බිඟුන් මේනක ගමගේ
සංවර්ධන නිලධාරී කාර්යක්ෂමතා කඩඉම් විභාගය තැපැල් වර්ජනය අවසන්වීමෙන් පසුව පවත්වන්නැයි සංවර්ධන නිලධාරී සංගමය ලිපියක් යොමුකරමින් විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත.
තැපැල් වර්ජනයෙන් පැන නගින ප්‍රායෝගික ප්‍රශ්න නිසා විභාගය කල්දමන බවට පෙර කළ නිවේදනය අවලංගු කර ජුනි 30 වැනිදා යොදාගත් පරිදිම විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව අද තීරණය කර ඇතැයි ද මේ නිසා විභාග අපේක්ෂකයන් ප්‍රශ්න රැසකට මුහුණ පා ඇතැයි ද සංවර්ධන නිලධාරි සංගමය පවසයි.
තැපැල් වර්ජනයට විකල්පයක් ලෙස අදාල අයදුම්කරුවන් සඳහා ඔන්ලයින් ක්‍රමය හරහා අයදුම්පත් ලබාගැනීමට කටයුතු සලස්වා විභාගය පැවැත්වීමට තීරණය කර ඇති නමුත් සියලූම රාජ්‍ය ආයතනවල එම තාක්ෂණික පහසුකම් නොමැති යැයි චෝදනා කරන එම සංගමය විභාගයට දින හතරක් ඉතිරි කර මෙසේ නිවේදනය කිරීමෙන් යහපත් හා නිරවුල් මානසිකත්වයකින් විභාගයට පෙනීසිටීමට අපේක්ෂකයන්ට හැකියාවක් නොලැබෙන්නේ යැයි ද කියයි.
එම නිසා මෙම කරුණු සැලකිල්ලට ගෙන විභාගය කල්දමා තැපැල් වර්ජනය අවසන් වූ පසු විභාග දෙපාර්තමේන්තු කාලසටහන අනුව ආසන්නතම දිනයක මෙම විභාගය පැවැත්වීමට කටයුතු යොදන්නැයි එම සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
879
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සංවර්ධන නිලධාරීහු කඩඉම් විභාගය කල් දමන්නැයි ඉල්ලති
M.G.N.P. රණවීර Tuesday, 05 January 2021 11:29 AM
මම සංවර්ධන නිළධාරී 3 ශ්‍රේණියේ සිට ගුරු සේවයට පැමිණි අතර එක් කොටසක් සඳහා පෙනී සිටින්නට අපේක්ෂා කරමි. ඒ සඳහා අවස්ථාවක් ලබා ගත හැකි ද?