IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ව්‍යාජ ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කළ දෙකක් මාට්ටු

(රංජිත් රාජපක්ෂ)

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව  නුවරඑලිය පොලිසිය පැවසිය.

සැකකරු නුවරඑලිය ප්‍රදේශයේ ගොවින් මුලා කරමින් ව්‍යාජ කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර පදික වේදිකාවේ අලෙවි කරමින් සිටින බවට නුවරඑලිය පොලිසියට ලද පැමිණිල්ලක් මත නුවරඑලිය පොලිස් නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නුවරඑලිය කදපොල සහ රාගල යන ප්‍රදේශය වල සැකකරුවන් බවත්, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ප්‍රධාන සැකකරු මෙම ව්‍යාජ කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර නිෂ්පාදනය කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැර තවත් පුද්ගලයන් ලවා අධික මිලකට අලෙවි කරන බවට අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි .

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ව්‍යාජ කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර බෝතල් සියයකට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.



අදහස් (0)

ව්‍යාජ ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කළ දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 533 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 481 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site