( +++ නාලක සංජීව දහනායක)

රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ඔවුන්ගේ ආත්ම ගරුත්වය හා වෘත්තීය ගරුත්වය ආරක්‍ෂවන ආකාරයට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් පෙරේදා (12) පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන්ට අවවාද කර ඇත.

අමාත්‍යවරුන් කිසියම් සාකච්ඡාවකට හෝ සමුළුවකට සහභාගි වීමේදී අදාළ විෂය සම්බන්ධයෙන් දැනුවත්වී පූර්ව සූදානමකින් යුතුව යා යුතු බවද ඔවුන් දෙදෙනා අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ.

පුද්ගලික අරමුණුවලින් තොරව ජාතික අරමුණු වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කර ගැනීම සඳහා රජය සෑම විටකම පෙනී සිටින බවද ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල හමුවේදී පවසා ඇත.