IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


විදුලිබල මණ්ඩලය 17 වැනි දා අධිකරණයට කැඳවයි

 

 

 

(මනෝප‍්‍රිය ගුණසේකර)

 

ලංකා විදුලිබල මණ්ඩලය බදු වශයෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 19කට අධික මුදල විදුලිබල මණ්ඩලයේ දේපළ තහනම් කර අයකර දෙන්නැයි ඉල්ලමින් මහජන උපයෝගීතා කොමිසම ගොනු කර ඇති පෙත්සම සළකා බැලූ කොළඹ දිසා විනිසුරු ජයකී ද අල්විස් මහත්මිය ලබන 17 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියම කළාය.

මහජන උපයෝගීතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දන ලියනපටබැඳි මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ දිසා විනිසුරුවරිය එලෙස කියම කළාය.

මහජන උපයෝගීතා කොමිසම විසින් දිසා අධිකරණයට ඉදිරිපත් කොට ඇති පෙත්සම් 06 යේ වගඋත්තරකරු වශ්‍යයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නම් කර ඇත.

විදුලිබලය උත්පාදනය, සම්පේ‍්‍රෂණය හා බෙදාහැරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව මහජන උපයෝගීතා කොමිසමට බදු වශ්‍යයෙන් මුදල් ගෙවිය යුතු වුවත් මණ්ඩලය 2018 වර්ෂය සඳහා තමන්ට ගෙවිය යුතු රුපියල් 19,20,69,600/-ක බදු මුදල් නොගෙවා ඇති හෙයින් මණ්ඩලයේ දේපළ තහනම් කර අදාළ බදු මුදල් අයකර දෙන්නැයි පෙත්සම්කාර මහජන උපයෝගීතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දන ලියනපටබැඳි මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

 



අදහස් (1)

විදුලිබල මණ්ඩලය 17 වැනි දා අධිකරණයට කැඳවයි

Mahee Saturday, 15 September 2018 02:25 AM

ඉතාම හොඳ නඩුවක්. නිදි කිරාවැටෙන, රාජ්‍ය ආයතන ඇහැරවන්න නම් ආණ්ඩුවේම ආයතන විසින්ම ඔන්න ඔහොම නඩු දාලා හරි ඇහැරවන්න ඕනෑ. විගණකාධිපති, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතනත් ඔන්න ඔහොම පටන් ගත්තා නම් අපට පොලු තියන, හැමදාම පාඩු ලබන ආයතන ඇහැරවන්න පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 617 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 821 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 355 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site