(කාංචන කුමාර ආරියදාස)
හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු අද (9) දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මැතිවරණ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සීගිරිය ව්‍යාපෘති කාර්යාලයේ සේවය කරන සේවකයින් සියලූ දෙනා බලහත්කාරයෙන් කොළඹ පැවැත්වෙන දේශපාලන රැස්වීමකට සහභාගී කරවීමට එහි ව්‍යාපෘති කළමනාකාරවරයා බලපෑම් එල්ල කරන බව ප්‍රකාශ කරමින් සහ දඹුල්ල නගරයේ එක් අපේක්ෂකයකු ඉලක්ක කරගෙන කටවුට් බැනර් ප්‍රදර්ශනය කිරීම සිදු කරන බව ප්‍රකාශ කරමින් ද මෙම පැමිණිල්ල ලිඛිතව සහ වාචිකව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී හේවා පතිරණ මෙනවිය වෙත ඉදිරිපත් කළේය.
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මි හේවාපතිරණ මෙනවිය කියා සිටියේ මෙම පැමිණිල්ල මාතලේ තේරීම්භාර නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය.

COMMENTS
සජිත් මහතාට අධ්‍යාපන සුදුසුකම් නැ. ආණ්ඩුවේ සිටි දේශපාලන පළපුරුද්දත් අවුරුදු 7යි. වෙනත් රැකියාවක්වත් කරලත් නැහැ. ඒත් නායකතුමා එකඟ වූ පසු පොල්පිත්තක් වෙනුවෙන් වුවත් වැඩ කිරීමට අපි පාක්ෂිකයෝ ලෙස කටයුතු කරනවා. ඒක තමයි පක්ෂයේ හයිය.
මේ දෙන්නාගේ දුෂිත මිනුම ? පන්සලේ ඉඩම් ටික? වටේ තියන කඳු මුදුන්වල ලියලා තියන ලාංඡන නම්? අනුන්ට ඇඟිල්ල දික්කරන්න ඉස්සෙල්ලා තමන්ගේ කෙරුවාව මැනලා බැලුවොත් හොඳ නැද්ද?
නෑ නෑ මේ ගාලුමුවදොර බලලා වැල්ලත් පාගලා යන්න එක්කන් යන්න හදන්නේ.
දැන් බලයේ ඉන්න අය කරන වැඩම මේ අය බලයේ ඉද්ද්දි කළ බව මේ දෙදෙනාටම අමතකවීම මහත්වූ පුදුමයකි. බලයේ ඉන්නකොට අවංකවද සේවය කළේ කියන්න කට ඇරලා..මිනිසුන්ගේ වටිනා කාලය කා දමනවා......
එයාලගේ කාලේ ඔහොම නෙවේ උනේ ඔව් අපි මැරිලා ඉපදිලා නේ
පරන ඒවා හරි ඉක්මනට අමතකයි. නමුත් මැතිවරණ විරෝධී දේවල් කාගේත් නවත්වන්න ඕනේ