ඩයනා උදයංගනී
ඉකුත් වසර 7ක කාලයේ දී මෙරට ඇතිවූ ගංවතුර හා නායයෑම් වලින් සිදුවූ ආර්ථික හානිය සුනාමියෙන් සිදුවූ ආර්ථික හානියටත් වඩා වැඩි බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල පවසයි.
සුනාමියෙන් සිදුව ඇති ආර්ථික හානිය රුපියල් බිලියන 217.5ක් වන අතර 2010 වසරේ සිට 2017 දක්වා ඇතිවූ ගංවතුර හා නායයෑම්වලින් සිදුව ඇති හානිය රුපියල් බිලියන 289ක් වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ මෙරට උපදේශකවරයකු වන යූ.එච් චන්ද්‍රදාස මහතා පැවසීය.
ඒ අනුව 2010 වසරේ සිදුවූ ගංවතුර හා නායයෑම් විපත්වලින් රුපියල් බිලියන 5ක්, 2011 දී රුපියල් බිලියන 77ක්, 2016 දී රුපියල් බිලියන 99ක් හා 2017 දී රුපියල් බිලියන 70.2ක් හානි වී ඇතැයි ද ගණන් බලා ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම ආපදා අවම කිරීම දුෂ්කර නමුත් ආපදා හානි අවම කරගත හැකි බව කී චන්ද්‍රදාස මහතා ඒ වෙනුවෙන් වූ විශේෂ රාමුවක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා එක්ව ඉදිරිපත් කර තිබෙන බව ද කීවේය.
ආපදාවලින් සිදුවන මරණ හා හානි අවම කරගැනීමේ වැඩපිළිවෙළක් ඇතුළත් එම රාමුව ආපදා අවම කිරීමේ සෙන්දායි රාමුව ලෙස නම් කර ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
එතකොට ජනාධිපති තුමා කිව්වා නේද ගංවතුරෙන් දල ජාතික ආදායම වැඩි වෙනවා කියලා.
මහ බැංකුවට කල පාඩුවට වඩා හානියක් ඉතිහාසයේ තියනවද? සුනාමි, ගංවතුර හා නායයෑම් ස්වාබාවික විපත්.
අඩුම ගානේ ලංකාවේ මොනම ආණ්ඩුවක්වත් එහෙම ජාතික ආපදාවලදී රටේ ආර්ථිකයට වන හානී ගණන් බැලීමකට ලක්කර වාර්ථාවක් හදනවද කියා ප්‍රශ්ණයක්. එහෙම නැතත් මේ වගේ වාර්ථාවක් පදනම් කර මෙවැනී ස්වභාවික ආපදා මගින් වන හානිය අවමකර ගන්න හා එයින් රටේ ආර්ථිකයට හා සමාජයට වන පාඩුව අවම කර ගන්න කිනම් හෝ උත්සාහයක් වැඩ පිලිවෙලක් හෝ ක්‍රියාමාර්ගයක් ගත් බවට හෝ ගන්නා බවට පෙනෙන්නට නැත.
අහිංසක මිනිසුන්ට ලැබුණ සුනාමි ආධාර පවා හොරකම් කල මිනිස්සු සිටින රටක් මේක.