(නිශාන්ත කුමාර)
මහවැලි ගඟ හරහා ඉදිකර ඇති මහියංගන මහ පාලම ආසන්නයේ සිදු කරන නීතී විරෝධී වැලි ගොඩ දැමීම නිසා හානී වී තිබු පාලමේ ආධාරක කුළුණුවල පාදම කොටස කොන්ක්‍රීට් ආස්තර යොදා යළි පිළිසකර කිරීම මේ වන විට අරඹා ඇත.
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකෙරෙන මෙම කටයුතු සඳහා රුපියල් දෙකෝටි විසි හතර ලක්ෂ පනස් පන් දහස් අටසියයක (2 24 55 800) මුදලක් වෙන්කර තිබේ.
පාලම පිහිටි ස්ථානය ආසන්නයේ පසුගිය කාලය තුළ සිදුකරන ලද අනවසර වැලි ගොඩ දැමීම් හේතුවෙන් පාලම ස්ථානගත කර ඇති කුළුණු හයෙන් හතරකම අත්තිවාරම් කොටස් මතුවී තිබූ අතර දැඩි අනාරක්ෂිත තත්ත්වයේ පැවැතිණි.
සිදු වන පරිසර හානිය හා අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් මේ වන විට වැලි ගොඩ දැමීම නතර කර තිබේ.







COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.