(මහින්ද නිශ්ශංක සහ දෙවලපොල කීර්ති ප්‍රනාන්දු)
බිත්තර මිල වැඩි කිරීම පාලනය කිරීම සඳහාත් අඩු මිලට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට වහා මැදිහත් වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටී.
ඉන්දියාවේ බිත්තරයක විකුණුම් මිල මේ වන විට රුපියල් දහ අටක් පමණ වන බවත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ඉතාමත් පහසුවෙන් මෙරට දී රුපියල් විස්සකට බිත්තරයක් ලබාදීමට හැකි බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන මහතා පවසයි
බිත්තරයක මිල අද වන විට රුපියල් 58 ක්,60ක්,65ක් ,වශයෙන් හිතූ හිතූ මිලට අලෙවි කරමින් පාරිභෝගිකයා ගසා කන බවත් පවසන ඔහු බිත්තර මිල අධික ලෙස ඉහළ යාම සමස්ත බේකරි නිෂ්පාදනයට ම ද විශාල වශයෙන් බලපාන අතර පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට හේතුවක් වන බව ද ඔහු කියා සිටී .
බිත්තර නිෂ්පාදකයන් හත් අට දෙනෙකු සංවිධානාත්මකව බිත්තර මිල වැඩි කරන බව පවසන ජයවර්ධන මහතා බිත්තර නිෂ්පාදකයන්ට ජනතාව සූරා කන්නට ඉඩ දී රජය නිහඬව බලා සිටිනවා ද යන්න ප්‍රශ්න කර සිටින බවද පවසයි.
සාමාන්‍යයෙන් බිත්තරයක් නිෂ්පාදනය කිරීමට මාස හතක් පමණ ගත වන බවත් බිත්තර මිල දරා ගත හැකි වන අන්දමට බිත්තර මිල අඩුවන තෙක් බිත්තර ආනයනය කර ජනතාවට සහන සලසන ලෙස සංගමය ඉල්ලා සිටින බවද ජයවර්ධන මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම අදහස... නරකද තමුන්ගේ අම්මා, අප්පාවත් ඉන්දියාවෙන්ම ගෙන්න ගත්තා නම්...මෙයා කියන හින්දා නරකද අපි සියලු බේකරි නිෂ්පාදන ඉන්දියාවෙන්ම ගෙන්නුවානම්?
ආනයනය කරන විට ඩොලර් වැයවන බව ඇත්ත. නමුත් අසාධාරණ ලෙස පාරිභෝගිකයන් සූරා කෑමට ඉඩ දෙන්නත් බැහැ
අන්න කලොත් නියමයි ඉන්දියාවෙන් බිත්තර ගෙන්වමු.
අපේ රටේ ගෙවල්වල හැමෝටම වගේ ගෙවත්තක් තියෙනවා. ගම් කිකිලියෝ හතර පස්දෙනෙක් හැදුවනම් කුකුල් කෑම් ඕනත් නැහැ. බිත්තර ලැබෙනවා. නරකද වැඩේ පටන්ගත්ත නම්,
බිත්තර, පාන් බනිස් වැනි දේවල් වගේම අද වෙළඳ පොලේ බිස්කට්, යෝගට් දේවල් පවා සමාගම් කරුවන් විසින් හිතුමතේ දරාගත නොහැකි මට්ටමකින් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් සොයාබැලීමක් විය යුතු අතර සෑම ද්‍රව්‍යයක් සෑම භාණ්ඩයකම මිල ගණන් වැඩි කිරීම පිණිස පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය ලබාදීමේ ක්‍රමවේදයක් කඩිනමින් ඇති කිරීමට රජයේ අවධානය යොමුවිය යුතුයි...!
බිස්කට් වගේ බිත්තරත් වර්ජනය කරමු. බිත්තර කියන්නේ කල්තබා ගන්න පුළුවන් දෙයක් නොවී. සති දෙකෙන් විතර බිත්තර නරක් වෙනවා