(මුදිතා දයානන්ද)
කොළඹ මාර්ග තදබදය අවම කිරිම හා මගී ජනතාවට වඩාත් යහපත් ප්‍රවාහන සේවාවක ලබාදීමේ අරමුණ ඇතිව ජපන් ණය ආධාර යටතේ ගිවිසුම් ගතව ආරම්භ කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරිම නිසා ඒ වන තෙක් දරන ලද රුපියල් කෝටි 597. 8ක මුදල අපතේ ගොස් ඇතැයි එම ව්‍යාපෘතිය අවලංගු කිරිම සම්බන්ධයෙන් කරන ලද විශේෂ විගණනයකදී අනාවරණය වී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.
ඉහත වියදමට අමතරව එතෙක් සපයන ලද උපදේශක ගාස්තුද ඇතුළත්ව, කිසිදු පූර්ව සාකච්ඡාවකින් තොරව ව්‍යාපෘතිය අවලංගු කිරිම නිසා සිදුවන අලාභය වෙනුවෙන් ජපන් උපදේශක සමාගම රුපියල් කෝටි 516ක් ඉල්ලා ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
එම මුදල නොගෙවන්නේ නම් අනාගතයේ එම සමාගම බේරුම්කරණ නඩුවකට ගිය හොත් සම්පූර්ණ උපදේශන ගාස්තුව හා වන්දි මුදලක් ආදී ලෙස තවත් විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවද එහි සඳහන් වේ.
එසේම මෙම ව්‍යාපෘතිය ආරම්භයේදීම පෙර ගෙවුම් ගාස්තුවක් ලෙස ජපන් යෙන් 60,080,000 (රුපියල් කෝටි 10.4ක) මුදලක් ව්‍යාපෘතියට යොදවා ඇති බවද ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වු පසු එම මුදලින් සියයට පනහක් ආපසු ගෙවනු ලබන බවද ව්‍යාපෘතිය අතරමග නැවතීම නිසා එසේ යෙදවූ පෙර ගෙවුම් ගාස්තුව අනර්ථකාරි වියදමක් වී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකා රජය 2016 දී ජපන් රජයෙන් කළ ඉල්ලීමක් පරිදි මෙම ජපාන ජාත්‍යන්තර සහයෝගිකා ආයතනයෙන් (ජයිකා) මෙම ණය මුදල වසර දොළහක සහන කාලයක් සහිතව වසර හතලිහකදි ගෙවීමට සහන පොලී පදනමක් යටතේ ලබාදී ඇති බවද එසේ තිබියදී ව්‍යාපෘතිය අවලංගු කිරිමට කිසිදු පිළිගත හැකි හේතු දැක්වීමක් සිදුකර නැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය අවංගු කර තිබෙන්නේ 2020 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අනුවය.
අමාත්‍ය මණ්ඩල සංදේශවලට අදාලව මහාභාණ්ඩාගාරය සිය නිරීක්ෂන ඉදිරිපත් කිරිමේදි එම සංදේශ මගින් අපේක්ෂා කරන තීරණ සඳහා සහයෝගය දැක්වීමෙන් ඔබ්බට සිය ස්වාධීන වෘත්තීමය නිරීක්ෂන ලබාදීමට උපරිම ප්‍රයත්න දැරිය යුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.
මෙම කරුණු ඇතුළත් වි තිබෙන්නේ ජපන් සැහැල්ලු දුමරිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව 2022 නොවැම්බර් මස නිකුත් කළ විශේෂ විගණන වාර්තාවකය.
COMMENTS
කැබිනට් අනුමැතිය ඉල්ලා සංදේශය ඉදිරිපත් කල හිටපු ඇමතිවරයා ගෙන් සියයට විසිපහකුත් එවක කැබිනට් ප්‍රධානියා ගෙන් සියයට විසිපහකුත් අනෙක් සියලු අයගෙන් ඉතිරියත් අයකිරීමට කටයුතු කරන්න. මෙහෙම වගකීමක් නොමැතිව වැඩ කලේ දේශපාලන හේතු නිසා නම් යෝජනා කල පක්ෂයේ යෝජනාව ගෙනා අයට ජීවිතාන්තය දක්වා ජනතා මුදල් නාස්තිය වෙනුවෙන් සිර දඩුවමක් දියයුතුය. කෙනෙක් නැත්නම් පක්ෂය හා පක්ෂයට ඈදාගෙන සිටි සියලු පක්ෂ තහනම් කරන්න ඕන. රටේ ජනතා මුදල් නාස්තිය දූෂණය හොරකම් වංචා කරන දේශපාලුවො හා වැරදි කරන නිළධාරින්ටද දඩුවම් නොදුන්නොත් කිසිදාක රට හදන්න බැහැ. දැන්වත් රටේ චින්තන දැක්මවල ඉවත දමා ජාතික ප්‍රතිපත්ති සැකසීම කරන්න සියලු දෙනාටම කල්පනාවක් ඇතිවේවා.
ඇත්තටම මේ ව්‍යාපෘතිය කළා නම් අද වාහන තදබදය බොහෝ දුරට අඩුයි. මේකට විරුද්ද වුනේ ඔය වියත්තු කියන කෙස් පැලෙන තර්ක දොඩවන අනුවණයන්. එදා මේ ව්‍යාපෘතිය ඒකපාර්ශ්විකව අවලංගු කිරීමට මහා උනන්දුවෙන් කටයුතුකළ ලලිතසිරි ගුණරුවන් මහා වියතාණන් කිව්වේ මේකෙන් කන්ටේනර් ගෙනියන්න බැරි නිසා මේ වැඩේ අවලංගු කරපු බවයි. අන්න දැන් එයාගෙන් අහන්න කියාවි ඔය සල්ලි ගෙවන විදිය ගැන මහා දැනමුත්තාගෙ මොලයෙන්.
ඔන්න තවත් ගෝඨා සහ ලලිතසිරි ගුණරුවන් එකතුවෙලා කරපු මහ විනාසයක්. මුන් බෙන්ස්වල යති අපි බස්වල දුක් විඳිමු. එහෙම කරනකොට මිනිස්සු ඇවිත් ගෙවල් ගිනිතියන එක පුදුමයක් නොවේ. අපට අපේ ජීවිත කාලයටම සැහැල්ලු දුම්රියක් දකින්න ලැබෙන්නේ නැහැ.
අර රට කාපු විරුවගෙයි ,කියත්මගේ උන්දලගෙයි ඔල මොට්ටල තීරණ තමයි මේ , වෙනවෙනම නඩු දාලා මේ අලාබය අයකරගන්නා ඕනේ ඒ ගොල්ලොනෙන්ම.
ඇති යාන්තන් කෝටි 597යිනේ. අපි හිතුවේ පාඩුව කෝටි 600 කියලයි. කෝටි 3ක් බේරා දුන්නාට බොහොම ඉස්තුතියි සෑර්.
දේශපාලකයින්ට නීති අදාල නොවීම නිසා තමයි මේ වගේ තීරණ අරන් තියෙන්නේ... චීනයෙන් ගත්තු ගිනි පොලී ණයවලට කොමිස් ලැබෙන හින්දා ජපානයේ ව්‍යාපෘතිවලට අකමැති වුණා. චීනයෙන් ලැබුණු අසූචිවලිනුත් කොමිස් ගහපු අයනේ... ජපානය වගේ රටවල් ඔය හොර වැඩවලට කැමැති නෑ.
මේ අලාභය වැරැදි තීරණ ගත්තු අයගෙන් අය නොකරන්නේ මොකද?
මෙලෝ හසරක් නැති ලක්ෂවලට විතරක් බෙදිලා තමන්ගේ මල්ල පුරවාගන්න විතරක් අර අඳින මැතිඇමැතිවරුන්ගේ බොහෝ තීරණ මේවගේ රටට හානිකර ඒවා විය හැකියි. වියතුන් පාර්ලිමේන්තු යැවීම ජනතාවගේ කාර්යයකි. ජනතාවද තම තමන්ගේ චූටි චූටි වාසිවලට ඕනෑම කෙනෙකුට ඡන්දය දෙන රටක හෙට හොඳ වේ යැයි කාට නම් කිව හැකිද?
රට හදන්න හිතාගෙන මිනිස්සු පිටරට වලින් පවා ඇවිල්ලා ඡන්දෙ දීලා ගෙනාපු මනුස්සයා අන්තිමට මුලුරටම අවසාන කළා. අනේ මෙහෙම ගොන්නු ඉන්න රටක්...
ජපානය තරහා වුණේ මේකෙන් තමයි... චීනය, ඉන්දියාව වගේ නෙවෙයි, ජපන්නු අපිට කවදත් ගොඩක් හිතවත් ජාතියක්.. කිසිදෙයක් කඩාවඩා ගන්න බලන් උදව් කරලා නැහැ. කවදාවත් එහෙම මිනිස්සුන්ව තරහා කරගත්තේ කොමිස් පප්පො ටික එකතු වෙලා ලංකාවට ඉතාවටිනා ව්‍යාපෘතියක් නැති කරලා දාලා.
ඕක අවලංගු කලේ ඔය දුම්රියට බඩු පටවන්න බැහැ කියපු අර අමන ලලිතසිරි කියන මහාචාර්යයයි සියල්ල දත් නන්දේ කියන මීහරකයි එකතු වෙලා. චීන කොමිස් ගහන්න චීන ප්‍රොජෙක්ට එකක් ඒ වෙනුවට පටන් ගත්තා. ඔය දඩ මුදල් උන්ගෙන් අයකරගනිල්ලා.
ඔය කියන වැඩේ නැවැත්තුවේ රටේ මිනිස්සු නෙමේ උන් පත්කල දේශපාලුවෝ. එනිසා එමකාලයේ මේ මොඩ තීරන ගත් උන්ගෙන් අයකරගන්න. රටට බරක් නොකර.
මේ වගේ දේවල් කොලබට ගැලපෙන්නේ නැ. මේවා ඕනේ අපේ හම්බන්තොටට. ලොව විශාලම දේවල් හම්බන්තොට හැදුව නම් අපි ගොඩ.
ඒ කාලේ ටී.වි. වල පඩෂෝ දාපු ලලිතසිරි ගුණරුවන් කියන පණ්ඩිතයලා තමයි ඕවට වග කියන්න ඕනි.
ජනාධිපති වෙලා කළ හරිය තමයි ඔය. ඔය කට්ටියගෙන් රටට වෙච්චි හානිය අයකරගන්න ඕනේ. මේ ලස්සන රට විනාශ කළා.
අපේ රටේ දුෂිත හා මෝඩ නිලධාරීන් හා පාලකයෝ හැමදාම කලේ ඔහොම තමයි.
මේ දෙය කලේ ජනතව නොව ඔවුන් බලය දුන්නත් දුරදිග නොබලන පාලකයන්. .එනිසා මෙයත් ජනතාව මත නොපටවා වැරැද්ද කලවුන්ගෙන් අයකරගන්න.
This was cancelled because the back side of the cabinet was magnetised. Entire loss should recover from the cabinet who decided the cancellation. It's fair to pass on the loss to the people who voted for the then government and not from the people who did not vote for them.
ඊට සුලු පොලියකට ණයක් අරගෙන චම්පික කරන්න ගිය වැඩේ මෝඩ ගෝතා කෑවා.
Its very sad (අපේ මෝඩයන්ගේ තරම තේරෙනව නේද?)
මෙවැනි මන්දබුද්ධික අමන තීරන ගනුලබන දේශපාලුවන්ට එරෙහිව නිසි පියවර නොගතහොත් මෙවැනි දේ ඉදිරියටත් සිදුවනු ඇත
ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සුන්ට හොඳ පාඩම්... නන්දසේන රටට කළ විනාශයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ.
‘‘සැහැල්ලු දුම්රිය‘‘ ගැන කතාකෙරුවා විතරයි, රුපිටල් කෝටි 597ක් වතුරේ...! කොහොමද මාටියා ගැහිල්ල? පොහොට්ටුවෝ අතගහපු හැම දෙයක්ම ඔහොම තමයි...!
මේකට කියන්නේ ‘‘රාජපක්ෂ‘‘ වසංගතය කියලනේ... රටත්, රටේ ධනයත් වඳවෙනවා හැරෙන්න වෙන කිසිම සිදුවීමක් නොමැත..!
ඕක යන්නේ උඩින්. ඒක නිසා උස රේල් ගෙට්ටු ඕනෑ. නගින්න ඉනිමං ඕනෑ.
මේකෙ කවුරුත් දන්නේ නෑ... මේකෙන් ගහන්න හදපු තරම ...
එක මුල් ගලක් නොතියා ඔයතරම් පාඩුනම් හැදුවා නම් කොයිතරම් පාඩු වෙයිද? ව්‍යාපෘති ගේනවා.. මිනිස්සු දාලා එපා කියවනවා... ගාණ කපාගන්නවා. සාමාන්‍ය මිනිස්සු නැතිනම් කවුරු හරි කුලී කාරයෙක් හොයාගන්නවා... මේක මරු වැඩේ...
නන්දෙගේ සෞභාග්‍යයේ දැක්මේ තරම.. රටම වළපල්ලට වැටුණු එකයි අන්තිමට සිදු වුනේ...
ජෙප්පන් එක්ක කොමිස් ගන්න බැරි නිසා කියත් මගේ අය දාලා වැඩේ අල කළා...
මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීමට කව්රුත් කතා නොකරන තව එක් හේතුවක් .මෙය භාරව සිටි ඇමතිවරයා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වල උඩින් යන දුම්රිය මාර්ගයේ සේයාරූ භාවිතා කර තිබුනා.මෙය දේශපාලන විරුද්ධවාදීන් ගේ ඇසේ කටු ඇනුනා වගෙයි.ලංකාව වගේ නොදියුණු රටවල මේවා සාමාන්‍යය කරුණු. කාගේ කාගේ හෝ වරදින් ජපානයෙන් ලැබෙන්න තිබූ අඩු පොලි ණය මුදල් අහෝසි වුණා.ජපනා තරහා වුනා.දැන් රජයට අලුත්ම ඇමතිවරයකු පත් කර ජපනා සමග කතා කර නැවත මෙය ඇරඹිය හැක.
සාටක පවුල කරපු දේවල් වලින් රට විනාස වෙලා.
මේවා අහෝසි කරන්න උපදෙස් දුන්නු නිලධාරීන්ට විරුද්ධව නඩු දමන්න බැරිද?
සැහැල්ලු දුම්රිය වීතරක්ද? මැදමූලනේ රොකට් කාරයාගේ රොකට් යැවිල්ලෙනුත් ඩොලර් කොපමණ පාඩු වුණාද? යැව්වා කියන රොකට් එකට වෙච්වි දෙයක් නැහැ.
තනිතීරණයට මෙය අවලංගු කරලා ශ්‍රී ලංකා රජයට ඉමහත් පාඩුවක් කළ විගණකාධිපති වාර්තාව අනුව වගකිව යුතු පුද්ගලයා අත්අඩංගුවට ගෙන නීතියෙන් උපරිම දඬුවම් දෙන්න.
ලංකා ඉතිහාසයේ රට බංකොලොත් කල මහා විනාශකාරයා හෙවත් ඝෝඨාභය රාජපක්ස මීට වග කිව යුතුයි.
මේ මුදල් අනිවාර්යයෙන්ම එදා මේ ගිවිසුම අවලංගු කළ ගෝඨාභය සහ කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාගේ පෞද්ගලික මුදලින් අයකරගත යුතුයි. මේ ගොන් තකතීරු වැඩවලින් ජපානය තහර කරගත්තා. අපිට ඉතිහාසය පුරාම උදව් කළේ ජපානය.
රටේ අවාසනාවට ජනතාව පත්කරගන්න උද්දච්ච තක්කඩි නායකයෝ නිසා රට එන්න එන්නම පිරිහෙනවා .මාලදිවයින පුංචි රටක් .ජනගහනය ලක්ෂ 5 ක් විතර .ඒ උනාට ලක්ෂ 15 විතර සංචාරකයෝ ගෙන්වා ගන්නවා.ඉතින් ඒවගේ රටවල් දියුණු වෙනවා .බලාගෙන ඉන්න එද්දී .අපේ රටේ කාලකන්නි පාලකයන්ගේ හොරකම නිසා රට විනාශ වෙනවා
ණය බර කිය කිය කැගහපු කටිටිය මේක හොදයි කියනවා. මේකේ මුල්‍ය විශ්ලේෂණය අනුව මේක පාඩු ව්‍යාපෘතියක් රජයට විශාල වැය බරක් දරන්න වෙන හෝ එක්කො මිනිස්සුන්ට දරන්න වෙන. මේක ගැන හරි පැහැදිලි කිරිමක් ගුණරුවන් කරන්න ධනැ. මේවා රජය නෙමෙයි කරන්න ධනැ පුද්ගලික ආයෝජකයන්. මීට වඩා තදබදය අවම කරන්න ලාබදායි ක්‍රම තියෙනවා.
දැන් සැපද ?
දැන් මේ සල්ලි කන්දරාව කාගේ ගිණුමට බැරවෙලාද.?
ඕක නවත්තන්න කියලා උපදෙස් දීපු අයගෙන් ඔය මුදල අය කරන්නයි තියෙන්නේ...