IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


‘ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන විමට ඉල්ලා සිටියහොත් ඊට ඉඩ දෙනවා‘


(සුජිත් හේවාජුලිගේ )
 
ඒකාබද්ධ විපක්ෂය ස්වාධින වීමට ඉල්ලා සිටියොත් ඊට ඉඩ දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා  පැවසීය.
 
 ඒකාබද්ධ විපක්ෂයේ  මන්ත්‍රීවරුන්  ස්වාධින වෙනවා නම්  ඒ මන්ත්‍රීවරුන් ඒ බව සඳහන් කරමින් වෙන වෙනම ලිපි බාර දිය යුතු බවද ඔහු කීය.
 
 ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන්නේ නම් ඊට කිසිදු බාධාවක් නොකරන බව කී අමරවීර මහතා එසේ කටයුතු කිරීමට ඔවුන්ට  අයිතියක් ඇතැයිද ප්‍රකාශ කළේය.
 



අදහස් (6)

‘ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන විමට ඉල්ලා සිටියහොත් ඊට ඉඩ දෙනවා‘

sirimal Wednesday, 15 August 2018 12:37 PM

එහෙම වෙලා අනිත් කට්ටිය එක්ක ආණ්ඩුව පෙරලලා ඒ ගොල්ලන්ගේ කෙනෙක් බලයට ගෙනෙන්න කටයුතු කළොත් ඒකටත් ඉඩ දෙනවද? වහෙන් ඔරෝ මොනවටද? එකනේ වෙන්න යන්නේ. නියපොත්තෙන් කඩාදාන්න තිබුණු දෙයක් දැන් කැති පොරෝ වලින්වත් කොටලා දාන්න බැරිවෙන තැනටම ඇවිල්ලයි තියෙන්නේ...

:       41       2

pawanWednesday, 15 August 2018 01:49 PM

ජනතා බලය වෙන පැත්තකට ගිහිල්ලා කියලා ඔය සිරිමල්ට තේරෙන්නේ නැති එක ගැන කණගාටුයි. දැන් වෙලා තියෙන්නේ ජනතා බලය පාර්ලිමේන්තුවේ නියෝජනය නොවීමයි. ජනතා බලය නියපොත්තෙන් කඩන්නවත් පොරවෙන් කපන්නවත් බැහැ. ඒක තේරුම් ගන්න.

:       4       129

සතයපාල Wednesday, 15 August 2018 01:28 PM

අනේ, ඔව් ඉක්මණට ස්වාධීන කරවන්න. අපිටත් ඕනෑ කරන්නේ ඒකම වෙනවා දකින්න. පක්ෂයෙන් ඉල්ලා අස් වුණාම මන්ත්‍රීකම අහෝසි කරන්නත් පහසුයිනේ...

:       79       75

rohana Wednesday, 15 August 2018 04:06 PM

මම හිතනවා ජනතා බලය ආපහු හොරුන්ට දෙන එකක් නැහැ කියලා.

:       135       132

රවින් Thursday, 16 August 2018 08:04 AM

කකුල් දෙක දෙපැත්තේ තියාගෙන අස්වීමේ ලිපිය බාරදී ආපහු කොයි කකුලවත් උස්සන්න ඉඩදෙන්න එපා. යන කට්ටියට යන්න කියන්න. හැබැයි ආපහු එනු බෑ. පක්ෂත් හැදෙයි රටත් හැදෙයි. සමහර කට්ටිය ඉන්නවනේ පහුගිය අවුරුදු 10-15 ඇතුලත පක්ෂ වලින් යනවා ආපහු එනවා ආයි යනවා.

:       0       0

will Thursday, 16 August 2018 12:03 PM

කණ්ඩායමම ස්වාධීන වෙනවා වෙනුවට පොදුජන පෙරමුනේ මහ සභාවක් කැදවා ඒහි බලය තහවුරු කරගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 951 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site