(ජයන්ත සමරකෝන්)
රටවල් 48ක් සඳහා ලබා දී ඇති නොමිලයේ වීසා පහසුකම් වැඩසටහන ලබන ජනවාරි මාසය දක්වා ක්‍රියාත්මක බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මාසයක කාලයක් සඳහා ලබාදී ඇති මෙම ගාස්තු රහිත වීසා පහසුකම් ඉකුත් 1 දා සිට ක්‍රියාත්මක වේ.
සංචාරකයන් මාසයක කාලයකින් පසු නැවත සිය රටට යා යුතු වන අතර, තවදුරටත් මෙරට රැඳී සිටින්නේ නම් මුදල් ගෙවා වීසා ලබාගත යුතු බවද, ආගමන විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා පැවසීය.
මෙම ගාස්තු රහිත වීසා පහසුකම් ලබාදීම සිදුවන්නේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළ යටතේය.
COMMENTS
අයියෝ අයියෝ තාම මේ මිනිස්සුන්ට මොලේ පැදෙන්නේ නැති හැටි. පිටරටකින් ලංකාවට එන මිනිහට ඩොලර් 35ක් ගෙවලා වීසා එකක් ගන්න එක මහ විශාල දෙයක් නෙවෙයි. E Visa සිස්ටම් එක හොදටම හොදයි. කරන්න තිබුනේ දවස් 30ක් දෙන පලමු visa එක පවා online දීලා දවස් 30කට වඩා ඉන්න අයටත් දවස් 30, 60 සහ 90 වශයෙන් දීර්ඝ කරන එකත් online වලින්ම ගන්න පහසුකම් දෙන එකයි. එම දවස් ප්‍රමාණය අනුව ගාස්තු නියම කිරීම සහ ආරක්ෂක අංශ වල නිර්දේශ online ලබාගන්න ක්‍රමවෙදයක් සැදීම. එතකොට විදේශිකයන් ආගමන විගමනේ රස්තියාදු වෙන්නේ නැහැ. සංචාරකයෙකුට එක දවසක්වත් ආගමන විගමනේ රස්තියාදුවෙන්නේ නැතුව තමන්ගේ සංචාරය කරන්න පහසුකම් සලසන්න. එච්චරයි වෙන්න ඕනෙ. ටිකට් එකක් ඩොලර් 500 ට 600ට අරන් එන කෙනෙකුට ඩොලර් 100ක් දවස් 90කට ගෙවන එක මහ දෙයක් නෙවෙයි. මේකට දෙන්න ඕන option එකක් දවස් 30ට, 60ට සහ 90ට කියලා ගාස්තු ක්‍රමයක් සහ දින 90න් පසු ආගමන විගමනේට යන විදියට.
මේ ක්‍රමය දිගටම ක්‍රියාත්මක කළහොත් රටේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු වේවි .පහුගිය රජයෙන් කල එක මෝඩ වැඩක් මෙය .