්වා ඉඳලාම අන්තිමේ කෞතුකාගාරේ තමයි නවතින්න වෙන්නේ... බැරිද ඔය අදහස හැම විශ්ව විද්‍යාලයකම ස්ථාපනය කරන්න.

:       0       0

රවින් Friday, 09 August 2019 10:46 AM

විශ්ව විද්‍යාලවල සිසුන් උද්ඝෝෂණය කරකර ඉන්නකොට රටට ඉතිරිවන්නේ කෞතුකාගාර විතරයි. අනාගත පරපුරට වන්නේ "ලංකාව කියන රටේ විශ්ව විද්‍යාල කියලා ආයතන වගයක් තිබුණා එම ආයතනවල සිසුන් උද්ඝෝෂණය කරකර හිටියා මිසක් ඉගෙන ගත්තේවත් ඒවායින් නිසි ප්‍රයෝජන ගත්තේවත් නැහැ. ඒවායේ භාවිතය සඳහා ගන්නා ලද භාණ්ඩ තමා මේ ඔබට දිස්වන්නේ " කියලා කියන එක විතරයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 373 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site