(රංජන් කස්තුරි)
සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අලුත්ම තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව ලබන අඟහරුවාදා (25) හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවා ගතයුතු තීරණාත්මක පියවර පිළිබඳව සාකච්ඡා කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
සයිටම් කුණුකන්ද තමන්ගේ රජය විසඳූ බවට ජනාධිපතිවරයා ඉතා ආඩම්බරයෙන් ප්‍රකාශ කළ ද එය එසේ වී නැතැයි හෙතෙම සඳහන් කළේය.
සයිටම් ආයතනයේ පුහුණුව සහ ප්‍රමිතිය සතුටුදායක නොවන බව තාක්ෂණික වශයෙන් තහවුරු වී ඇති බව ද එම නිසා රජය පාර්ලිමේන්තු පනතක් මගින් සයිටම් ආයතනයේ සිසුන්ට විකල්ප විසඳුමක් ලබාදුන් බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
COMMENTS
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අභියෝගයට ලක්කරන්නට තරම් මේ අයට ඇති බලය මොකද්ද?
සයිටම් සිසුවිය ජයග්‍රහණය කරවමින් ලංකාවේ ඉහළම අධිකරණය අද ලබාදුන් තීන්දුව පැය කිහිපයක් ඇතුළත සියලු මාධ්‍යවලින් හකුලා ගත්තේ කාගේ කුමන්ත්‍රණයක්ද?
ප්‍රමිතිය ගැන දැනගන්න ඕනෑනම් ඔය ළමයින්ගෙන්ම අහන්න උපාධිය අවශ්‍ය සයිටම් එකෙන්මද කොතලාවලින්ද කියලා. එතකොට කාට කාටත් හරි උත්තරය හම්බ වෙයි. ඒකෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අපහසු වෙයිද මන්දා ?
මාෆියා කාරයින්ගේ ග්‍රහණයට හසුකර ගනිමින් බිඳ දැමුණු සයිටම් වෛද්‍ය පීඨයෙන් නිකුත් කළ වෛද්‍ය උපාධියට හිමි ගෞරවය මේ රටේ නීතියෙන් ලැබී තිබෙනවා. ගරු අධිකරණයට අපගේ ආචාරය පුදකර සිටිනවා. දොස්තර මාෆියා වෛද්‍ය ඒකාධිකාරය පවත්වාගෙන යාමේ පටු පරමාර්ථය ඇතිව සිදුකළ අසත්‍ය ප්‍රචාර හමුවේ හා මාෆියා කාරයින්ගේ බලපුළුවන් කාරකම හා තර්ජන, ගර්ජන හමුවේ දණ නැමූ මෙරට පාලකයින් ලබා දුන් විසඳුම, තුවාලයට ඇලවූ පැලැස්තරයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පරිබාහිරව පවත්වා ගෙන යන කොතලාවල වෛද්‍ය පීඨයේ පවතින ප්‍රමිතිය කුමක්ද? සයිටම් ආයතනයෙන් අන්තර්ග්‍රහණය කළ සිසුන්ට අධ්‍යාපන පහසුකම් සැපයීමට ඔවුන්ට ආයතනික වශයෙන් පහසුකම් තිබේද? පිටරට සිසුන්ට පමණක් මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට හැකි වන්නේ කෙසේද? සයිටම් සිසුන්ට හා විදේශීය සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකිණීම සාධාරණද? කොතලාවල රෝහලේ ඇඳන් ගණන් කිරීමට ගියේ කවුද? වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය මනින්නේ, අඛණ්ඩව වසරක් පාසා සිසුන් බඳවා නොගැනීමේ පදනම මතද?
අධිකරණය රවට්ටන්න ලේසි නැහැ. සත්‍යය මිනිස්සු තාවකාලිකව වසන් කලාට සදහටම වල දාන්න බැහැ කොයි මොහොතක හෝ ඉස්මතු වෙනවා. ඒ කෙසේ වුවත් සයිටම් ආයතනය නම් බිත්ති ටිකත් බිමට සමතලා කරලයි මේ දුර්ජනයෝ පස්ස බලන්නේ.
මේ අය ඇත්තටම වෛද්‍යවරුන්ද? ..ඉරිසියාව ප්‍රධානයි
රවිඳු, ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියට අවශ්‍ය මුලික සුදුසුකම වන්නේ, විදේශ සිසුන්ට පමණක් වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම හා මින් ඉදිරියට ලාංකික සිසුන් බඳවා නොගැනීමේ පදනම මත සයිටම් සිසුන්ට පමණක් වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමයි. ඔය කියන මූලික සුදුසුකම සම්පුර්ණ කරන, මධ්‍ය මහා විද්‍යාලයකට පවා වෛද්‍ය උපාධිය පිරිනැමීමේ බලය පවරන්න අපේ රටේ දොස්තර අයියලා කිසි විටෙකත් පසුබට වෙන්නේ නැහැ. අනිත් කාරණය තමයි රෝගීන්ට තග දමා රෝගියාට ප්‍රතිකාර කිරීමත්, ලංකාවේ වෛද්‍ය අධයාපනයේම විශේෂ පාඩමක්නේ? ඔන්න ඕකට තමයි ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය කියන්නේ...
අධිකරණ තීන්දුවට අභියෝග කිරීමට සුදානම් වන වෛද්‍ය සංගමයට කරන්න පුළුවන් එකම දේ නැවත වර්ජනය කරමින් සෛටම් එකට කිසිම සම්බන්ධයක් නැති අසරණ රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්කිරීම පමණයි. එයට නිසි පිළිතුරුදීමට ජනතාව දැන් පෙළගැසිය යුතු කාලයයි.
මෙහි කොමෙන්ට් දමා ඇති සමහර උගතුන්ද සමග සියලුම `ඒ` ලෙවල් සමතුන්ට එම.බී.බී.එස්. සහතික පිරිනැමීම පුහුණුවක් නැතුවම සිදු කිරීම සුදුසුයි...
රටේ අධිකරණ පද්ධතියේ තත්ත්වය පෙන්නුම් කල තීන්දුවක්... වෛද්‍ය සභාව දුර්වල ප්‍රමිතිය ඔප්පුකර ආණ්ඩුව අහෝසි කළාටත් පසුව තව මොනවද? රංජා කිව්වේ ඇත්ත තමයි. ඔක්කොම ඩීල් ...
ලෝකයේ සහ ලංකාවේ පිළිගැනීමක් නැති සයිටම් උපාධිය අරගෙන උසාවිවල තමයි ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ..
රවිඳු හා බද්‍රානිගේ අදහස් අගය කරමි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය වරුන් ලෝකේ අනෙකුත් රටවල අය සමග සැසදීමේදී බොහොමත් පහල මට්ටමක බොළඳ මානසික තත්වයකින් සිටින අය බවට ඕනෑම කෙනෙකුට පෙනීයන්නේ ඔවුන් හැම ප්‍රශ්නයකදීම දුප්පත් රෝගීන් අමාරුවේ දාමින් වැඩ වර්ජන කිරීම් පමණක් තම රාජකාරිය බවට පත්කර ගෙන තිබීම නිසාය.