IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නායයාමේ අවදානමක් හේතුවෙන් 335ක් ඉවතට

(සමන් පාලිත නානායක්කාර)

තද වර්ෂාව සමඟ නායයාමේ අවදානමක් මතු වූ බැවින් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටරත්මලේ සහ කහගොල්ලෙ පවුල් 77ක පුද්ගලයින් 335ක් ආරක්ෂිතව ඉවත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

පිටරත්මලේ වත්තේ පහළ කොටසේ පවුල් 23ක පුද්ගලයින් 95 දෙනෙකු පිටරත්මලේ අංක 2 විදුහලේද  කහගොල්ල වතුයායේ  පහළ කොටසේ පවුල් 54ක පුද්ගලයින් දෙසිය හතළිස් දෙනකු  කහගොල්ල දෙමළ විදුහලේද තාවකාලිකව රඳවා ඇතැයිද පිසූ ආහාර ඇතුළු සහන ලබාදීමට කටයුතු  කරමින් ඇතිබවද හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදාකළමනාකරණ අංශය පවසයි. කෙටි කාලයක් තුළ අධික වර්ෂාවක් ලැබීමත් සමග භූමියේ නායයාමේ පූර්ව ලක්ෂණ මතුවූ බැවින් මෙසේ පුද්ගලයින් පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.



අදහස් (3)

නායයාමේ අවදානමක් හේතුවෙන් 335ක් ඉවතට

සත්‍යවාදියා Friday, 20 December 2019 05:10 PM

දේවෝ වස්සතු කාලේන...

:       0       31

Mahee Saturday, 21 December 2019 02:17 AM

මුළු කඳුරටම නාය යනවා. අපේ රටේ ස්වාභාවික අලංකාරයටත්, ජනතාවටත්, සංචාරක කර්මාන්තයටත් පොදුවේ මුළු රටටත් විශාල හානියක්. දුර දිග බලා පිළියම් යෙදිය යුතු බරපතල ප්‍රශ්නයක්.

:       0       0

Champa Saturday, 21 December 2019 02:44 AM

වහිනවා වහිනවා ඉවරයක් නැහැ. වහින වැහිල්ල කොච්චරද කිව්වොත් කවදාවත් නැතුව පූජා භූමිත් යටවෙලා. කතරගමත් යටවෙලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site