(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ආණමඩුව විවිධ සේවා සමුපකාරයට කාරක සභිකයින් 198 දෙනෙකු තෝරා පත් කර ගැනිමේ ජන්ද විමසිමේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සභිකයින් 180 දෙනෙකු පත්කරගනිමින් විශීෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනිමට සමත් විය.
ආණමඩුව විවිධ සේවා සමුපකාර ප්‍රාදේශීක 22 ක් අතරින් කාරක සභිකයින් පත්කර ගැනිම සඳහා එම ඡන්දය පැවැත්විණි.
එහිදි මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිතව ශ්‍රි ලංකා පොදු ජන පක්ෂයේ කණ්ඩායම තරඟ කළේය.
එජාප කන්ඩායම කාරක සභිකයන් 18 දෙනෙකු පත් කරගැනීමට සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ල නි ප ගත්ත ප්‍රමාණය කොපමණද ?
සමුපකාර ඡන්දත් නවත්තන්න වෙන්නේ .
අපිට එජාපය දිනුවට කමක් නැත.බලන් ඉන්නේ නිදහස් පක්සේ ඡන්ද ගණන කීයද කියල.
මෙහෙමත් කෝලමක්. සමුපකාර ඡන්දයට ජාතික දේශපාලන පක්ෂ අදාල වන්නේ කෙසේද? පළාත් පාලන ආයතන වලටද ජාතික දේශපාලන පක්ෂ අදාල නොවිය යුතුය.
ශ්‍රී ල නි ප ගත්ත ප්‍රමාණය දන්නා කෙනෙක් කියනවනම් බොහෝ අගනි. පෙන්නේනේ 0 වක්.
පවතින ආණ්ඩුවේ ජනබලය දිනෙන්දින අඩුවෙනවා...
මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිතව විවිධ සේවා සමුපකාරයට තරඟ කිරීමේ තේරුම මොකද්ද? ඇයි අප හැම දෙයකටම දේශපාලන පක්ෂ ගාව ගන්නේ?