වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේය.
ඔහු මුලින් තම ආසනයේ වාඩිගෙන සිටිය ද පසුව පිටතට ගොස් යළි පැමිණියේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට වෙන් කර ඇති දොරටුවකිනි. ඔහු සන්දීත් සමරසිංහ මන්ත්‍රීවරයාගේ අසුන අසල ආසනයේ වාඩි වී එජාප පසුපෙ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සමග කතා බහ කළහ.
එම අසුන්වල අසුන්ගන්නේ එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුය. කැබිනට් අමාත්‍යවරුන් විපක්ෂය දෙසට සාමාන්‍යයෙන් යන්නේ නැත.
COMMENTS
ඔහොම යන්නම වේවි. පොහොර සමාගම් වලින් උදව් කරාවි.
බලමු මොකාටද එන්න හදන්නේ කියලා.
වැවිලි කර්මාන්ත ඇමති හැටියට මෙයාද දන්නේ නැහැ පොහොට්ටුව පිපෙන හැටි බලන්න ඒ පැත්තට හේත්තුවෙන්න හදන්නේ ! පක්ෂ මාරු කරන මැති ඇමතිවරුන්ට අසුන අහිමි කිරීමේ වගන්තියක් නව ව්‍යවස්ථාවේ අනිවාර්යයෙන්ම ඇතුලත් කිරීමට කාලය පැමිණ තිබෙනවා !
මේවගේ බොළඳ ක්‍රියා කරලා ජනතාව රවටන්න අපහසුයි මහත්තයෝ.
වැවිලි කර්මාන්තය (කුඩා තේ වතු සංවර්දන අධිකාරියට ) දැන්වත් හොද කලක් යාවි................
ආණ්ඩුවේ තරම තේරුම් ගත්තාද ?
නවීන් එන්න, පොහොට්ටුව පිපී ඇත්දැයි බලන්න!
ඔබතුමාගේ පියාණන් ශ්‍රී ලංකාවේ නමක් දිනු දේශපාලකවරයෙක්. එතුමා පක්ෂයෙන් ගියේ වෙනත් පක්ෂයක් හදාගන්න. ඒක නම්බුකාර ක්‍රියාවක්. ඒත් ඔබතුමා කල වැඩේ එතුමාට කරන නව නින්ගිරියාවක් හැටියටයි මම නම් දකින්නේ.
තමන්ගේ තාත්තගේ ලඟින්වත් තියන්න බෑ වගේ.. ගාමිණී දිසානායක කියන්නේ මේ රටට ඉතාම අවශ්‍ය වැදගත් පුද්ගලයෙක් ..
තාත්තට සිද්ද වූ දෙයම සිද්දවෙයිද ?
හැම ආයතනයකටම දාල තියෙන්නේ හොර සභාපති නඩයක්... දෙයියනේ කියලා ආයතන ටිකට යහපතක් වෙයි. කියලවත් කරගන්න බැරි දෙයක්.. කුඩා තේ වතු එකේ ඉන්නේ අංක එකේ යකඩ හොරෙක්.. කලමණාකරන උපදේශකයන් කියලා දාලා තියෙනවා.
කලිනුත් බල තන්හාවම තමයි. එ්ත් මේ නම් ඒ තාත්තගේ පුතෙක් නම් නෙවෙයි වගේ...