IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාර්තු මාසයේදී සංචාරකයන් පැමිණීමේ 2.5% ක බැස්මක්

(තිළිණි ද සිල්වා)


පසුගිය මාර්තු මාසයේ දී  ශ්‍රී ලංකාවට  පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2.5 %කින් අඩුවී ඇතැයි  ලංකා සංචාරක  අධිකාරිය සඳහන් කරයි. ඉකුත් මාසයේ විදෙස් සංචාරකයින් 188,076 දෙනෙකු පැමිණ ඇති  බව ශ්‍රි  ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත සටහනකින් වාර්තා වේ.

මෙය ඉකුත් වසරේ  මාර්තු මාසයේ දී මෙරටට පැමිණ තිබෙන මුළු සංචාරක සංඛ්‍යාව වූ 192,841 හා සැසඳීමේ දී 2.5 % ක පහළ යාමක් බව එම අධිකාරිය පවසයි.

මාර්තු මාසයේ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රටවල් ලෙසින් පිළිවෙලින් ඉන්දියාවෙන් 84,568 ක්,  චීනයෙන් 79,222 ක්, එක්සත් රාජධානියෙන් 59,137 ක්, ජර්මනියෙන් 42,390 ක් ලෙසින් වාර්තා වේ.

ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා ගතවූ මාස තුනේදී සංචාරකයින් 6,04,953 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ මුල් මාස තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී එය සියයට 3.4 සුළු වර්ධනයක් යැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කියා සිටී.  2016 වසරේ මුල් මාස තුනේදී විදෙස් සංචාරකයින් 5,84,818 දෙනෙකු පැමිණ ඇත.

ජනවාරි මාසය ආරම්භයේ සිට  මෙරට ප්‍රධානතම ගුවන් තොටුපළ වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථය නවීකරණය කිරීම සඳහා ගුවන්ගමන් කටයුතු සීමා කිරීමට සිදුවීම මෙලෙස සංචාරක පැමිණීම පහළ යාමට හේතුව වී  ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය  පවසයි.



අදහස් (0)

මාර්තු මාසයේදී සංචාරකයන් පැමිණීමේ 2.5% ක බැස්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site