IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිනමාහලේ මත්පැන්හල වැසේ

(ඩයනා උදයංගනී)
            
සිනමා ශාලාවල මත්පැන් අලෙවිහල් බලපත‍්‍ර ලබාදීම සඳහා ජාතික චිත‍්‍රපට සංස්ථාව මගින් නිකුත් කරන නිර්දේශ ලිපි මින් ඉදිරියට නිකුත් නොකරන බවට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇත.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැළකිල්ලට ගෙන තිබේ.

ජාතික චිත‍්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීමෙන් පසු මුල් අවධියේදී සිනමා ශාලාවල මත්පැන් අලෙවිසැල් ස්ථාපිත කිරීම සඳහා සංස්ථාව මැදිහත් නොවූ නමුත් පසුකාලීනව මත්පැන් අලෙවිසැල් පවත්වා ගෙනයාම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට සංස්ථාව මගින් නිකුත් කරන නිර්දේශ ලිපියක් ලබාදීම අවශ්‍ය විය.

සිනමාශාලා තුළ මත්පැන් අලෙවිසැල් පවත්වාගෙනයාමෙන් ඒ වෙත පැමිණෙන ප්‍රේක්‍ෂක සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්‍ෂා කළ ද මත්පැන් හා දුම්වැටි භාවිතා කරන්නන් හේතුවෙන් ප්‍රේක්‍ෂකයන් අපහසුතාවට පත්වීම නිසා පැමිණෙන ප්‍රේක්‍ෂක සංඛ්‍යාව අඩුවන බව පෙනී ගොස් ඇතැයි අමාත්‍යවරයා ඇමැති මණ්ඩල රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබේ.

ඒ අනුව ගුණාත්මක සිනමා කර්මාන්තයක් බිහිකිරීමේ පියවරක් ලෙස මෙන්ම මතින් තොර රටක් ගොඩනැගීමේ ජාතික වැඩසටහනට දක්වන දායකත්වයක් ලෙස මෙම පියවර ගැනීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා ඇමති මණ්ඩලය හමුවේ ප‍්‍රකාශ කර ඇත.



අදහස් (4)

සිනමාහලේ මත්පැන්හල වැසේ

du Wednesday, 08 May 2019 12:23 PM

හොඳ පියවරකි.

:       130       85

KamalWednesday, 08 May 2019 02:18 PM

සිනමාශාලාවලට ආදායම ලැබුණේ ඔය බාර් එක නිසා තමයි. චිත්‍රපට බලන්න මිනිස්සු එන්නේ අඩුවෙන්. ඒකත් වැහුවොත් සිනමා ශාලාව වැහෙනවා. එතකොට චිත්‍රපටිත් ඉවරයි...

:       82       205

ranjith Wednesday, 08 May 2019 03:42 PM

හොඳ පියවරක්... සිනමාහල් වල මෙම ජාවාරම මගින් මුදල් හොයන එක මහා අපරාධයක්...

:       13       57

dhamneth Thursday, 09 May 2019 06:05 AM

ඉතා හොඳ පියවරක්..... චිත්‍ර නරඹන අයට නිදහසේ ඒවා නැරඹීමට ඉඩ සලසාදිය යුතුයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site